Thursday 2 May 2013

නිශ්ශංක ලතා මණ්ඩපය - පොලොන්නරුව

නිශ්ශංකලතා මණ්ඩපය, පොලොන්නරුවේ දළදා මළුවේ පිහිටා ඇති ගොඩනැගිල්ලකී. පිපිගෙන එන නෙළුම් පොහෙටේටු ආකාරයට සැකසු  ගල් කණු වලින් හෙබි මධ්‍යයේ කුඩා දාගැබක් සහිත ගල් වැටකින් වටවුණු ස්ථානයකී.

මෙම ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජු විසින් ඉදි කරන්නට ඇති බවට  විශ්වාස කරන අතර, නිශ්ශංකමල්ල රජු පිරිත් වලට සවන් දුන්නේ මෙම ස්ථානයේ සිටයැයි පැවසේ.

මෙහි ඇති කුඩා දාගැබ මුදුණේ ඇති දාගැබේ කොත වෙනුවට දාතුන් සහිත කරඩුවක් තැම්පත් කර තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

එසේම කණුවල ලිපි කිහිපයක්ද දක්නට ලැබේ. මධ්‍යයේ ඇති දාගැබ වටා වන්දනා කරුවන්ගේ රූප නෙලා ඇත.




ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

No comments:

Post a Comment