Sunday 28 October 2012

Sri Sumanassamaya - Bandarawela

ශ්‍රී සුමනාශ්‍රමය - බණ්ඩාරවෙල

බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, එගොඩගම ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇති විහාරස්ථානයකී.


චෛත්‍යයය
මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස බණ්ඩාරවෙල නගරයේ සිට හීල්ඔය/මකුල්ඇල්ල (කිතල්ඇල්ල) මාර්ගයේ පැමිණ අම්පිටිය හංදියේ සිට මැදපේරුව මාර්ගය හරහා එගොඩගම; ශ්‍රී සුමනාශ්‍රමයට පැමිණිය යුතුයි. දර්ශනිය වෙල් යායක් ආසන්නයේ පිහිටි අභිනව විහාරස්ථානයකී.


මෙම විහාරස්ථානය පුජ්‍ය මැද්දේවිල පියතිස්ස ස්වාමින් වහන්සේ

බෝධින් වහන්සේ
වෙතට එගොඩගම ග්‍රාම වාසින් විසින් තම ආගමික කටයුතු ඉටුකර ගැනීම පිණිස ප්‍රථමයෙන්ම ආවාස ගෙයක් ඉදිකර පුජා කරන ලදී. ඒ 1940 වර්ෂයේදී පමණ ගාල්ල ප්‍රදේශයේ ජාවත් වු පින්වත් ස්වාමින් වහන්සේ නමක්, එගොඩගම දැනට "මනතුංග නිවස" යැයි භාවිතා කරන නිවසෙහි වස් සමාදන්වීම සදහා කරන ලද ආරාධනාවක් පිළි ගෙන එම ස්වාමින් වහන්සේ එම නිවසේ වස් සමාදන්වුහ. එම වස් අවසානයේදී එම පින්වත්වු ස්වාමින් වහන්සේ ගෙන් එගොඩගම ග්‍රාමයේ වැසියන් විසින් කරන ලද ඉල්ලීමකට (ආරාධනයකට) අනුව ගාල්ල ප්‍රදේශයෙන් පැමිණ වස් සමාදන් වු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය ගරු මැද්දේවිල පියතිස්ස ස්වාමින් වහන්සේ බණ්ඩාරවෙලට වැඩම කර ගම්වාසින් විසින් සාදා දෙන ලද ආවාසයේ තවකාලිකව වැඩ විසිය.


බුදු මැදුර
(එසේ ආවාසයක් ඉදි කර තවකාලීකව වැඩ වාසය කරන ලද්දේ අද ශ්‍රී සුමනාශ්‍රමය ඇති ස්ථානයේ නොවේ. වෙනත් ස්ථානයකයි.) එගොඩගම ග්‍රාමයේ පදිංචි එම්.ඩි. සෝමලතා මහත්මිය සහ එම්.ඩි. ජුලියට් මහත්මිය (එවකට වයස අවුරුදු 16 සහ 14), එගොඩ ගම ග්‍රාමයට පන්සලක අවශ්‍යතාවය මැනැවින් තේරුම් ගෙන සිටි නිසා, ඔවුන් දෙදෙනාට අයත්ව තිබු කුඹුරු ඉඩම එගොඩගම ශ්‍රී සුමනාශ්‍රමය ඉදි කිරිම සදහා 1940 දශකයේදි පරිත්‍යග කර ඇත. ඉන් පසු එම කුඹුරු ඉඩමේ අද  එගොඩගම ශ්‍රී සුමනාශ්‍රමය ඉදි කර ඇති ස්ථානයේ ගරු මැද්දේවිල පියතිස්ස ස්වාම්න් වහන්සේට ආවාස ගෙයක්, එගොඩගම ග්‍රාම වැසියන් විසින් ඉදි කර දෙන ලදී.


බුදු පිළිම වහන්සේ
ගරු මැද්දේවිල පියතිස්ස ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් පසු ගරු මකුල්ඇල්ලේ නන්දසිරි ස්වාමින් වහන්සේගේ මහත් කැපවීම මත විහාරස්ථානය අද දියුණුවට පත් කර ඇත. මුලදී ආවාසගෙය පමණක් තිබුනද අද බුදුගේ, බෝධිය, දාගැබ, බණ ශාලාව, සංඝාවාසය ආදී අංගයන්ගෙන් සමන්විත විහාරස්ථානයකී.


