Tuesday 1 January 2013

පුරාණ වැලිගම් වෙහෙර - වැල්ලවාය

ගරා වැටි ඇති පැරණි චෛත්‍යය
 පුරාණ වැලිගම් වෙහෙර විහාරස්ථානය පිහිටා ඇත්තේ ඌව පලාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය සිට ඇල්ල දෙසට කිලෝමීටර් 4ක් පමණ පැමිණ, ඇල්ල-වැල්ලවාය මාර්ගයේ දකුණු අත පැත්තේ ඇති මො/ගම්පංගුව කණිටු විදුහලට යන මාර්ගයේ කිලෝමීටර් 1 1/2 ක් පමණ යා යුතුයි.

ගරා වැටි ඇති පැරණි
 චෛත්‍යයේ ඡත්‍රය
 මෙම විහාරස්ථානය පිළිබදව මහාවංශයේ සදහන් වන්නේ "වල්ලියෙර" විහාරය වශයෙනී. මෙම විහාරස්ථානය වසභ රජු විසින් සදා, වසභ රජුගේ ප්‍රසාදයට පත්වු හිමි නමකට පුජා කල බව පැවසේ.

පැරණි චෛත්‍යය ගරා වැටි ඇත. ඒ මත බෝධින් වහන්සේ නමක් රෝපණයවී ඇත. විහාරස්ථානය පුරාම  ගල් කණු දක්නට ලැබේ.

චෛත්‍යය
 වර්තමානයේ ගරු පුජ්‍ය නුගයායේ නන්දසාර ස්වාම්න් වහන්සේ ගේ මග පෙන්වීමෙන් දැයුණු මාවතකට අවතීර්ණය වී ඇත.

විහාරස්ථානයේ ලිපිනය:
පුරාණ වැලිගම් වෙහෙර,
වැලි ආර,
වැල්ලවාය.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින.

පැරණි සළකුණු සහිත ගඩොලක්

ධර්මශාලාව

ගල් කණු

වැල්ලවාය ශාසනාරක්ෂ බල මණ්ඩලයේ
ලේඛකාධිකාරි
ගරු නුගයායේ නන්දසාර ස්වාමින් වහන්සේ

No comments:

Post a Comment