Monday 31 December 2012

රත්මල් වෙහෙර රජ මහා විහාරය

තොරණ
 රත්මල් වෙහෙර රජ මහා විහාරස්ථානය පිහිටා ඇත්තේ, ඌව පලාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේය. වැල්ලවාය නගරයේ සිට ඇල්ල දෙසට කිලෝමීටර් 4 ක් පමණ යැසම්දී හමුවන කුමාරදාස මහා විද්‍යාලය ඉදිරිපිට එනම් පාරේ දකුණු පැත්තේ මෙම විහාරස්ථානය පිහිටා ඇත.

සීමා ගල්
 පරාක්‍රමභාහු රජුගේ රත්නාවලී බිසව විසින් නිර්මාණය කරන ලද්දක් බව පැවසේ. මෙම විහාරස්ථානයට මදක් ඔබ්බෙන් ගලා බසින්නේ කිරිදි ඔයයි.

විහාරස්ථානයේ ලිපිනය:
රත්මල් වෙහෙර රජ මහා විහාරය,
ඇල්ල පාර,
වැල්ලවාය.

දුරකතනය: 055 2274935

විහාරස්ථානයේ වැඩ
සිටින සාමනේර හිමි නමක්

චෛත්‍යය

පැරණි බෝධි ප්‍රාකාරය

පැරණි බෝධිය

පැරණි බෝධිය

විහාරස්ථානයේ ඇති
 වෙනත් බෝධියක්

පැරණි ගල් කැටයමක්



ගරු පුජ්‍ය හුලංදාවේ රතනසාර හිමියන්

ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින.

Friday 28 December 2012

ශ්‍රී සුදර්ශනාරාමය - දුල්ගොල්ල

මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, දුල්ගොල්ල ග්‍රාමසේවා වසමේය. මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස බණ්ඩාරවෙල සිට පූනාගල මාර්ගයේ කිලෝමීටර් 7 ක් පැමිණිය යුතුයි. මෙම විහාරස්ථානය මාර්ගය ආසන්නයේම පිහිටා ඇත.




ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.27 දිනයි.

Saturday 1 December 2012

Gal Viharaya - Polonnaruwa

ගල් විහාරය - පොළොන්නරුව

පොළොන්නරුවේ ඇති ගල් විහාරය පුරාතනයේදී "උත්තරාරාමය" ලෙසින් හදුන්වනු ලැබීය. ගල් විහාරය, 1 වන පරාක්‍රමබාහු (ක්‍රි:ව: 1153-1186) රජතුමා විසින් බදි කරන ලදී. විශාල ගල් පර්වතයක මුහුණත උපයෝගී කර ගෙන හිදි පිළිම දෙකක්, හිටි පිළිමයක් සහ සැතපෙන පිළිමයක් යන පිළිම සහිත භුමිය ගල් විහාරය වශයෙන් හදුන් වනු ලැබේ. මෙම පිළිම සහිත ගල් පර්වතයේ දිග මීටර් 27 ක් වන අතර උසම ස්ථානයේ උස මීටර් 10කී. ගල් පර්වතය මැද උස් වන අතර දෙපැත්තම මැදට වඩා මදක් උසින් අඩුයි.

විද්‍යාධර ගුහාව

සමාධි හිදි පිළිමය
විද්‍යාධර ගුහාව
මෙහි ඇත්තේ භාවනායෝගීව සිටින සමාධි හිදි පිළිමයකී. බුද්ධ රූපයේ හිසට පිටුපසින් රශ්මි මාලාව (ප්‍රභා මණ්ඩලය) නිරූපණය කර ඇත. එසේම පිළිම ඇති ආසනයේ සිංහ රූප  සහ ව්‍රජ මෝස්තර වලින් සමන්විතවේ. ප්‍රධාන පිළිමයේ ශිර්ෂය දෙපස කුඩා ප්‍රමාණයේ බුද්ධ රූප හතරක් කුටි සතරක නිරූපණය කර ඇත. මෙම කුටි හතරේ ඇති බුද්ධ රූප වලින් නිරුපණය වන්නේ, ------- යන බුදු වරුන්ය. එසේම විශ්වයේ සතර කොන මෙයින් නිරූපණයවේ යැයිද විශ්වාස කරනු ලැබේ.