පොහෝ දින වැඩ සටහන්, ඉරු දින දහම් පාසැල සහ සෑම සෙනසුරාදා දිනයකම පැවැත්වෙන බෝධි පුජා පිංකම සිදුවන්නේ ගරු මකුල්ඇල්ලේ නන්දසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනී. පොහෝය දිනයේදී සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙනුවෙන් කුඩාවට හෝ ධර්ම පුස්තකාලයක්ද පවත්වා ගෙන එනු ලැබේ.


ගරු මැද්දේවිල පියතිස්ස
 ස්වාමින් වහන්සේ
2007 වර්ෂයේදි චෛත්‍යයේ වැඩ කටයුතු ආරම්භ කර 2010 වර්ෂයේදී කොත නිරාවරණ කල අතර, ධර්මශාලාව එගොඩගම ග්‍රාම වාසින්ගේ සහභාගිත්වය සහ විදේශ රටක පදිංචි මහත්මයෙකුගේ ආධාර ඇතිව අළුත්වැඩියා කර ඇත.

එසේම අද ශ්‍රී සුමනාශ්‍රමයේ වැදුම් පිදුම් කරනු ලබන බෝධිය: හත්තෑව දශකය වන තුරුම මෙම ප්‍රදේශයට ගමනා ගමන පහසුකම් නොතිබුණු අවධියක; මෙම ප්‍රදේශයේ ගල්ඇක්ක නමින් ප්‍රසිද්ධ වු බදුල්ල දුම්රිය මාර්ගයේ ඇති දුම්රිය පාලම ආසන්නයේ තිබු අලංකාරවුත් ගාම්භිරවුත් බෝධියකින් ලබා ගත් ශාඛාවක් මෙම ස්ථානයේ රෝපණය කෙරිනි. එහෙත්, විහාරස්ථාන‍ භූමිය සදහා තිබුණු එකම මාර්ගය මෙම බෝධිය පැලැය ආසන්නයේ වු බැවින්. එම බෝධි පැලැය ගලවා විහාරස්ථානයේ වෙනත් ස්ථානයක රෝපණය කරන ලදී. එහෙත් කාලයාගේ ඇවෑමෙන් විහාරස්ථාන භෑමියට මාර්ග පහසුකම් සැලසුන අවස්ථාවක එම බෝධියට අනතුරු සිදුවිය. එහෙත්, අරුමයකි, අර මුලින්ම රෝපණය කරන ලද බෝධියේ ඉතිරිවු කොටසකින් අංකුරයක් හටගෙන තිබිනි. එම බෝධි අංකැරය වටා බෝධි ප්‍රකාරයක් ඉදි කර බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සදහා අවස්ථාව සලසා ඇත.

සාමනේර හිමියන් දෙදෙනෙක්
ගරු මකුල්ඇල්ලේ නන්දසිරි ස්වාමින් වහන්සේ බණ්ඩාරවෙල දකුණු කැබිල්ලේවෙල ශ්‍රී සුධර්මෝදය පිරිවෙනින් මුලික අධ්‍යපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධියක් ලබා වර්ථමානයේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පාඨශාලා ආචාර්ය වරයෙකු වශයෙන් සේවය කරන්නේය.

ගරු මකුල්ඇල්ලේ නන්දසිරි
 ස්වාමින් වහන්සේ
විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී සුමනාශ්‍රමය,
එගොඩගම,
බණ්ඩාරවෙල.

දුරකතනය: 057 2223617

Thursday 25 October 2012

Bogoda Raja Maha Viharaya - Haliela

බෝගොඩ රජ මහා විහාරය - හාලිඇල


බෝගොඩ රජ මහා විහාරස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ,
සැතපෙන පිළිමය
ජගුල්ල නම් ගමෙහි අලංකාර මිටියාවතක් අසලයි. ශ්‍රී ලංකාවේ එක් කාල පරිච්ජේදයක සාඩම්බර ඉතිහාසය කියාපාන එක් සාධකයකී.

