Wednesday 30 January 2013

ශ්‍රී බෝධිරාජාරාම පුරාණ විහාරය - වරකාදණ්ඩ - හාලිඇල්ල

 මෙම විහාරස්ථානය ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්ය. මෙම විහාරස්ථානයට පිවිසිම පිණිස බණ්ඩාරවෙල නගරයේ සිට ඇටම්පිටිය මාර්ගයේ දුවනගිරිය හංදිය (වරකාදණ්ඩ හංදිය) වෙත පැමිණ, එහි ඇති වරකාදණ්ඩ මාර්ගයේ කිලෝමීටර් 4 ක් පමණ යාමේදී හමුවේ. නාගසක් සහිත විශාල  බෝධි වෘක්ෂයක් මුලික කර ගෙන මෙම විහාරස්ථානය ආරම්භ කර ඇත. චෛත්‍යය ගොඩනැගිල්ලක ඉහල මාලයේ ඉදිකර ඇත.



බුදු මැදුර

චායාරූප ගන්නා ලද්දේ 2013.01.30 දිනයි.

Tuesday 29 January 2013

අළුලෙන අරණ්‍ය සේනාසනය -මාළිගාවිල

බුදු මැදුර
 අළුලෙන අරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍යට අයත් මාළිගාවිලය. මාළිගාවිල සුප්‍රසිද්ධ දඹේගොඩ බෝසත් පිළිමය සහ මාළිගාවිල පිළිමය අසෙන්නයේ ඇත් මාර්ගයේ කිලෝමීටර් 8 ක් පමණ අති දුෂ්කර මාර්ගයක ගමන් කිරිමෙන් පසු මැණික් ගග අසබඩ, මැණික් ගං ඉවුරේ උස් ස්ථානයක පිහිටි කටාරම් කෙටු ගල් ලෙනක් ආශ්‍රිතව ගොඩනගා ඇති ආරණ්‍ය සේනාසනයකී.

බෝධිය
 ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.28 දින දිය.

අරණ්‍ය සේනාසනයේ ලිපිනය:
අළුලෙන අරණ්‍ය සේනාසනය,
දඹේගොඩ,
මාළිගාවිල.

දුරකතන අංකය:
055 5613552


අළුලෙන අරණ්‍ය සේනාසනයට
පිවිසාමට ඇති මග

බුදු පිළිම වහන්සේ

කටාරම් සහිත ලෙන් කුටියක්

කටාරම් සහිත ලෙන් කුටියක්

ගල් කණුවක්

සැලකිය යුතුයි: මෙම ස්ථානයට ලගාවීම පිණිස අති දුෂ්කර මාර්ගයක ගමන් ගත යුතු බැව්න් 4WD වාහනයක් හෝ ට්‍රැක්ටරයකින් පමණක් මෙම ස්ථානයට යා හැකි බැවින්, මාර්ග අපහසු දුෂ්කර බැවින් මෙම ස්ථානයට යෑමට පෙර දෙවරක් සිතා ගමන් කිරිම යෙහෙකැයි සිතමි. ඒ කෙසේ වෙතත් ඔබගේ ආධර උපකාර අවශ්‍ය දුෂ්කර ස්ථානයකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.28 දිනයි.

මාළිගාවිල පුරාණ රජ මහා විහාරය - ඔක්කම්පිටිය

ඉදිවෙමින් පවතින
චෛත්‍යය
මාළිගාවිල සුප්‍රසිද්ධ දඹේගොඩ බෝසත් පිළිමය සහ මාළිගාවිල පිළිමය යන පිළිම පිහිටා ඇති භූමියෙහි, මෙම මාළිගාවිල පුරාණ රජ මහා විහාරය පිහිටා ඇත. මාළිගාවිල, මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්ය. 

ඉදිවෙමින් පවතින
චෛත්‍යය

ඉදිවෙමින් පවතින
චෛත්‍යය

බෝධිය
ගරු උණපානේ චන්ද්‍රජෝති ස්වාමින් වහන්සේ

ඡායාරූප 2013.01.28 දින දි.

Monday 28 January 2013

කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය - වැල්ලවාය

 මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍යට අයත් විහාරස්ථානයකී, කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරස්ථානය. මෙම විහාරස්ථානය වැල්ලවාය නගරයට ආසන්නව උස් ගල් තලාවක් ආශ්‍රිතව පිහිටා ඇත. වලගම්බා රාජ්‍ය සමය දක්වාම පැරණි යැයි පැවසේ.

මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස, වැල්ලවාය-බුත්තල මාර්ගයේ යා යුතුයි. වැල්ලවාය  නගරයේ සිට, බුත්තල  මාර්ගයේ කිලෝ මීටර් 2  1/2 පමණ ගිය තැන හමුවන

 වීරසේකර ග්‍රාමයේ (වරුණගම) මෙම විහාරස්ථානය පිහිටා ඇත. මාර්ගයේ (වැල්ලවාය සිට යාමේදී) දකුණු අත දීශාවට ඇති කොටවෙහෙර ගල පුරාණ ගල්ලෙන් විහාර මාවතේ මීටර් 200 ක් පමණ යාමේදී මෙම විහාරස්ථානයට ප්‍රවිශ්ඨ විය හැක.

විහාරස්ථානයේ චෛත්‍යය පිහිටා ඇත්තේ විහාරස්ථානය ආසන්නයේ ඇති ගල් තලාව මස්තකයේය. ඉතා අපහසුවෙන් ගල් තලාව මතට තරණය කල යුතුයි. ගල් තලාවේ ගල් ලෙන්, කුඩා ජල කෙමන (කුඩා ජල පොකුණු) රාශියක් දැක ගත හැක.

 බුදු මැදුර, බෝධිය විහාරස්ථානයේ වැදගත් අංගයන්, සහ ඉපැරණි වලගම්බා සමයට අයත් කිරිගරුඩ පිළිමයක්ද විහාරස්ථානය සතුයි.

විහාරස්ථානය ආසන්නයේම වැවක්ද දක්නට ලැබෙන අතර වැවයි, දාගැබයි සංකල්පය මෙයින් මොනවට ගම්‍යමානවේ.

 විහරස්ථානයේ ලිපිනය:
කොටවෙහෙරගල පුරාණ ගල් ලෙන් විහාරස්ථානය,
වීරසේකර ගම
වැල්ලවාය.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.28 දිනයි.

ඉතා අපහසුවෙන් ගල් තලාව මතට තරණය කල යුතුයි

බෝධි වෘක්ෂය

වලගම්බා සමයට අයත්
 කිරිගරුඩ පිළිමය

කුඩා ජල කෙමනක්
 (කුඩා ජල පොකුණක්)


බුදු මැදුර

ගල් තලාව මුදුනට,
විහාරස්ථානය පෙනෙන අයුරු

Sunday 27 January 2013

ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානය - බණ්ඩාරවෙල


  බණ්ඩාරවෙල නගරයේ පිහිටා ඇති එකම බෞද්ධාගමික සිද්ධස්ථානය, ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයයි. මෙම විහාරස්ථානයට ප්‍රවිශ්ඨවීම සදහා බණ්ඩාරවෙල නගරයේ ඇති ධර්ම විජය මාවතේ පැමිණිය යුතුයි.

මෙම විහාරස්ථානය බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව පාලනය කරන සමයේ පිහිටුවා ගන්නා ලද විහාරස්ථානයකී. මෙම විහාරස්ථානයේ ආරම්භක හිමි නම වශයෙන් සදහන් වන්නේ ගරු කිරිගල්පොත්තේ දේවමිත්ත ස්වාමින් වහන්සේ‍ය.


 මෙම විහාරස්ථානය ආශ්‍රිතව ධර්ම විජය  පිරිවෙන නමින් පිරිවෙනක් පවත්වා ගෙන එනු ලබන අතර, 1957 දී පමණ මෙම පිරිවෙන ආරම්භ කොට ඇත්තේ  ගරු බණ්ඩාරවෙල පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ විසිනි.

එසේම විහාරස්ථානය ආශ්‍රිතව ශ්‍රී පුෂ්පාරාම දහම් පාසැල නමින්, දහම් පාසැලක්ද පවත්වා ගෙන එනු ලැබේ.


 විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථානය,
ධර්ම විජය මාවත,
බණ්ඩාරවෙල.

දුරකතනය:
057 2222161
057 2224984

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.27 දින







ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන්
 විහාරස්ථානයේ පැරණි ඡායාරූපයක්

අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලද්දකී.

