Saturday 29 September 2012

Poorana Meda Maha Viharaya - Meegahakiula


පුරාණ මැද මහා විහාරය - කරදගහමඩ - මීගහකිවුල


ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, කරදගහමඩ නම් ගමේ රමණිය භූමි භාගයක මෙම පුරාණ මැද මහා විහාරය පිහිටා තිබේ. 


මීගහකිවුල නගරයේ සිට මහියංගනය දෙසට යාමේදි හමුවන අරාව හන්දියෙන් (16 යේ කණුව) දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර් 2 ක් පමණ ගිය විට මෙම ස්ථානයට ලගා විය හැක.



මෙම විහාරස්ථානයේ පෞරාණිකත්වය ඉස්මතු කර පෙන්වන ප්‍රධානතම සාක්ෂිය වන්නේ මෙම විහාරස්ථාන භූමියේ ඇති සිරි පතුල් ගලයි. දාගැබ්, පිළීම, වන්දනාවට පෙර (දාගැබ් පිළිම සෑදිමට පෙර) බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් සිරි පතුල් ගල් වන්දනාමාන කරනු ලැබුහ. ඒ අතීත සිරිපතුල් ගල් වන්දනා යුගයේ පැවැති පෞරාණික විහාරස්ථානයක් බවට මෙයම සාක්ෂියකී.



මෙම පුරාණ මැද මහා විහාරස්ථානය මහියංගනයේ චෛත්‍යයත්, මුතියංගනයේ චෙචත්‍යයත් ඉදි කරන ලද කාල වකවානුවට සමානත්වයක් පවතින බව ප්‍රකාශ කෙරේ. එසේම මෙම ස්ථානයේ සිට මහියංගනයටත්, මුතියංගනයටත් ඇත්තේ සමාන දුරකී. එමෙන්ම බුදු රජාණන් වහන්සේ මහියංගනයේ සිට බදුල්ල මුතියංගනය පිහිටි ස්ථානයට වැඩම කල (පා ගමනින්) අවස්ථාවේදී, දහවල් දානය සදහා මෙම ස්ථානයේ මදක් නතරව දානය වළදා ගිමන් හැර නැවත බදුල්ල දක්වා වැඩම කල බවටත් විශ්වාසයක් පවතී.



මෙම විහාරස්ථානය ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසේදී ආරම්භවුවක් යැයි මෙම විහාරස්ථාන‍ය සතුව ඇති, විහාරස්ථානයේ වැඩවාසය කරන ලද ස්වාමින් වහන්සේ නමක් විසින් ලියන ලද ලිපියක සදහන් වේ. එසේම එහි මෙම විහාරස්ථානයේ වු පැරණි චෛත්‍යය කාවන් තිස්ස රජුගේ ඉදි කිරිමක් බවත් සදහන්ය. එම පැරණි චෛත්‍යය මුදුනේ තිබුණේ යැයි විශ්වාස කරන ඡත්‍රයද දැන විහාරස්ථාන භූමියේ ඇත. දැනට එම පැරණිත චෛත්‍යය තිබු ස්ථානයේ පසු කාලයක ගොඩනගන ලද චෛත්‍යය නිදන් හොරුන් විසින් විනාශ කරන ලදුව, එම චෛත්‍යයේ වු කොත් කැරැල්ල අදත් නාරුපද්‍රතව ඇති අතර එම නිදන්  හොරුන් විනාශ කල චෛත්‍යය නැවත ප්‍රතිසංස්කරණය කර අදත් විරාජමානව වැඩ සිටියි.



මෙම චෛත්‍යයට ආසන්නයේ ඇත්තේ විහාරස්ථාන‍ය සතුව ඇති පරම් පරාවෙන් පැවත එන පුරාණ බෝධියයි.



මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ හ‍ා බෝධින් වහන්සේ ඇති මළුව භූමියේ මැදට වන්නට තැන තැන ගල් කණු සහිත අත්තිවාරම් මතුවී ඇත. මෙම භූමියෙහි බෝධියට ආසන්නයේ, බෝධියේ එක් පසෙක සමන් දේවාලයත්, අනෙක් පස කතරගම් දේවාලයකුත් දක්නට ලැබේ.



පොත් පත්වල සදහන් පුරාණ සමන් දේවාලය පිහිටා තිබුණේ මෙම ස්ථානයේය. එයට මෙහි ඇති ගල් කණු සාක්ෂි දරයි. එසේම www.inforinsrilanka.blogspot.com හි පුරාණ සමන් දේවාලය - මීගහකිවුල යන ලිපිය බලන්න. 