මෙම විහාරස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ වලගම්බා රජු සොලීන්ට බියෙන් සැගව සිටියේ යැයි ජනප්‍රවාදයේ සදහන්ය. මෙම විහාරස්ථාය ඉදිරියෙන් ඇති ගොල්ලන්දා ඔය හරහා ඉදිකර ඇත්තේ වහලයක් සහිත ලී පාලමකී. මෙම ලී පාලම බෝ‍ගොඩ ලී පාලම වශයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.

බිතු සිතුවමක්
එසේම මෙම විහාරස්ථාන භූමියේ ඇති උමගයකී. මෙම උමගය දෝව රජ මහා විහාරයේ ඇති රාවණා උමගයටද, කන්දේ විහාරයේ ඇති ( කරදගොල්ල - ඇල්ල)  ඇති උමගයටද, රාවණා ඇල්ලේ ඇති උමගයටද සම්බන්ධව ඇතැයි ජනප්‍රවාදයේ සදහන්ය.

රහස් දොරටුවක්
මෙම උමගයට උඩින් සහ බෝගොඩ ලී පාලමට ඉදිරියෙන් ඇත්තේ බෝගොඩ රජ මහා විහාරස්ථානයේ විහාරගෙයයි.


බෝගොඩ විහාරස්ථානයේ, විහාරය තුල ගලින් නෙලන ලද දේව රූපයක් ඇත. එය නිල් වර්ණයෙන් වර්ණාලේපිතයි.  එය විෂ්ණු දෙවියන්ගේ පිළිමයකී. මෙම පිළිමය පිහිටා ඇත්තේ සැතපෙන පිළිමයට පිටු පසින් වන නිසා මෙම සැතපෙන පිළිමය නෙලිමට පෙර මෙම විෂ්ණු දේව රූපය නෙලන්නට ඇතැයි විශ්වාස කෙරේ.

කරඩුව
මෙම පිළිමය සැතපෙන පිළිමය ආසන්නය දක්වාම ඇති මුත්, ප්‍රතිමාව අප්‍රකට බැවින් එයින් දැක බලා ගත හැක්කේ හිස සහ පපු ප්‍රදේශය පමණි.


සැතපෙන පිළිමය දහ අට රියන් සැතපෙන පිළිමයකී. මෙය මැටියෙන් කරවන ලද බුදු පිළිමයකී. සැතපෙන පිළිමයට වම් පසින් ආනන්ද හිමියන්ගේ යැයි පැවසෙන පිළිමයකී.




මකර තොරණ
බෝගොඩ විහාරයේ පිළිම ගේය තුලම ඇති මකර තොරණ යට හිදි බුදු පිළිමයකී. මෙම පිළිමය මතුරා සම්ප්‍රදායට නෙලන ලද සමාධි පිළිමයකී. ( මේ ආකාරයට ඇති මකර තොරණ යට පිළිමයක් රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානයේද ඇත.)
රජකුගේ ප්‍රතිමාවක්
සැතපෙන පිළිමයෙහි සිරස ලග ඇති කුඩා ‍දෙරටුවෙන් ඇතුළුවු පසු දක්නට ලැබෙන පිළිමය, විහාරස්ථානයේ ආරම්භක නාහිමියන් වන මුප්පනේ ධම්මානන් හිමියන්ගේ බව පැවසේ.  විහාර ගේ අලංකාර බිතු සිතුවමින් බිත්ති සහ පියස්ස සරසා තිබේ. මෙම විහාරස්ථාන භූමියේ බ්‍රාහ්මිය අක්ෂරයෙන් ලියන ලද සෙල් ලිපි තුනකී.

සෙල් ලිපියක්
1929 දී බෝගොඩ රජ මහා විහාරයේ නාහිමියන් වශයෙන් පත්වු සුමංගල හිමියන් විසින් මෙහි ප්‍රතිසංස්කරණ කිහිපයක් කර ඇත. ඒ අතර ගලින් ඉදිරියට කාමරයක් තනවා, විහාරගෙයි බිත්ති අව්වැසි ආදියෙන් ආරක්ෂා වන ලෙස තනා ඇත.