Thursday 24 January 2013

චේතියරුක්ඛාරාමය - බණ්ඩාරවෙල

විහාරස්ථානයේ චෛත්‍යය
චේතියරුක්ඛාරාමය විහාරස්ථානය පිහිටා ඇත්තේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. බණ්ඩාරවෙල බිදුණු වැව නම් ස්ථානයේ (බිදුණු වැව හංදියේ) සිට මෙම විහාරස්ථානයට කිලෝමීටර් 1/4 ක් පමණවේ. විහාරස්ථානයට යාමට ඇති මාර්ගය තරමක් දුරට අප්‍රකට බැවින් බිදුණු වැව හංදියේ සිටින්නකුගෙන් මාර්ගය අසා දැන ගන්න.

විහාරස්ථානයේ බෝධිය
විහාරස්ථානයේ ලිපිනය:
චේතියරුක්ඛාරාමය,
දික්කුල්පොත,
බිදුණු වැව,
බණ්ඩාරවෙල.

දුරකතන අංකය : 057 2231651

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.19 දිනයි.

විහාරස්ථානයේ බුදු මැදුර

Sunday 20 January 2013

ශ්‍රී සුමංගලාරාමය - බණ්ඩාරවෙල

චෛත්‍යය
ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වැවතැන්න නම් ග්‍රාමයේය. මෙම විහාරස්ථානයට ගලාවීම පිණිස බණ්ඩාරවෙල නගරයේ සිට වැලිමඩ මාර්ගයේ කිලෝමීටර් 1 1/4 ක් පමණ පැමිණි තැන හමුවන ශාන්ත තෝමස්  හන්දියෙන්, ශාන්ත තෝමස් විද්‍යලය ඇති දිශාවට යායුතුයි. ශාන්ත තෝසම් විද්‍යලය අසල සිට වැවතැන්න මාර්ගයේ කිලෝමීටර් 1/4 පමණ යැමේදී මෙම විහාරස්ථානයට ලගා විය හැක. (එසේම බණ්ඩාරවෙල-වැලිමඩ මාර්ගයේ අඹේගොඩ නම් ස්ථානයේ ඇති වැවතැන්න මාර්ගයේ පැමිණිමෙන් ද මෙම විහාරස්ථානය අසලට පැමිණිය හැක)

ලංකාතිලක අනුරූ බුදු ගේ
මෙම විහාරස්ථානයේ පොලොන්නරුවේ ලංකාතිලක පිළිම ගේ ආකෘතියක් අනුව අනුරූ බුදු මැදුරක් සාදා ඇත්තේ 2012.05.28 දිනයි. එසේම මෙම විහාරස්ථානයේ අවුකන බුදු පිළිම අනුරුවක්ද නිර්මාණය කර තිබේ.

විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී සුමංගලාරාමය
වැවතැන්න,
බණ්ඩාරවෙල.
දුරකතන අංකය: 057 2223027

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.19 දින.
ලංකාතිලක අනුරූ බුදු ගේ

ලංකාතිලක අනුරූ බුදු ගේ


අවුකන අනුරූ පිළිමය

අවුකන අනුරූ පිළිමය


බෝධිය

Saturday 19 January 2013

සුධර්මාරාම බෞද්ධ මධ්‍යස්ථානය - බණ්ඩාරවෙල

සුධර්මාරාම බෞද්ධ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. බණ්ඩාරවෙල - බදුල්ල මාර්ගයේ බණ්ඩාරවෙල නගරයේ සිට කිලෝමීටර් 2 ක් පැමිණි තැන හමු වන උඩුහුල්පොත නම් ස්ථානයේ, දකුණට ඇති මාර්ගයේ මද දුරක් ගිය විට, වම් අත පැත්තේ මෙම විහාරස්ථානය පිහිටා ඇත. වර්තමානයේ වැඩ වාසය කරන ගරු කටයුතු ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම යටතේ සංවර්ධනය වෙමින් පවතින විහාරස්ථානයකී.

විහාරස්ථානයේ චෛත්‍යය
විහාරස්ථානයේ ලිපිනය:
සුධර්මාරාම බෞද්ධ මධ්‍යස්ථානය,
උඩුහුල්පොත,
බණ්ඩාරවෙල. 
දුරකතන අංකය: 057 2224022

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.19 දින

විහාරස්ථානයේ බෝධිය

අළුතින් ඉදිවන පිළිම වහන්සේලා

විහාරස්ථානයේ පිළිම වහන්සේ

විහාරස්ථානයේ ඇති
දේව මූර්ති