Monday 13 May 2013

පබළු වෙහෙර - පොලොන්නරුව

පබළු වෙහෙර දාගැබ
පරාක්‍රමබාහු රජුගේ බිසවක් වු ලීලාවතී රැජින විසින් මෙම පබළු වෙහෙර ඉදිකර ඇත. පොලොන්නරුවේ පිහිටා ඇති දාගැබ් වලින් විශාලතම දාගැබකී, මෙම පබළු වෙහෙර දාගැබ.  
ප්‍රතිමා ගෘහයක්
 විශාල දාගැබක් ලෙසට ඉදිකර ගර්භය සමතලාකර එහි මධ්‍යයේ තවත් කුඩා දාගැබක් ඉහලට මතුවන ආකාරයට නිර්මාණය කර ඇතත්, එහි සතරැස් කොටුව හෝ කොත් කැරැල්ල දක්නට නැතත්, චෛත්‍ය මළුවේ එක් පසෙක පැරණි චෛත්‍යයේ චත්‍රය සහ යුප කණුව බිම දක්නට ලැබේ.

ප්‍රතිමා ගෘහයක්
 පබළු වෙහෙර දාගැබ වටා ප්‍රතිමා ගෘහ 9 ක් දක්නට ලැබේ. ඒවායේ, හිටි පිළිම, සමාධි පිලිම හා සැතපෙන පිළිම දක්නට ලැබේ. එසේම සමහර ප්‍රතිමා ගෘහ තුල සිරි පතුල් ගල්ද දක්නට ලැබේ.

එසේම චෛත්‍යයේ පේසා වලලු වලට නැගීම සදහා කොරවක් ගල් සහිත පඩි පෙල් පංති දෙකකී. එමගින් පෙනි යන්නේ චෛත්‍යයේ තුන්වන පේසා වලල්ල දක්වා යාමට හැකියාවක් තිබු බවයි.

පා දොණියක්

ප්‍රතිමා ගෘහයක් තුල ඇති
සැතපෙන පිළිමයක්

ප්‍රතිමා ගෘහයක්

ප්‍රතිමා ගෘහයක්

චෛත්‍යයේ පේසා වලලු දක්වා
 නැගීමට ඇති පඩි පෙල

චෛත්‍යයේ පේසා වලලු දක්වා
 නැගීමට ඇති පඩි පෙල

චෛත්‍යයේ චත්‍රය

යුප කණුව


ප්‍රතිමා ගෘහයක්

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

No comments:

Post a Comment