එසේම මෙම විහාරස්ථාන භූමියෙහි කළුදිය පෙකුණ නම් සතරැස් ලිදක් පවතින අතර එය පෙර රහතන් වහන්සේලා භාවිතා කල ලිදක් බව පැවසේ. ඒ අසල විශාල කුඹුක් ගසකී. ආදි කාලයේ මෙම කුඹුක් ගස හා කළු දිය පොකුණ ආසන්නයේ, පුරාණ මහියංගන, බදුල්ල-මාගම (තිස්සමහාරාම) මාර්ගය වැටි තිබුණේ යැයි ප්‍රකාශිතයි.


මෙම පුරාණ මහියංගන, බදුල්ල-මාගම (තිස්සමහාරාම) මාර්ගය ආසන්න‍යේ ඇති විශේෂ බෝධින් වහන්සේ නමක් වැඩ සිටියි. එම බෝධින් වහන්සේ සම්බන්ධයෙන් මෙම විහාරස්ථානයේ ඇති ලිපියක සදහන් කරුණු වල මෙසේ සදහන්ය, දඹදිව සිට වන්දනාවේ පැමිණි එක්තරා බ්‍රහග්මණයෙක් ලංකාවේ වෙහෙර විහාර වන්දනාවේ පැමිණ ඇත්තේ, අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියෙන් ලබා ගත් ශ්‍රී මහා බෝධි අංකුරයක්ද පාත්‍රයක රෝපණය කර ගෙනයි. එසේ වන්දනාවේ යන අතර වාරයේදි මෙම පුරාණ මහියංගන, බදුල්ල-මාගම (තිස්සමහාරාම) මාර්ගයේ ගමන් ගනිද්දි දහවල් විඩාව සන්සිදවා ගැනීම පිණිස මෙම ස්ථානයේ කළු දිය පොකුණ ආසන්නයේ කුඹුක් ගස සෙවනේ, සුදුසු ස්ථානයක මෙම බෝධින් වහන්සේ තබා තමා බ්‍(රහග්මණයා) විවේක ලබා ගත්තේය. ලබා ගත් විවේකයෙන් පසු නැවත ගමනාරම්භ කිරිම පිණිස පාත්‍රය ගනිද්දි, පාත්‍රය තිබු තැනින් සෙලවීමට පවා අපහසුවිය. එම නිසා බ්‍රහග්මණ තමේ, එම බෝධි අංකුරය එහිම රෝපණය කර වන්දනාවේ පිටත් විය. අදත් එම ජය ශ්‍රීමා බෝධිය, සතුරන්ගේ ආක්‍රමණ, කාලගුණික විපර්යාස, අනිත්‍යයය ආදිය විද දරා ගනිමින් නැවත නැවත දළුලා අදත් විරාජමානව වැඩ සිටියි. බෝධින් වහන්සේ ප්‍රදේශයට අභිමානයකී.

විහාරස්ථානය අවට භූමිය ගැන සොයා බලද්දී ආරක්ෂිත පවුරු, දිය අගල් සහිතවු භූමියක මෙම විහාරස්ථානය සහිත පුරාණ සමන් දේවාලය සහිත භූමිය පිහිටා තිබුණු බව පෙනේ.

එමෙන්ම එක්තරා කාලවකවාණුවක පිංවත්වු කරංජී නම් රහතන් වහන්සේ නමක් මෙහි වැඩ වාසය කල බවත්, මෙම ස්ථානය බොහෝ හාස්කම් සහිත බවත් ප්‍රදේශවාසිහු මා සමග පැවසුහ.