එසේම බෝගොඩ විහාරස්ථානයේ ඇති පැරණි සංඝාවාසය මැද මිදුල සහිත සංඝාවාසයක් වන අතර, දැනට බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතිරි වී ඇති පැරණිම සංඝාවාස වලින් එකකී.



විෂ්ණු දේව ප්‍රතිමාව
විශාල බෝධි වෘක්ෂයක් විහාරස්ථානයට ඉහලින් ඇති අතර, දැනට මෙම විහාරස්ථාන‍ය සතුව චෛත්‍යයක් නොමැති අතර අඩි 3ක් උස අගල් 15 පළල කරඩුවක් නිසා මෙම අඩුව තාවකාලිකව හෝ මගහැරී යයි. එසේම අඩ් 20 ක් පමණ පොළොව අභියන්තරයේ ඉතා පැරණි දාගැ‍බේ අත්තිවාරම ඇතැයි විශ්වාස කරනු ලැබේ.

www.malmiart.blogspot.com/2012/05/blog-post_28.html යන වෙබ් අඩවියේ පලවි තිබු  ජන කවියක් මෙසේය,
ගලින් කොටලයි බෝගොඩ        ගුහාවේ
සියළු සතුන් ඇදලා නෙත            නුරාවේ
බෝගොඩ යන්න මගේ හිත කල්පනාවේ
සැවොම යමව් බෝගොඩ      වන්දනාවේ.

විහාරස්ථානයේ ලිපිනය:
බෝගොඩ රජ මහා විහාරය,
ජගුල්ල,
හාල්ඇල.

මෙහි ඇති ඡායාරූප 1988.05.23 දින සහ 2012.09.26 දින ගන්නා ලද ඒවාය


පුරාණ වැසිකිලියක
 නටබුන්

උමගය

විහාර ගේ

බෝගොඩ ලී පාලම

බෝධි වෘක්ෂය



Wednesday 24 October 2012

Soragune Raja Maha Viharaya - Haldumulla

සොරගුණේ රාජ මහා විහාරය - හල්දුම්මුල්ල

සොරගුණේ රජ මහා විහාරය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කේට්ඨාශයේ, සොරගුණේ ග්‍රාම නිළධාරි වසමේය. මෙම විහාරස්ථානයට ලගා වීම පිණිස, හල්දුම්මුල්ල නගරයට පැමිණ එහි ඇති සොරගුණේ මාර්ගයේ කිලෝමීටර් 6 ක් පමණ ගිය විට සොරගුණේ කතරගම් දේවාලය අසල මෙම විහාරස්ථානය පිහිටා ඇත.

චෛත්‍යය

පුරාණ බෝධිය
විහාරස්ථානයේ බෝධිය,  චෛත්‍යය සහ බුදු මැදුර ඇත්තේ සොරගුණේ දේවාල භූමියේය. ලැගුම් ගෙය සහ පිරිත් මණ්ඩපය වෙනමම පිහිටුවා ඇත. සොරගුණේ රජ මහා විහාරය, සොරගුණේ දේවාලයේ පිරිත් නිළය භාරව කටයුතු කරයි. එසේම මෙම විහාරස්ථානය සියම් මහා නිකායට අයත් අස්ගිරි පාර්ශවයේ විහාරස්ථානයකී.
ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.18 දින

විහාරස්ථානයේ ලිපිනය:
සොරගුණේ රජ මහා විහාරය,
සොරගුණේ,
හල්දුම්මුල්ල.

Dambavinna Poorana Viharaya - Welimada

දඹවින්න පුරාණ විහාරය - වැලිමඩ

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, දඹවින්න ග්‍රාම නිළධාරි වසමේ මෙම විහාරස්ථානය පිහිටා ඇති අතර වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගය ආසන්නයේම පිහිටා ඇත.

