Wednesday 28 August 2013

ශ්‍රී රතනපාලාරාමය - මාවුස්සාගොල්ල - පස්සර

ශ්‍රී රතනපාපාරාම විහාරස්ථානය, බදුල්ල දිස්ත්‍රික්කයේ, පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී. නමුණුකුල-පස්සර මාර්ගයේ මාවුස්සාගොල්ල නම් ගමෙහි පිහිටා ඇති විහාරස්ථානයකී. ඌව අමරපුර නිකායට අයත් විහාරස්ථානයක් වන අතර, ඌව අමරපුර නිකායේ අනුනායක පුජ්‍ය දික්යායේ සෝමානන්ද ස්ථවීර මෙම විහාරස්ථානයේ කටයුතු භාරව සිටියි.

විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී රතනපාපාරාමය,
මාවුස්සාගොල්ල,
පස්සර.
දුරකතනය : 055 3562948

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.16 දින

ජය ශ්‍රී මහා බෝධි අංකුර බෝධිය

ජය ශ්‍රී මහා බෝධි අංකුර බෝධිය

විහාරස්ථානය

ඌව අමරපුර නිකායේ
 අනුනායක
පුජ්‍ය දික්යායේ සෝමානන්ද ස්ථවීර

විහාරස්ථානය

Friday 23 August 2013

කම්මානංකඩ ශ්‍රී වර්ධනාරාම ධම්මචක්ක විහාරස්ථානය -බදුල්ල

බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්, බදුල්ල නගරයේ සිට බණ්ඩාරවෙල මාර්ගයේ මද දුරක් පැමිණි විට හමු වන විහාරස්ථානයකී.  මෙම විහාරස්ථානය ඉදිවී ඇති භුමි භාගය ‍ඓතිහාසික භූමි භාගයක් ලෙසට සැලකෙන ස්ථානයකී. බදුල් ආශ්‍රිත ප්‍රාදේශය උප රාජ්‍යයක්ව තිබියදී මෙම ස්ථානය හරහා මාර්ගයක් තිබුණේ යැයි මුඛපරම්පරා ගතව කියැවෙන අතර මෙම ස්ථානයේදී උප රාජ්‍යයට පැමිණි රජු පිළිගත් ස්ථානය ලෙසට සැලකේ.

දැනට විහාරස්ථානයේ පරගහඇල්ලේ ධම්මපාල, ඌව පලාතේ උප ප්‍රධාන සංඝනායක, ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ කටයුතු භාරව සිටියි.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.12 දිනයි.

විහාරගේ ඇති මුර්ති

බුදු පිළිම වහන්සේ

බුදුගේ

බුදුගේ

කුඩා චෛත්‍යයක්

නා ගසක් සහිත බෝධිය

බිතු සිතුවමක්

බිතු සිතුවමක්

බිතු සිතුවමක්

Tuesday 20 August 2013

ශ්‍රී ශෛලතලාරාමය - දෙමෝදර

ශ්‍රී ශෛලතලාරාමය, බදුල්ල දිස්ත්‍රික්කයට අ‍යත්, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, දෙමෝදර පිහිටා ඇති විහාරස්ථානයකී. දෙමෝදර මං සන්දියේ සිට, දෙමෝදර දුම්රිය ස්ථානයට යන මාර්ගයේ ගොස් හමුවන තුන් මං හන්දියෙන් -  බුදු පිළිමය සහ බෝධිය ඇති හන්දියෙන් - දකුණට ඇති ශ්‍රී විමලසාර මාවතේ මද දුරක් ගිය විට දකුණු අත පැත්තේ ශ්‍රී ශෛලතලාරාමය දැක ගත හැක.

පර්වතයක් ආශ්‍රය කරගෙන විහාරස්ථානය නිර්මාණය කර ඇති අතර, බුදුගේ, බෝධින් වහන්සේ, අටවිසි බෝධිය, ධර්මශාලාවද පවතින අතර, දැනට චෛත්‍යයක් නැතත්, චෛත්‍යය කදු මුදුනේ අති රමණිය ස්ථානයක ගොඩනැගීම සදහා සියල්ල සුදානම් කර ඇත. එසේ චෛත්‍යය ගොඩනැගුනු පසු එකම මල් දෝතින්; චෛත්‍යය, බුදු පිලිමය සහ බෝධින් වහන්සේ වැද පුදා ගත හැකි වනු ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.12 දිනයි.



බුදු ගේ

බුදු පිළිම වහන්සේ

බුදුගේ තුල ඇති මුර්ති සහ චිත්‍ර

බුදුගේ තුල ඇති මුර්ති සහ චිත්‍ර

බුදුගේ තුල ඇති මුර්ති සහ චිත්‍ර

බුදුගේ තුල ඇති මුර්ති සහ චිත්‍ර

බුදුගේ තුල ඇති චිත්‍ර

බෝධිය

අටවිසි පිළිම සහිත බෝධිය

චෛත්‍යය ඉදිවෙන ස්ථානයට පෙනෙන
මනරම්වු දර්ශනයක්

චෛත්‍යය ඉදි වෙන ස්ථානය

චෛත්‍යය ඉදිවෙන කන්ද

චෛත්‍යය ඉදිවෙන ස්ථානයට පෙනෙන
මනරම්වු දර්ශනයක්

චෛත්‍ය වෙත යන පඩි පෙල

සංඝමිත්තා තෙරණිය

විහාර ගේ ඇති මුර්තියක්

ඝණ්ඨාර කුළුණ

තොරණ

ඝණ්ඨර කුළුණ, බෝධිය සහ තොරණ

විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම

මං සන්දියේ ඇති බුදු පිළිමය සහ බෝධිය

මං සන්දියේ ඇති බුදු පිළිමය

Wednesday 7 August 2013

ශ්‍රී බෝධිරුක්ඛාරාම කෂ්‍යප පිරිවෙන් විහාරස්ථානය - පට්ටියගෙදර

ශ්‍රී බෝධිරුක්ඛාරාම කාෂ්‍යාප පිරිවෙන් විහාරස්ථානය, බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී. මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස, නෙළුව (එනසල්බැද්ද) හංදියට පැමිණ එහි ඇති කුඩුමුහුවෙල මාර්ගයේ කිලෝමීටර් 1 1/2ක පමණ දුරක් යා යුතුයි. මෙම විහාරස්ථානය උඩරට අමරපුර නිකායට අයත් විහාරස්ථානයකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.03 දිනයි.

බුදු මැදුර

පුස්තකාලය

පැරණි ධර්මශාලාව


බුදු පිළිමය

විහාරස්ථානයේ ඇති මුර්ති

විහාරස්ථානයේ ඇති මුර්ති

විහාරස්ථානයේ ඇති මුර්ති

දන්ත ධාතුන් වහන්සේගේ මුර්තියක්

විහාරස්ථානයේ ඇති මුර්ති

විහාරස්ථානයේ ඇති මුර්ති

විහාරස්ථානයේ ඇති බිතුසිතුවම්

විහාරස්ථානයේ ඇති බිතුසිතුවම්

පැරණි ධර්ම ශාලාව

චෛත්‍යය

සාමනේර හිමියන්