පැරණි ආවාස ගෙය

ධර්ම ශාලාව

ඝණ්ඨාර කුළුණ

චෛත්‍යය

සිරි පතුල් ගලක්

චෛත්‍යය


පැරණි චෛත්‍යයේ ඡත්‍රය

කළු දිය පොකුණ

ශ්‍රී මහා බෝධි ශාඛාව

ශ්‍රී මහා බෝධි ශාඛාව

ගල් කණු

පැරණි බෝධිය

සුමන සමන් දේවාලය

පැරණි අත්තිවාරම්

ගරු කේ. සුමනරතන හිමි

පැරණි ගඩොලක්
චෛත්‍ය සහ ධර්ම ශාලාව

Saturday 22 September 2012

Kadurugoda Poorana Viharaya - Diyatalawa

කදුරුගොඩ පුරාණ විහාරය - දියතලාව

චෛත්‍යයය

බුදු පිළිම වහන්සේ

බිතුසිතුවමක්

පැරණිතම ධර්ම ශාලාව
කදුරුගොඩ පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, දියතලාවේ විහාරකැලේ 63 F ග්‍රාම නිළධාරි කොටසේය. දියතලාව නගරයේ ඇති ඔරලෝසු කණුව ආසන්නයේ ඇති පොල පාරේ මද දුරක් ගමන් කර හපුතලේ ගම දක්වා දිව යන මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය විට මෙම විහාරස්ථානයට ලගා විය හැක. මෙම විහාරස්ථානයේ පැරණිතම ධර්ම ශාලාවක් ඇති අතර එහි විශාල ප්‍රමාණයේ ගලැ කුළුණු හතරකින් මැද වහලය දරා සිටියි. කදුරුගොඩ විහාරස්ථානයේ, චෛත්‍යය, බෝධිය, විහාර ගෙය ආදියෙන් යුක්ත වන අතර බෝධිය පිහිටා ඇත්තේ මහා මාර්ගයෙන් වම් පැත්තේ උස් ස්ථානයකයි. 
කදුරුගොඩ පුරාණ විහාරස්ථානය, විහාර කැලේ විහාරය වශයෙන්ද හදුන්වනු ලබන අතර, කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය වු මාරි මියුසියස් හිගින්ස් මැතිනිය විසින් මෙම කදුරුගොඩ විහාරස්ථානය අළුත්වැඩියා කර ඇති බවට මෙම විහාරස්ථානයේ ඇති පිගන් ගඩොලක සදහන් ලිපියක් මගින් සදහන් කර ඇති අතර මෙම විහාරස්ථානය ආසන්නයේ ඇති "මියුසියස් කොටේජ්" නම් නිවසේ මාරි මියුසියස් හිගින්ස් මැතිනිය ටික කලක් ජිවත්ව තිබේ.

විහාරස්ථානයේ ලිපිනය:
කදුරුගොඩ පුරාණ විහාරස්ථානය,
විහාරකැලේ,
දියතලාව.

Thursday 20 September 2012

Sri Bimbarama Poorana Viharaya - Haputale

ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානය - හපුතලේ


ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, හපුතලේ ගමය. දියතලාව ඔරලෝසු කණුව ආසන්නයේ ඇති පොල පාරේ මද දුරක් ගොස් හපුතලේ ගම දක්වා දිවයන මාර්ගයේ කිලෝමීටර දෙකක් පමණ ගිය විට මෙම විහාරස්ථානයට ලගාවිය හැක.

ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානයේ විහාර ගෙය මැද මාලය හා පිට මාලය වශයෙන් නිර්මාණය කර ඇත. සත් සතිය මුර්තියෙන් මුර්තිමත් කර ඇත. එසේම පැරණි චිත්‍ර වලින් බිත්ති අලංකාර කර ඇත. බුදු පිළිමය දෙපස සැරියුත් හා මුගලන් දෙනම පිළිම වලින් මුර්තිමත් කර ඇත.
ඉතා අලංකාර මකරතොරණක් ඇති අතර මකර තොරණ මැද කළු සහ සුදු වර්ණය උපයෝගී කරගෙන, දේවානම්පියත්ස්ස රජතුමා ඇත්හලේදී මිහිදු මහරහතන් වහන්සේගෙන් ධර්මය ඇසීම චිත්‍රයට නගා ඇත.
විහාර අංග එසේ තිබියදී බ්‍රිතාන්‍යයන් විසින් මෙම විහාරස්ථානය අවට ජනතාවගේ ප්‍රයෝජනය පිණිස "පිං බෙහෙත් ශාලාව" නමින් ගොඩනැගිල්ලක් බදි කර එහි එම යුගයේදී වෛද්‍ය සායන පවත්වා ඇත.
එය   "පිං බෙහෙත් ශාලාව" නමින් අද පුරා විද්‍ය ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත.

විහාරස්ථානයේ ලිපිනය : ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානය
                                       හපුතලේ ගම,
                                        හපුතලේ.
විහාරස්ථානයේ දුරකතන අංකය : 057 4920544



