Tuesday, 30 July 2013

ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය - උඩුනුවර

මහනුවර සිට කොළඹ නුවර මාර්ගයේ පිලිමතලාව සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර් 5 1/2 ක් පමණ ගිය විට හමුවන හියාරාපිටිය නම් ගම්මානයේ, ඇති පන්හල්ගල නම් පර්වතයේ ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය පිහිටා ඇත. මෙම විහාරස්ථානය අයත් වන්නේ උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයටයි.

මෙම විහාරස්ථානය ගම්පොල යුගයට අයත් වන අතර ක්‍රි:ව: 1344 දී පමණ බුවනෙකබාහු රජුගේ ඇමතියෙකු වු සේනාධිලංකාර විසින් කරවන ලද්දකී.

ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරස්ථානය බුද්ධ හා හින්දු සිද්ධාස්ථානයකී. මෙසේ පැවසීමට හේතුව වන්නේ, නැගෙනහිර දෙසට වන්නට බුදු පිළිම සහිත බුදු මැදුර පවතින අතර බටහිර දෙසට වන්නට හින්දු දේවස්ථානයක් ඇති අතර එම බුදු පිළිම ගෙය සහ හින්දු දේවස්ථානය එකම ගොඩනැගිල්ලේ ඇති අතර බිත්තියකින් එය වෙන්වේ.

පිළිම ගෙය, බෝධිය ගල් තලාව උඩ පිහිටා ඇති අතර ගල්තලාව පාමුල සංඝාවාස ආදි ගොඩනැගිලි පිහිටා ඇත. පිළිම ගෙය, චෛත්‍යය සහ බෝධිය පිහිටා ඇති ගල් තලාවේ සෙල්ලිපි දෙකක්ද දක්නට ලැබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.09 දිනයි.

වාහල්කඩ

බෝධිය

තවත් බෝධියක්


චෛත්‍යය

පිළිම ගෙය

පිළිම ගෙය

පාදොණියක්

බුදු පිළිම වහන්සේ

හිටි බුදු පිළිම වහන්සේ

බිතු සිතුවම්

බිතු සිතුවම්

බිතු සිතුවම්


සෙල් ලිපිය

සෙල් ලිපියේ අක්ෂර


පිළිම ගෙය

පිළිම ගෙය

තවත් බෝධියක්

No comments:

Post a Comment