පැරණි බුදු මැදුරේ
ඇති පිළිම වහන්සේ
විහාරස්ථානයට පියිසෙන ප්‍රධාන පිවිසුම් ගේට්ටුව දෙපස ඇත් කැටයම් සහිත පවුරකී. විහාරස්ථානයේ වම් අත පැත්තේ ඇත්තේ ඉතා පුරාණ ලැගුම් ගෙයයි.

මෙම දඹවින්න පුරාණ විහාරස්ථානයේ දාගැබ සහිත විහාර ගෙය 1665 දී ඌව වෙල්ලස්ස දිශාපති ලොකු බණ්ඩාර දඹවින්න මහ නිළමේ තුමා විසින් කරවා ඇති බව සදහන්ය. (2012 වර්ෂය වන විට මෙම විහාරස්ථානයට වසර 327 පමණ ඉතිහාසයක් ඇත.)

ලොකු බණ්ඩා
 දඹවින්න
 මහා නිළමේ
පැරණි බුදු මැදුර සහ නව බුදු මැදුර වශයෙන් බුදු මැදුරු දෙකකී. මෙහි පැරණි බුදු මැදුරේ ඇත්තේ ලොකඩ බුදු පිළිමයක් බව ගරු තිරාණගම රතනසාර හිමියන්ගේ දර්ශන සියය පොතේ (121 පිටුවේ) සදහන්ය. පැරණි බුදු මැදුරට ඇතුළු වන ද්වාරයට උඩින් මකර තොරණකී. බුදු පිළිමයට ආසන්නයේ ඉදිරියෙන් දේව ප්‍රතිමා දෙකකී.


නව බුදු මැදුරේ විශාල ප්‍රමාණයේ හිදි බුදු පිළිමයකී.


චෛත්‍යය, බෝධිය, සීමා මාලකය ද මෙම විහාරස්ථානයේ ඇති අතර පවුරකින් වටවී තිබු බවට කියැවේ. එසේම මෙම විහාරස්ථානයේ ඇති ගොඩනැගිල්ලක "ශ්‍රී සරණංකර පුස්තකාලය" නම් පුස්තකාලයක්ද පවත්වා ගෙන යනු ලැබේ. එසේම "ශක වර්ෂ එක්වාද(හස්) එක්සිය විසි හතරට පැමිණි මෙම වර්ෂයහි පොසොම් මස අවසතවක් නම් තිථිය ලත් බුද දින මෙදවශ ගොම් බැදේදෙ දිශා මහත්මීන් තනවාපු මිනි ගෙඩිය" යැයි මෙම විහාරස්ථානයේ ඇති ඝණ්ඨාරයේ සදහන්ය. දැනට ඇති පැරණිම ( ක්‍රී:ව: 1205 ජුනි) ඝණ්ඨාරය මෙයද විය හැක.


බිතු සිතුවම්

මකර තොරණ

නව බුදු මැදුර

චෛත්‍යය

නව බුදු මැදුරේ
ඇති ප්‍රතිමාව

ඉන්ඩ මම දොර
අරින්නම්

චෛත්‍යය

බෝධිය

ගල් කණුවක්

ගල් පහනක්

ඝණ්ඨාරය

තොරණ සහ පැරණි බුදු මැදුර

පුස්තකාලය

පැරණි සංඝාවාසය

ඡායාරූප ගන්නා ලද්දේ 2012.10.12 දින

විහාරස්ථානයේ ලිපිනය:
දඹවින්න පුරාණ විහාරස්ථානය,
දඹවින්න,
දිවිතොටවෙල,
වැලිමඩ.














Saturday 20 October 2012

Malpotha Sri Nigrodharama Poorana Viharaya - Welimada

මල්පොත ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරය
 - වැලිමඩ
බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, මල්පොත ග්‍රාමයේ මෙම විහාරස්ථානය පිහිටා ඇත. වැලිමඩ - බණ්ඩාරවෙල මාර්ගයේ මිරහාවත්තට පැමිණ එතැනින් මල්පොත දක්වා ඇති මාර්ගයේ ගොස්, දකුණට ඇති මාර්ගයේ යුතුවේ.