චෛත්‍යයය

විහාරගෙය

බිතුසිතුවම්

මුචලින්ද නාග දරණය

තපස්සු, භල්ලුක දෙබැයන්

මකර තොරණ

දේවානම්පියතිස්ස රජතුමා
 ඇත්හලේදී මිහිදු මහරහතන්
 වහන්සේගෙන්
ධර්මය ඇසීම

බුදු පිළිම වහන්සේ

පොහොය ගෙය

ධාතු මන්දීරය

පිං බෙහෙත් ශාලාව

පිං බෙහෙත් ශාලාව

Wednesday 19 September 2012

Sri Sudharmarama Poorana Viharaya - Haldumulla

ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය - හල්දුම්මුල්ල

බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හල්දුම්මුල්ල විද්‍යලය අසලට පැමිණ ඉදිරියෙන් ඇති පිටිටනියට වම් පසින් ඇති ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අසලින් ඇති තොරණ සහිත මාර්ගයේ මීටර් 150 ක් පමණ ගිය විට ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයට ලගාවිය හැක.
ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයට  පැමිණෙන්නෙකුට තම දකුණු අත පැත්තේ පෙනෙන මනරම්වු දර්ශණයෙන් තම නෙතු ඉවතට ගත නොහැකිවේ. බවුන් වඩනක්නෙකු සදහා බවුන් වැඩිම පිණිසම උචිතවු පරිසරයකී.
මෙම විහාරස්ථානය භූමියේ පිහිටිමම උපයෝගී කරගෙන ගොඩනැගිලි ඉදිකර ඇත. ඉහලම කොටසේ චෛත්‍යයත්, ඉන් අනතුරුව පුරාණ බෝධියත් පිහිටා ඇත. ඉන් පසු පහලට වන්නට විහාරගෙයත්, සංඝාරාමයත්, ධර්මශාලාව සහිත පුරාණ ඉදිකිරිම් සහිත කොටසට ලගාවිය හැකි අතර, භූමියේ පිහිටිම මත ඉදිකිරිම් සිදු කර ඇත.
විහාරස්ථානයේ පුරාණ ධර්මශාලාව කාලයාගේ ඈවෑමෙන් පැත්තක් කැඩි ගොස් ඇති අතර එය පිලිසකර කිරිම ආරම්භ කර ඇත.
විහාරගෙයි පිටත විශාල කුළුණු යොදා ගනිමින් ඉදිරිපස පිල් දෙකක් නිර්මාණය කර ඇති අතර, විහාරගෙය තුල මහනුවර යුගයේ සිතුවම් හා පිලිම දක්නට ලැබේ. අනෙක් විහාරස්ථාන හා මෙම විහාරස්ථානයේ ඇති චිත්‍ර වල ඇති විශේෂත්වය වන්නේ මෙම විහාරස්ථානයේ ලගුන 12 සහිත සිත්‍රවම් ඇද තිබිමයි. විහාර ගෙය නිර්මාණය කර ඇත්තේ පිටමාලය හා මැද මාලය වශයෙනි. මෙම විහාරස්ථානයේ මුලික අවධිය පිලිබද පැහැදිලි ඉතිහාස ගත කරැණු ගෙන හැර දැක්විම අපහසු නමුත්, වර්ෂ 200 පමණ පැරණි බව පෙනේ.
පොහොය දිනයේ ශීල, භාවනා වැඩ සටහන් පැවැත්වේ. වර්ථමානයේ ගරු පුජ්‍ය කහගොල්ලේ ආනන්ද ස්වාමින් වහන්සේ මෙම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වේ.
ලිපිනය : ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය,
               හල්දුම්මුල්ල.
දුරකතනය: 057 2050016


මහා මාර්ගය අසල
 ඇති තොරණ

විහාර ගේ වහලය දරා
 සිටින කණු

පැරණි ධර්ම ශාලාව

විහාරගේ

ඝණ්ඨාරය

විහාර ගේ

පැරණි බෝධිය

චෛත්‍යයය

රත්කරව්වේ ශ්‍රී නන්ද
හිමියන්ගේ
 භෂ්මාවශේෂ තැම්පත් කර ඇති
කුඩා චෛත්‍යයය

Tuesday 18 September 2012

Sri Jayakontharama Poorana Viharaya - Bandarawela

ශ්‍රී ජයකොන්තාරාම පුරාණ විහාරස්ථානය - බණ්ඩාරවෙල


ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොන්තේහෙල නම් ග්‍රාමයේ මනරම්වු පරිසරයක පිහිටා ඇති විහාරස්ථානයකී. මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස බණ්ඩාරවෙල නගරයේ සිට වැලිමඩ මාර්ගයේ ශාන්ත තෝමස් පාරේ ගොස් ඉන් අනතුරුව හාපත්ගමුව හරහා කොන්තේහෙල නම් ග්‍රාමයට යායුතුයි. බණ්ඩාරවෙල නගරයේ සිට කිලෝමීටර් 6 ක් පමණ යායුතුයි.