නිස්සන්න පටිමා ගෘහය

සමාධි බුද්ධ ප්‍රතිමාව
නිස්සන්න පටිමා ගෘහය
ගල ඇතුලට ගුහාවක ආකාරයට සාරා මෙම ගුහාව ඉදි කර ඇති අතර මෙහි ද සමාධි බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබෙන අතර , එම ප්‍රතිමාව කුඩයක් යට ඇති සේ නිර්මාණය කර ඇති අතර විජිනි පත් දැරු දෙදෙනෙක් බුදු පිළිමය දෙපසවේ. බුදු පිළිමයේ ශිර්ෂය දෙපස බ්‍රහ්ම දෙවියන්ගේ හා විෂ්‍ණු දෙවියන්ගේ රූප නෙලා ඇත. එසේම මෙම නිස්සන්න පටිමා ගෘහයේ බිත්ති පුරාණයේදී චිත්‍ර තිබි ඇති අතර අදත් මැකි ගිය චිත්‍ර කිහිපයක් දැක බලා ගත හැක.
විජිනි පත් දැරුවෙක්
නිස්සන්න පටිමා ගෘහය

විජිනි පත් දැරුවෙක්
නිස්සන්න පටිමා ගෘහය

පුරාණ චිත්‍රයක්
නිස්සන්න පටිමා ගෘහය

නිස්සන්න පටිමා ගෘහය
සෙල් ලිපිය

සෙල් ලිපිය
නිස්සන්න ප්‍රතිමා ගෘහය සහ හිටි බුද්ධ ප්‍රතිමා ගෘහය අතර විශාල ප්‍රමාණයේ සෙල් ලිපියක් දක්නට ලැබේ.

හිටි බුද්ධ ප්‍රතිමා ගෘහය
හිටි පිළිමය
හිටි බුද්ධ ප්‍රතිමා ගෘහය

අඩි 22 ක් හා අගල් 9 ක් උසැති හිටි පිළිමයක් මෙහි ඇත. මෙම පිළිමයෙහි අත් හරස් අතට තබා ගෙන සිටින අයුරින් නෙලා ඇත. මෙම බුදු පිළිමය ආනන්ද හිමියන්ගේ පිළිමයක් යැයි මතයක් තිබුනද මෙය, බුදු රජාණන් වහන්සේගේ පිළිමයක් යැයි ගෙන හැර දක්විය හැකි සාධක කිහියකී. 1. එකම පිළිමයක් පමණක් මෙම හිටි බුද්ධ ප්‍රතිමා ගෘහය තුල තිබීම. 2. බුදුන් වහන්සේගේ තිබු ඌර්ණ රෝම ධාතුව මෙම පිළිමයේ දක්නට ලැබීම. 3. බුදුන් වහන්සේගේ පිළිමයකට හැර වෙනත් පිළිම සදහා පද්මාසනයක් නිර්මාණය නොකිරීම සහ දිගු කන් පිළිමයේ නිර්මාණය කර තිබීම.

සැතපෙන පිළිම ගෘහය

සැතපෙන පිළිමය
සැතපෙන පිළිමය දිග අඩි 44 ක් සහ අගල් 4 කී. මෙම පිළිමය බුදු රජාණන් වහන්සේ සැතපී සිටින අයුරින් නෙලා ඇති පිළිමයකී. එනම් සිංහ සෙය්‍යවෙන් සැතපි සිටිම මෙයින් නිරූපණය වේ.

සැතපෙන පිළිමය

සැතපෙන පිළිමයේ
පාද

සැතපෙන පිළිමයේ
පාද

සැතපෙන පිළිමය

සැතපෙන පිළිමයේ
වම් අත

සැතපෙන පිළිමය
ඡායාරූප ගන්නා ලද්දේ 2011 ජුනි 29 වෙනි දින.