විහාරස්ථාන  භූමියට ඇතුළු
වන තැන ඇති තොරණ

බුදු පිළිම වහන්සේ
මල් පොත ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානය ආරම්භ කර ඇත්තේ 20 වන ශත වර්ෂයේ මුල් භාගයේ, දඹවින්න පුරාණ විහාරස්ථානයේ සසුන් ගතවු අති පුජ්‍ය කන්දේගෙදර දේවානන්ද හිමියන් විසිනි.එවක් පටන් විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේලා කිහිප නමක් විසින් මෙම විහාරස්ථානයේ සහ දායක දායිකාවන්ගේ දියුණුව සහ සංවර්ධනයට දායක විය.


දන්ත ධාතුන් වහන්සේ
 වැඩමවීම - කැටයමක්
එසේම කන්දේගෙදර ධම්මානන්ද ස්වාමින් වහන්සේ මෙම විහාරස්ථානයේ සහ දායක දායිකාවන්ගේ දියුණුව සදහා මහගු සේවයක් කර ඇති හිමි නමකී.  වර්තමානයේ පුජ්‍ය ශාස්ත්‍රපති කන්දේගෙදර උපනන්ද ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ කටයුතු භාරව සිටියි.


බෝධිය
විහාරස්ථානයට ඇතුළු වන තැන ඇති තොරණ උඩම කොටසේ දාගැබක් බුද්ධ ප්‍රතිමාවක් සහිත බුදු කුටියක් නිර්මාණය කර ඇත.


චෛත්‍යය, බුදුගේ, බෝධිය, ධාතු මන්දීරය, ධර්ම ශාලාව, දොලොස් මහේ පහන ආදියෙන් සමන්විතවු පහන් සිත් නිවනා පුඥ භූමියකී. ඒ විතරක් නොවේ සුවිසි (28) බෝධියම මෙම විහාරස්ථානයේ රෝපණය කර ඇත.



ඓතිහාසික නුග රුක
මෙම විහාරස්ථානයේ ඇති ධර්ම ශාලාව පැරණිය. ධර්ම ශාලාවේ ඇති වේදිකාව මත අළුතින් ලී කැටයම් යොදා ගනිමින් (2012 - ඔක්තෝබර්) ස්ථිර ලෙස අලංකාර පිරිත් මණ්ඩපයක් ඉදිවෙමින් පවති.


මෙම විහාරස්ථානයේ ඇති බුදුගේ ඇතුළු මාලය හා පිට මාලය වශයෙන් සාදා ඇත. පිටමාලයේ සතර කොනේ සිද්ධාර්ථ කුමරු ඉපදී නෙළුම් මල් උඩ ඇවිදීම.



සිරි පතුල
අභිනිෂ්ක්‍රමණය, ධම්මචක්කපවත්තන සුත්‍ර දේශනය, සහ මහා පරිනිර්වාණය යන ඒවා පිළිම මගින් නිරූපණය කර ඇත.

අලංකාර පිරිත් මණ්ඩපය
සියළුම බිත්ති වල සිතුවම් දක්නට ලැබේ. මැද මාලයේ අලංකාර බුදු පිළිමයකී. මෙහි ඇති මකර තොරණේ වම් පැත්තේ ඇතෙකු පිට නැගි දේවරූපයක් හා දකුණු පැත්තේ මොණරකු පිට නැගි දේවරූපයක්ද දක්නට ලැබේ. එසේම මකර තොරණ මැද ඉදගෙන සිටින සිටින දේවියකු තම දකුණු අත ඔසවා ගෙන සිටියි.


 පිරිත් මණ්ඩපයේ වහලය
 දරා සිටින කණුවක්
තෙමහල් මන්දීරය උඩ සිරි පතුලකී. ජයශ්‍රීමහා බෝධින් වහන්සේ වැඩමවීම සහ හේමමාලා දන්ත කුමරුන් දන්ත ධාතුන් වහන්සේ වැඩමවීම විශාල ප්‍රමාණයේ කැටයමින්, කැටයම් කර ඇත.


