Wednesday 16 January 2013

අතුගල බුදු පිළිම වහන්සේ - කුරුණැගල

ඇතුගල බුදු පිළිමය පිහිටා ඇත්තේ කුරුණැගල නගරයේ පිහිටි ඇතුගල මස්තකයේය.

ඇතුගල බුදු පිළිමය
 වර්ෂ 1995 දී "ඇතුගලුපුර බුදුරුව සංවර්ධන සමිතිය" නමින් සමිතියක් ආරම්භ කර, එවකට රජය මගින් කුරුණැගල ඇතුගල මස්තකයේ අක්කරයක භූමි ප්‍රමාණයක් දිර්ඝ කාලීන බදු මත ලබා නමුත් 2000 වර්ෂය වන තුරුත් මෙම පිළිම වහන්සේගේ කටයුතු ආරම්භ කර ගත නොහැකි වු බැවින්, නැවත "හස්තිශෛලපුර බුදුරුව සංවර්ධන සමිතිය" නමින් සමිතියක් 2000 මාර්තු මස 16 දින ආරම්භ කර ගෙන, 2001 ඔක්තෝබර් මස 18 දින ඇතුගල පිළිමයේ වැඩ ආරම්භ කරන ලදී.

ඇතුගල බුදු පිළිමය
 ඩී.එම්.ටී.බී. දිසානායක මහතා විසින් රචිත "ඇතුගල බුදු පිළිම වහන්සේ" නම් ග්‍රන්ථයේ 23 පිටුවේ "මෙරට බොහෝ විහාරස්ථාන වල සහ වෙනත් ස්ථාන වල ප්‍රතිෂ්ථාපනය කර තිබෙන පිළිම වහන්සේලාගේ ස්වභාවයට වෙනස් අයුරින් මෙය නිර්මාණය වී තාබෙන බැව් දැකිය හැකිය. අත්තිවාරම මත සුළගේ වේගයට ඔරොත්තු දිය හැකි පරිදි යකඩ හා කොන්ක්‍රිට් වලින් වැර ගැන්වු පාදමකි. ...... පර්වත පෘෂ්ඨයේ අත්තිවාරමට පහලින් කාවද්දන ලද දගර වානේ කම්බි වලින් සැකිල්ල ලිස්සා යාමේ ප්‍රවණතාවය අවුරා තිබේ."

ඇතුගල බුදු පිළිමය
 මෙම පිළිම වහන්සේගේ වැඩ කටයුතු 2003 සැප්තැම්බර් මස 30 දින අවසන් කර ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.14 දින

ඇතුගල බුදු පිළිමය

ඇතුගල මුදුනට කුරුණැගල නගරය
පෙනෙන අයුරු

ඇතුගල රෝපනය කර ඇති
අනුරාධපුර
ජය ශ්‍රීමහා බෝධියේ අංකුරය
2007 මාර්තු 31 දින
රෝපණය කර ඇත

ඇතු ගලට පිවිසිය හැකි
පුරාණ ගල් පඩි

No comments:

Post a Comment