Lankaramaya - Anuradhapura

ලංකාරාමය - අනුරාධපුරය

වලගම්බා රජතුමා විසින් ඉදි කරන ලද ස්ථුපයකී, අනුරාධපුරයේ පිහිටි ලංකාරාමය ස්ථුපය. මෙම ස්ථුපය වටදාගෙයක ආකාරයට තිබුණේ යැයි වටේට ඇති ගල් කණු සාක්ෂි දරයි. මෙම චෛත්‍යය විෂ්කම්භය අඩි 132 ක් වු වේදිකාවක් මත ඉදි කර ඇති අතර චෛත්‍යයේ විෂ්කම්භය අඩි 45 කී. මළුවේ උස අඩි 10 කී. පුරාතනයේදී මෙම චෛත්‍යය "ශීලසෝබන කණ්ඨක චෛත්‍යය" ලෙසින්ද හදුන්වා ඇත. මෙම ලංකාරාම ස්ථුපය ආසන්නයේ විශාල ප්‍රමාණයේ "ඇත් පොකුණ" නම් පොකුණක්ද ඇත.

බෝධිඝරයේ මුරගලක්
 වලගම්බා රජුගේ පළමුවන රාජ්‍යාප්‍රාප්තියෙන් පසු රටේ සතුරු ආක්‍රමණ වැඩිවුයෙන් රජු සොලින්ට බියේ පැන ගියේය. එසේ පැන යන අවස්ථාවේ තම අශ්වර්යේ සෝමා දේවිය ඇතුළු කිහිප දෙනෙක් වුයෙන්, අශ්වර්යෙහි බර සැහැල්ලුවීම සදහා "සෝමා දේවිය" (එවකට ලංකාරාමය ඉදි කර තිබුනේ නැත) අද ලංකාරාමය ඉදිකර ඇති බිමේදී අශ්වරියෙන් බැස්සේය. පසුව වලගම්බා රජුගේ දෙවන රාජ්‍යාප්‍රාප්තියෙන් පසු සෝමා දේවිය සිහිවීම පිණිස ලංකාරාමය නම්වු මෙම චෛත්‍යය ඉදි කරන ලදී.

මෙම චෛත්‍යය පුරාණයේදී, සෝමාරාමය, මණිසෝමාරාමය, ශීලා සෝබන කණ්ඨක චෛත්‍යය යන නම් වලින් හදුන්වා ඇත.

බෝධිඝරය
 ලංකාරාමය වටදාගෙයක ආකාරයට සාදා ඇත්තේ කණ්ඨතිස්ස රජතුමා නිසිනි. (ක්‍රි: ව: 167 - 186).

කැණිම් වලින් ලංකාරාම ස්ථුපය ආසන්නයේ පැරණි බෝධිඝරයක් සොයාගෙන ඇත. එසේම පැරණි වැසිකිලි හා කැසිකිලි ගල් ද සොයාගෙන ඇත.

බෝධිඝරය

ලංකාරාම දාගැබ

සිරිපතුල් ගලක්

සිංහ කැටයම්ක්

ලංකාරාම දාගැබ

ලංකාරාම දාගැබ

ලංකාරාම දාගැබ ඉදිරියේ ඇති ගල් උළුවස්ස

ලංකාරාම දාගැබ

වැසිකිලි ගලක්

ලංකාරම දාගැබේ ගල් කණු

කැසිකිලි ගලක්


ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දින සහ 2010. ජුනි මස 01 දිනයි.
Updated on 2013.04.20