ඝණ්ඨාර කුළුණ මුදුනේ ඇත්තේ චෛත්‍යයක කුඩා ආකෘතියකී. ඝණ්ඨාර කුළුණක මෙවන් දාගැබක ආකෘතිය දුබල දසුනකී.


ඝණ්ඨාර කුණුනේ
 ඇති ‍චෛත්‍ය ආකෘතිය
විහාරයේ ඇති ඉපැරණි නුග රුකකි. මෙම නුගරුක ආසන්නයේ සිට පුරාණයේදී නඩු ඇසු බව ‍ඓතිහාසික පුරා වෘතයේ සදහන් වන අතර හාස්කම් පිරුනූ නුග රුකක් බව කියැවේ.


පසලෝස්වක පොහෝය දිනයන් දා සිල් ගත් උපාසක උපාසිකාවන්ගේ සහ වන්දනාමාන කිරිමට එන ගම්වාසි පින්වතුන්ගේන් මේ පින් බිම පිරි ඉතිරි යන්නේය. එසේම පොහෝ දිනයන්හි සිල් ගන්නා උපාසක උපාසිකාවන්ගේ ප්‍රයෝජනය පිණිස ධර්ම පුස්තකාලයකී.


ධර්ම ශාලාව
විහාරස්ථානයේ ඉරු දින දහම් පාසැලක් පැවැත්වේ. එසේම පෙර පාසැලක්ද පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම වෘතිය පුහුණු මධ්‍යස්ථානයක්ද විහාර භූමියේ පවත්වා ගෙන යනු ලැබේ.
ධර්ම ශාලාව සහ තොරණ

මකර තොරණ

සිද්ධාර්ථ කුමාරයා
නෙළුම් මල් මත ඇවිදිම

අභින්ෂ්ක්‍රමණය

ධම්මචක්ක සුත්‍රය දේශනා කිරිම

සම්බුද්ධ පරිනිර්වාණය

විහාර මළුවේ ඇති තොරණ

චෛත්‍යයය

ශ්‍රී මහා බෝධිය වැඩමවීම - කැටයම්ක්

ගරු ශාත්‍රපති කන්දේගෙදර
 උපනන්ද ස්වාමින් වහන්සේ
මෙම විහාරස්ථානයේ වර්තමාන නායක හිමියන් පුජ්‍යපාද ශාස්ත්‍රපති කන්දේගෙදර උපනන්ද ස්වාමින් වහන්සේය. මුන් වහන්සේ බී. ඒ, එම්. ඒ. උපාධි ලබා දැනට (2012) මිරහාවත්ත ශ්‍රී දේවානන්ද නවෝද්‍ය මධ්‍ය මහා විද්‍යලයේ උප විදුහල්පති වශයෙන්ද සේවය කරන අතර බෞද්ධාගම දියුණු කිරිම වස්, පුවත්පත් සදහා ලිපි සම්පාදනය කරනු ලබන යතිවරයෙකී.

ගොඩ මඩ ගොවිතැන් කරනුයේ සරුවටය
ගැමි හදවතේ බොදු සිසිලස      ඇත්තේය
පින් බිම පිහිටියේ හරියට ගම          මැදය
දෙව්රම් වෙහෙර සිරි මේ බිම       දිස්වේය

විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරය.
මල්පොත,
මිරහාවත්ත.
දුරකතනය : 057 2224425
ගරු පුජ්‍ය ශාස්ත්‍රපති උපනන්ද හිමියන් ගේ දුරකතනය: 077 7854113

ඡායාරූප ගන්නා ලද්දේ 2012 ඔක්තෝබර් 20 දින දීය.

මෙම ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරය බෞද්ධ කෞතුකාගාරයක්, සහ කලා භවනක්  වැන්න  ඇත්ත නැත්ත ගොස් බලන්න.

මෙම විහාරස්ථානය පිළිබද ලිපියක් 2012 නොවැම්බර් මස 21 වෙනි බදාදා ලංකාදීප පුවත් පතේ 10 වන පිටුවේ "වැලිමඩ - මල්පොත නීග්‍රෝධාරාම විහාරස්ථානය" නමින් පලව තිබිනි.