Friday 11 January 2013

ශ්‍රී සුධර්මෝදය මහා පිරිවෙන් විහාරස්ථානය - බණ්ඩාරවෙල

 බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි විහාරස්ථානයකී. පිරිවෙනකි, ශ්‍රී සුධර්මෝදය මහා පිරිවෙන් විහාරස්ථානය. මෙම පිරිවෙන් විහාරස්ථානයේ ආරම්භය 1957 ජුනි 10 වන දින බව (ඌව විහාර වංශය, 147 වන පිටුවේ සදහන්ය) පැවසේ. විහාරස්ථානය හා පිරිවෙන ඒකා බද්ධව පවති. එසේම මුළු මහත් ඌව පළාතටම ඉමහත් කර්තව්‍යයක්, මෙහෙවරක් ඉෂ්ඨ සිද්ධ වෙන පිරිවෙනකී.

 බණ්ඩාර‍වෙල නගරයේ සිට දකුණු කැබිල්ලේවෙල දක්වා පැමිණිමෙන් මෙම පිරිවෙන් විහාරස්ථානයට පැමිණිය හැකි අතර, බණ්ඩාරවෙල නගරයේ සිට පූනාගල මාර්ගයේ ගල් වල හංදියෙන් ද , බණ්ඩාරවෙල නගරයේ සිට ඇල්ලතොට දක්වා ගොස් දකුණු කැබිල්ලේවෙල මාර්ගයේ ද ගමන් කර මෙම විහාරස්ථ පිරිවෙනට ලගා විය හැක.



No comments:

Post a Comment