Monday 29 April 2013

රතන ප්‍රාසාදය - අනුරාධපුරය

රතන ප්‍රාසාදයේ ගල් කණු
 රතන ප්‍රාසාදය නමින් හැදින්වෙන නටඹුන් වු ගොඩනැගිල්ල අභයගිරිය විහාරයේ උපෝසථාගාරයයි. කණ්ෂ්ඨතිස්ස (ක්‍රි:ව: 164 - 192) නම් රජතුමා විසින් මෙම ගොඩනැගිල්ල ප්‍රථමයෙන් සාදා ඇති අතර දෙවන මහින්ද රජු විසින් රතන ප්‍රාසාදය විශාල කර, රන් ආලේපිත බුදු පිළිමයක් මෙහි ස්ථාපනය කර ඇත.

චොළ හා පාණ්ඩි ආක්‍රමණ නිසා විනාශයට පත්වු රතන ප්‍රාසාදය දෙවන සේන රජු විසින් නැවත ප්‍රතිසංස්කරණය කර ඇත.

රතන ප්‍රාසාදයේ ගල් කණු
 මෙම ගොඩනැගිල්ලට පිවිසෙන ද්වාරය ආසන්නයේ ඇති මුරගල දැනට ශ්‍රී ලංකාවේ සොයාගෙන ඇති විශිෂ්ඨතම මුරගලයි.
රතන ප්‍රාසාදය

රතන ප්‍රාසාදයේ ගල් කණු

ශ්‍රී ලංකාවේ සොයාගෙන 
ඇති විශිෂ්ඨතම මුරගල

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

Wednesday 24 April 2013

සත්මහල් ප්‍රාසාදය - පොලොන්නරුව

සත් මහල් ප්‍රාසාදය
පොලොන්නරුව දළදා මළුවෙහි පිහිටා ඇති අස්වභාවික හතරැස් හැඩයෙන් යුත් මහල් හතකින් සමන්විතවු ගොඩනැගිලකී. මෙහි දැනට හත්වන මහල කැඩි වැටි ඇති අතර හත්වන මහල දක්වාම හොදින් දැක බලා ගත හැක.

එක් පසෙකින් ගොඩනැගිල්ලට නැගීම සදහාවු පියගැට පෙලක් දක්නට ලැබේ. එසේම ආරුක්කු හැඩයෙන් යුත් කොටස් වල දේවතා රූප නෙලා ඇත.

පියගැට පෙල
මෙම සත් මහල් ප්‍රාසාදය කුමක් අරබයා සාදන ලද්දක් දැයි මෙතෙක් නිශ්චිතවම සොයා ගෙන නැත. එහෙත් දළදා මළුව තුලම මෙම ගොඩනැගිල්ල පිහිටා ඇති නිසා යම් කිසි බෞද්ධාගමික කර්තව්‍යයකට යොදාගත් බවට සක්සුදක් සේ විශ්වාස කල හැක.

පහත මාලයේ අභ්‍යන්තර දර්ශණයක්

සත් මහල් ප්‍රාසාදය

දේව පිළිමයක්

සත් මහල් ප්‍රාසාදය

සත් මහල් ප්‍රාසාදය

සත් මහල් ප්‍රාසාදය

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

ධාතු මන්දිරය - මිහින්තලේ

කුඩා දාගැබ් 
මිහින්තලේ මැද මළුවේ පිහිටා ඇති දාන ශාලාවට මදක් ඉහලින් ඇති නටඹුන්වු ගොඩනැගිල්ලකී. මෙම නටඹුන්වු ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ සතර කොනේම කුඩා දාගැබ් සතරකී.

ධාතු මන්දිරය
මෙම නටඹුන්වු ගොඩනැගිල්ල මිහින්තලයේ ධාතු මන්දිරය ලෙසට විශ්වාස කරනු ලැබේ. ධාතු මන්දිරය හරි හතරැස් වන අතර දෙමහල් ගොඩනැගිල්ලක්ව තිබෙන්නට ඇතියිද, උඩු මහලේ ධාතුන් තැම්පත් කර තිබෙන්නට ඇතැයිද විශ්වාස කෙරේ. ගොඩනැගිල්ලේ ද්වාරය දෙපස සෙල්ලිපි දෙකකී.

ද්වාරය දෙපස ඇති සෙල්ලිපි දෙක

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

අම්බස්ථල දාගැබ - මිහින්තලේ

2010 ජුනි මස 01 දා ගන්නා ලද
ඡායාරූපයක්. මෙහි ඇති මල්
ආසනය වර්ථමානයේ දක්නට නැත ? 
 මිහින්තලේ උඩමළුවේ පිහිටා ඇති අම්බස්ථල දාගැබ ඉදිකර ඇත්තේ මහා දාඨික මහානාග නම් රජු විසිනි.

බුදු රජාණන් වහන්සේ තුන්වන වර ශ්‍රී ලංකාවට වැඩිය අවස්ථාවේදී මද වේලාවක් ධ්‍යාන සුවයෙන් සිටි ස්ථානයකී, මේ අම්බස්ථල චෛත්‍යය පිහිටි භූමිය.

අම්බස්ථල චෛත්‍යය
මෙම චෛත්‍යය අම්බස්ථල දාගැබ වශයෙන් සහ සේල චෛත්‍යය වශයෙන් හදුන්වනු ලැබේ. එසේම දැනට සොයා ගෙන ඇති පැරණි තොරතුරු වලට අනුව අම්බස්ථල චෛත්‍යය ඉදි කර ඇත්තේ මිහිදු හිමියන්ට, දේවානම්පියතිස්ස රජු හමුවු ස්ථානයේය.