Thursday 29 November 2012

Dematamal Viharaya - Okkampitiya

ඓතිහාසික දෙමටමල් විහාරය
 - ඔක්කම්පිටිය

ප්‍රතිසංස්කරණය කර ඇති
චෛත්‍යයය
ඓතිහාසික දෙමටමල් විහාරස්ථානය පිහිටා ඇත්තේ ඌව පලාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ඔක්කම්පිටියේය. බුත්තල මං සන්දියේ සිට කතරගම දෙසට ඇති මාර්ගයේ මීටර් 15 ක් පමණ ගිය විට හමු වන හන්දියෙන් වමට ඇති මාර්ගයේ (බුත්තල - ඔක්කම්පිටිය මාර්ගය) කිලෝමීටර් 6 ක් පමණ ගිය විට හමු වන හෙලගම නම් වු ස්ථානයේ පිහිටා තිබේ. මනරම් වු කදු ගැට වලින් වටවු කුඹුරු යායක් මධ්‍යයේ මෙම ‍ඓතිහාසික දෙමටමල් විහාරස්ථානය පිහිටා ඇත.

චෛත්‍යයේ
 යූප කණුව
දේවානම්පියතිස්ස රජුගේ (ක්‍රිස්තු පුර්ව 307-267) දෙවන මල්ලී වු මහානාග කුමරු විසින් මෙම ඓතිහාසික දෙමටමල් විහාරස්ථානය ඉදි කර ඇති බව ඉතිහාසය කියාපායි. එනම් දෙටුමල්ගේ විහාරස්ථානය > දෙමටමල් විහාරස්ථානයයි.

දෙමටමල් විහාරස්ථානයේදී සිදුවු ඉතිහාස ගත විශේෂ සිදුවීමක් වුයේ; යුදගනාවේදී දුටුගැමුණු කුමාරයා සහ තම මල්ලී වු සද්ධාතිස්ස කුමරු අතර දරුණු සටන් ඇතිවුහ. ඉන් පසු බැස්ස සද්ධාතිස්ස කුමරු දුටුගැමුණු කුමාරයාට බියෙන් මෙම ඓතිහාසික දෙමටමල් විහාරස්ථානයෙහි සැගවුණු බව ඉතිහාසයේ සදහන්ය. මෙසේ මෙම දෙදෙනා යුධ වැදිමට හේතු වුයේ කාවන්තිස්ස රජුගේ මරණින් පසු රජකම උරුමව තිබුණේ දුටුගැමුණු කුමාරයාටයි. එහෙත්. කාවන්තිස්ස රජු මිය යන විට, දුටුගැමුණු කුමාරයා ජිවත් වුයේ කොත්මලය ප්‍රදේශයේය. සද්ධාතිස්ස කුමරු කාවන්තිස්ස රජුගේ මරණින් පසු විහාර මහා දේවිය සහ කඩොල් ඇතු තමා සන්තකයට ගෙන තිබීමයි.

උස් වේදිකාවක්
මත චෛත්‍යයය
ඉදි කර ඇති ආකාරය
පළමු යුද්ධයෙන් දුටුගැමුණු කුමරු පැරදි පලා ගියත් දෙවන යුද්ධයෙන් සද්ධාතිස්ස කුමරු පැරදී දුටුගැමුණු කුමරුට බියෙන් දෙමටමල් විහාරස්ථානයට පැමිණ සද්ධාතිස්ස කුමරු එහි ඇදක් යට සැගවිනි. සද්ධාතිස්ස කුමරු සොයා යන දුටුගැමුණු කුමාරයා මේ, දෙමටමල් විහාරස්ථානයට පැමිණ සද්ධාතිස්ස කුමරු  එහි ඇතැයි යන සැකයෙන් එහි භික්ෂුන් වහන්සේගෙන් සද්ධාතිස්ස ඉන්නවාදැයි ඇසිය. එවිට එහි භික්ෂුන් වහන්සේ දුන් පිළිතුර වුයේ "රජතුමනි, සද්ධාතිස්ස කුමරු ඇදෙහි නැත" යන්නයි. 

පැරණි නටඹුන්
එම පිළිතුරෙන් සද්ධාතිස්ස කුමරු එහි ඇති බව දැන ගෙන දෙමටමල් විහාරය වටා රැකවල් තර කොට තමාද රැක ගෙන සිටියේය.