මෙම ශ්‍රී ජයකොන්තාරාම පුරාණ විහාරස්ථානය 1824 දී පමණ ගොඩනැගීම ආරම්භ කර ඇති අතර 1884 දී පමණ ගොඩනැගීම අවසන් කර ඇතැයි සැලකේ. මහනුවර සම්ප්‍රදායට අයත් පිළිම ගෙයක් ඇති අතර එම පිළිම ගේ බිත්ති නොයෙක් බිතු සිතුවමින් අලංකාර කර ඇති අතර පිලිමගේ අභ්‍යන්තරයේම, විෂ්ණු දෙවියන්ගේ හා කතරගම් දෙවියන්ගේ රූප නෙලා ඇත. විහාර ගෙට ඇතුළුවීමට ඇත්තේ මකර තොරණ යටිනි. මකර තොරණෙහි 1884 සැප්තැම්බර් 19 වශයෙන් සදහන් කර ඇත. බිතු සිතුවම් වල ඇද ඇති රූප වල විස්තර ඒ ඒ රූප ආසන්නයේ ලියා ඇත. එසේම විහාරගෙට පිවිසෙන ද්වාරය ආහන්නයේ සදකඩ පහණකී.

ඉතා පුරාණ බෝධියක්. පුරාණ චෛත්‍යයක්ද වන අතර ගලින් නිර්මාණය කර ඇති ඝණ්ඨාර කුළුණක් ද වේ. සීමා මාලකය වටා අක්ෂර සහිත අඩි 2 1/2 - 3 පමණ වන ගල් කණු සිටුවා ඇත. විහාරගෙය සහිත උස්බිමට නැගීමට ඇති පඩිපෙල අවසානයේ 1901 සදහන් ගල් පුවරුවක්වේ. ඉතා පුරාණයේ පටන් පැවත එන ධර්ම ශාලාවේ ලී වලින් නිර්මාණය කර ඇති ධර්ම/පිරිත් මණ්ඩපයකී.

එසේම මෙම ශ්‍රී ජයකොන්තාරාම පුරාණ විහාරස්ථානය පිලිබදව. විහාරාධිපත් ගරු පුජ්‍ය දිගනතැන්නේ ජිනරතන ස්වාමින් වහන්සේගේ පුර්ණ අධික්ෂණය ‍යටතේ මුද්‍රණය කර ඇති අත් පත්‍රිකාවේ සදහන්වු කරුණු වලින් උපුටා ගත් කොටසකීමේ, " උඩුකිද මහපලාත කොන්තේහෙල පදිංචිව සිටි කෝනාර මුදියන්සේලාගේ ගංඇති රළහාමි විසින් ගංපංගු තල්පතින් ලියවා, ගොඩ මඩ ඉඩම් සහිතව අවාසයක් කරවා ලිවවා 1825 දී කළුබුළුලන්ද විහාරාධිපතිව වැඩ විසු විදුරුපොල ගෙදරවෙල සුමංගල මහා ස්ථවීරයන් වහන්සේ තවත මෙම විහාරස්ථානය පුජා කරන ලදී. ඒ ශ්‍රී ජයකොන්තාරාමයේ ආරම්භයයි."

ශ්‍රී ජයකොන්තාරාම පුරාණ විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී ජයකොන්තාරාම පුරාණ විහාරස්ථානය,
කොන්තේහෙල,
බණ්ඩාරවෙල.

ශ්‍රී ජයකොන්තාරාම පුරාණ විහාරස්ථානයේ දුරකතන අංකය : 
057 2224984

පිළිම වහන්සේ

බිතු සිතුවම්

දේව පිළිමයක්

විෂ්ණු දේව පිළිමය

මකර තොරණ

මකර තොරණ

බිතු සිතුවම්

බිතු සිතුවම්

බිතු සිතුවම්

බිතු සිතුවම්

සදකඩ පහණ

ධර්මශාලවේ ඇති චිත්‍ර

විහාර ගෙය

ඉපැරණි පිළිම වහන්සේ

චෛත්‍යයය

බෝධිය

ඝණ්ඨාර කුළුණ

සීමා මාලකයේ කණු

පැරණි පඩිපෙලක්

අළුතින් ඉදිවෙන
 ආවාස ගෙය

ගරු දිගනතැන්නේ
 ජිනරතන
ස්වාමින් වහන්සේ
දිගනතැනිනේ අනිල් කුමාරගේ
 චිතු පිටපත් කිරිමක්

දිගනතැනිනේ අනිල් කුමාරගේ
 චිතු පිටපත් කිරිමක්