අම්බස්ථල චෛත්‍යය
 මහාදාඨික මහානාග රජු විසින් ඉදිකරන්නට යෙදුනු අම්බස්ථල චෛත්‍යය කණ්ෂ්ඨතිස්ස රජතුමා විසින් වටදා ගෙයක් ලෙසට ඉදිකර ඇති බව ඉතිහාසයේ සදහන්ය.

එසේම ගල් කණු වල සේලිපි දක්නට ලැබේ. මෙම දාගැබ ඉදිකර ඇත්තේ අඩ් 4ක් උස අඩ් 97 ක විෂ්කම්භයක් ඇති ගඩොල් වේදිකාවක් මතයි.

අම්බස්ථල චෛත්‍යය

චන්ද්‍රකාන්ත පාෂාණය

රන් වැටකින් වටකොට ඇති
චන්ද්‍රකාන්ත පාෂාණය

අම්බස්ථල චෛත්‍යය

අම්බස්ථල චෛත්‍යය

සිරි පතුල් ගලක්

අම්බස්ථල චෛත්‍යය

අම්බස්ථල චෛත්‍යය
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

Tuesday 23 April 2013

ආරාධනාගල මිහින්තලේ

මිහින්තලයේ පිහිටි ගල් පවිවකී, ආරාධනා ගල වශයෙන් හදුන්වන්නේ. සාමාන්‍යයෙන් අප විශ්වාස කරන්නේ, මිහින්තලයේ පිහිටි මෙම ආරාධනා ගල මුදුණට මිහිදු මහා රහතන් වහන්සේ වැඩිය බවයි. එහෙත් එය එසේ නොවේ. මෙම ගල් පව්වට ආරාධනා ගල යැයි පවසන්නේ, මිහිදු මහා රහතන් වහන්සේගේ, නියමයෙන් සුමන සමෙණේරයන් දෙවි බඹුන්ට ධර්ම දේශනය අසන්නට පැමිණෙන ලෙසට "ධර්ම ඝෝෂා" කලේ මේ ගල් පව්ව මත සිටයි. ඒ නිසා පසු කාලයේදී මෙම ගල් පව්ව "ආරාධනා ගල" වශයෙන් නම් විනි.



සුමන සමෙණේරයන් දෙවි බඹුන්ට
 ධර්ම දේශනය අසන්නට පැමිණෙන
 ලෙසට "ධර්ම ඝෝෂා" කිරිම


ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

Saturday 20 April 2013

මිරිසවැටිය දාගැබ - අනුරාධපුරය


මිරිසවැටිය දාගැබ දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දකී. මිරිසවැටිය දාගැබ ඉදි කිරිමට හේතු පාදක වුයේ, දුටුගැමුණු රජතුමා තිසා වැවේ දිය නෑමට ගිය අවස්ථාවකදී තම "ජය කුන්තය" වර්තමානයේ මිරිසවැටිය දාගැබ ඇති ස්ථානයේ ආරක්ෂාව සහිතව තබා දිය නෑමට ගියේය.

දිය නා අවසානයේ යාමට සරසෙත්ම "ජය කුන්තය" නැවත රැගෙන යාමට උත්සාහ කලත් එය නොහැකිවුයේය. ඒ නිසා එය වට කොට දාගැබක් ඉදි කලේය. ඒ මිරිසවැටිය දාගැබයි.

එනමුත් දාගැබ "මිරිසවැටිය" වුයේ රජු  (දුටුගැමුණු රජු) යමක් ආහාරයට ගැනීමට පෙර එය භික්ෂුන්ටත් පුජා කර පසුව තමා ආහාරයට ගැනිමේ පුරුද්දක් තිබුමුත්, රජු අසනීපව සිටි අවස්ථාවක මිරිස් හොද්දක් භික්ෂුන්ට පුජා නොකොට අනුභව කිරිමේ වරදට සමාව ගැනීම පිණිස මෙම දාගැබ මිරිසවැටිය යැයි නම් කර ඇත.


පවුර
පැරණි චෛත්‍යය වටකොට බදින ලද චෛත්‍යය 1987 දී කඩා වැටුණු අතර නැවත ඒ වටා ඉදිකරන ලද වර්තමාන චෛත්‍යය දැකබලාගත හැක. එහි උස අඩි 192 කී.
මිරිසවැටිය දාගැබ

ගල් කැටයමක්

සිරිපතුල් ගලක්

ගල් කැටයමක්

ඇත් කැටයමක්


වාහල්කඩේ ඇති සිංහයාගෙන්
 නිරුපණය වන්නේ උතුරු දිශාවයි

පැරණි කොටස් පෙනෙන ලෙස
 සංරක්ෂණය කර ඇති අයුරු

පැරණි කොටස් පෙනෙන ලෙස
 සංරක්ෂණය කර ඇති අයුරු
සහ චෛත්‍යයේ වාහල්කඩ

මිරිසවැටිය චෛත්‍යය සහ
චෛත්‍යයේ වාහල්කඩ

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

මනිනාග ආරාම සංකීර්ණය - මිහින්තලේ

කදු පාමුල ආරාමය ලෙසින්ද, මනිනාග ආරාමය හදුන්වනු ලැබේ. මිහින්තලාවට නගින ප්‍රධාන පියගැටපෙලට වම් පසින් මෙම නටඹුන්වු ආරාම සංකීර්ණය පිහිටා තිබේ. මෙම ආරාම සංකීර්ණය, පිළිම ගෙවල්, පිරිවෙන් සහ භික්ෂුන්ගේ නවාතැන් කුටි වලින් සමන්විතවු බව නටඹුන් අධ්‍යයනය කිරිමෙන් වැටහේ.







ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.