ටික වේලාවකින් සමනේර වරු හතරදෙනෙක් විසින් මියගිය හිමි නමක් ලෙසින් ඇදක් කර මත තබා සද්ධාතිස්ස කුමරු මෙම විහාරස්ථානයෙන් එලියට රැගෙන යන ලදි. පසුව යෝධගත්ත තිස්ස නම් තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙදෙනා සමදානයට පත් කරන ලදී.

ජෝඩු මුරගල
මෙම විහාරස්ථානයේ නටඹුන්ව තිබු චෛත්‍යය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත්තේ 1990 දී වන අතර, එම ප්‍රතිසංස්කරණයේදී චෛත්‍යයේ ඉහල යූප කණුව දැක බලා ගත හැකි ආකාරයට ප්‍රතිසංස්කරණය කර ඇත. දාගැබ් මලුවේ දාගැබ වටා අටපට්ටම් වන ලෙසට ගල් අතුරා ඇත. අවට භූමියට වඩා උස්වු මළුවක් නිර්මාණය කර ඒ මත චෛත්‍යය ඉදි කර ඇත. 

මෙම විහාරස්ථානයේ තිබු පරණි බෝධි ඝරයක් හමුවී එහි කැණීම් කටයුතු කරද්දී, විශාල ප්‍රමාණයේ මුට්ටියක් (පාත්තරයක්) එහි තිබි හමුවී ඇති අතර එම පාත්තරයට යටින් නිදන් වස්තු ලැබි තිබේ. මෙයින් පෙනෙන්නේ එහි නිදන් වස්තු තැම්පත් කර ඒ මත පාත්තරයේ රෝපිත බෝධියක්, පාත්තරය පිටින්ම එහි රෝපණය කර ඇති බවයි.

ජෝඩු මුරගල
විහාරස්ථාන‍ භූමියේ බෝධින් වහන්සේලා කිහිප නමකී. එසේම ගල් උළුවස්සක්ද විහාර භූමියේ දක්නට ලැබේ. පැරණි පොහෝය ගෙය මත ගොඩනැගිල්ලක් ඉදි කර ඇති අතර පැරණි ගල් කණු එලෙසම පවතියි. එසේම උඩු මහලකට යාම සදහා යොදාගත් තරප්පු පේලියක් අදත් දක්නට ලැබේ. මෙම පැරණි උපෝසථාගාරයේ උඩු මහලේ එක් වකවානුවකදී දන්ත ධාතුන් වහන්සේ මෙහි තැම්පත් කර තිබු බව පැවසේ ( මේ බව සංඝදාස නිශ්ශංක මහතාගේ "වෙල්ලස්සේ දළදා රැක වරණය" නැමැති පොතේ 38 වන පිටුවේ සදහන්ය)

පැරණි නටඹුන්
මෙම විහාරස්ථාන‍ය අවට බොහෝ පුරාවිද්‍යාත්මක හා පැරණි ඉදි කිරිම් දක්නට ලැබේන අතර ඒ අතර, කුටි, බෝධිඝර, දාගැබ, පොහෝය ගෙය, බෝධි වෘක්ෂ 2 සහ මුරගල් හා ගල් කණු ප්‍රධානවේ.

මෙම විහාරස්ථාන භූමියේ එක් අන්තයකට වන්නට ඇති ගොඩනැගිල්ලකට පිවිසෙන ස්ථානයේ ඇති මුරගල ජෝඩු මුරගලකී. දෙමටමල් විහාරස්ථානය අවට නාෂ්ඨවශේෂ දෙස බැලීමේදි, මෙම ස්ථානය පංචාවාස සහිත විහාරස්ථානයක්ව පැවැති බව පෙනේ. එනම්, දාගැබ, පිළිම ගෙය, බෝධිඝරය සහ ධර්ම ශාලාව.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.06.09 දින දීය

මුරගලක්


මුරගලක්

විහාර ගේ

ගල් උළුවස්සක්

රජකුගේ යැයි විශ්වාස කල
හැකි පිළිමයක හිස කොටස

බෝධි වෘක්ෂයක්
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.28 දින දී.