Sunday 31 March 2013

කිංකිණි රජමහා විහාරය - වැල්ලවාය

කිංකිණි රජමහා විහාරය පිහිටා ඇත්තේ, ඌව පලාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, වැල්ලවාය-තණමල්විල (A-2) මාර්ගයේ කිලෝමීටර් 312 කණුව ඉදිරිපිටයි.

නටඹුන් වු දාගැබ

ඉපැරණි විහාරස්ථානයකී. පැරණි නටඹුන් අභිනව පිරිවෙන් විහාරස්ථානයට පිටුපසින් පිහිටා ඇත. නටඹුන්වු සෑය, ටැම්පිට විහාරස්ථානයක ගල් කණු දක්නට ලැබෙන අතර, පාදෝණියක් - පා සෝදා ගැනීම සදහා ගලින් නිර්මාණය කර ඇති බදුනක් වැනි ගල් උපකරණයක් නටඹුන් වු සෑය අසල දක්නට ලැබේ. නටඹුන් වු සෑය සෑමළු තුනකින් වටවී ඇත.

ටැම්පිට විහාරස්ථානයක ගල් කණු 

විහාරස්ථාන භූමියේ පිහිටා ඇති පත්තිනිගල දේවාලය විහාරස්ථානයට ඉදිරියෙන් A-2 මාර්ගයට ආසන්නව පිහිටා ඇත. කිංකිණි රජ මහා විහාරයේ සහ විහාරස්ථානය ආර්‍ශිතව ඇති පිරිවෙන විහාරාධිපති ගරු කේ. කෝලිත හිමියන්ගේ මග පෙන්වීම යටතේ දියුණ්වෙමින් පවතියි.

නටඹුන් වු දාගැබේ මල් ආසනය

පැරණි පිළිමයක්

නටඹුන් වු දාගැබේ මල් ආසනය

පැරණි පිළිම ගේ

පැරණි පිළිමයක්

පැරණි ගල් උපකරණයක්


පැරණි බෝධිය

විහාරස්ථානයේ ලිපිනය:
කිංකිණි රජමහා විහිරස්ථානය,
වත්ත,
වැල්ලවාය.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

Saturday 30 March 2013

කරදගොල්ල ශ්‍රී බෝධිරුක්කාරාමය - ඇල්ල


වසර 400 පමණ පැරණි බෝධිය
ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී, කරදගොල්ල ශ්‍රී බෝධිරුක්කාරාමය. ඇල්ල-වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ග්‍රාමයට පැමිණ කරදගොල්ල මං සන්දියේ ඇති අඹදණ්ඩේගම මාර්ගයේ මීටර් 500ක් පැමිණිමෙන් මෙම විහාරස්ථානයට පැමිණිය හැක. 

වසර 400 පමණ පැරණි බෝධිය
 අභිනවයෙන් ඉදිකරගෙන යනු ලබන ගොඩනැගිලි සහිත විහාරස්ථානයක් වුවත්, ඉපැරණි ගල් කණු විහාරස්ථාන‍ භූමියෙහි සෑම තැනම විසිරි පවතී. දැනට වසර 400 පමණ පැරණි බෝධිය මුල් කැගෙන විහාරස්ථානය පවත්වා ගෙන යනු ලැබේ. අභිනව ගොඩනැගිලි ඉදි කිරිමට ප්‍රථම විහාරස්ථානයේ කුඩා පොකුණක්ද වු බව පැවසේ. විහාරස්ථානයේ වර්ථමාන දියුණුව ගරු මාලාගාකන්ද ශීලරතන හිමියන්ගේ මගපෙන්වීම යටතේ සැදුවේ.
කුඩා චෛත්‍යයක්

විහාර ගේ

බුදු පිළිම වහන්සේ

බිතු සිතුවම්

බිතු සිතුවම්

ලී කැටයමක්


ගල් කණු

ගල් කණු

ගල් කණු

පැරණි ධර්ම ශාලාව

අළුතින් ඉදි වන ධර්ම ශාලාව

ගරු මාලාගාකන්ද ශීලරතන හිමියන්

විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,
ඌව කරදගොල්ල,
ඇල්ල.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

Friday 29 March 2013

කනබිසවාරාම රජ මහා විහාරය - වැල්ලවාය

කනබිසවාරාම රජ මහා විහාරස්ථානය, ඌව පලාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍යට අයත් ඉපැරණි විහාරස්ථානයකී. මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයේ, මුල් කාලයයේ ගොඩ නංවා ඇති විහාරස්ථානයකී. විහාරස්ථානයේ ඉපැරණිභාවය පෙන්නුම් කරන අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් කැටයම් කලාව ලංකාවේ ප්‍රචලිතවීමට ප්‍රථම නිර්මාණය කරන ලද සදකඩ පහනකී. විහාරස්ථාන භූමිය පුරාම පුරාවිද්‍යා ස්මාරක සහ නටඹුන් රාශියකී. විහාරස්ථානයට ඉදිරියෙන් ඇත්තේ හදපානාගල වැවයි. පසුගිය වකවානුවකදී වැවේ වැව් බැම්ම කැඩි බිදි යාම නිසා එකවරම ගලා ගිය ජලය නිසා විහාරස්ථානයේ ඇති නටඹුන් සදහා විශාල හානියක් සිදුවී තිබේ. විහාරස්ථානය ඉදිරියෙන් ඇති ගල් තලාවක කටාරම් කොටන ලද ගල් ගුහා කිහිපයකී. පඩිපෙලක් සහ ගල මුදුනේ කුඩා පොකුණු ද කිහිපයකී.

විහරස්ථානයේ වර්ථමාන දියුණුව විහාරාධිපති ගරු පුජ්‍ය මත්තමගොඩ ධීරානන්ද හිමියන්ගේ මගපෙන්වීම යටතේ සිදුවේ. විහාරස්ථානයේ ඉන්දියාවේ ආනන්ද බෝධියේ අංකුරයක් සිටුවා ඇත.


අනුරාධපුර මුල් යුගයට අයත්
සදකඩ පහණ


ගරා වැටි ඇති චෛත්‍යය

බිතු සිතුවම්

ගල් ගුහාවක්

තවත් ගල් ගුහාවක්

ගල මුදුණේ ඇති පඩි පෙල

තවත් ගල් ගුහාවක්

ගල මුදුණ

ගල මුදුණේ ඇති කුඩා පොකුණක්

ගල මුදුණේ ඇති තවත් කුඩා පොකුණක්
දකුණු අත පැත්තේ පෙනෙන්නේ
හදපානා ගල ජලාශයයි

කොරවක් ගලක්

ගල මුදුණේ ඇති තවත් කුඩා පොකුණක්

ගරා වැටි ඇති චෛත්‍යයේ
යුප කණුව

ගරා වැටි ඇති චෛත්‍යය

ගල් කණු

ගල් කණු

විහාරස්ථානයේ නටඹුන්වු පවුර

ආනන්ද බෝධි අංකුරය


ගරු පුජ්‍ය මත්තමගොඩ ධීරානන්ද හිමියන්

මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස වැල්ලවාය-තණමල්විල මාර්ගයේ (A-2)මාර්ගයේ පැමිණ හදපානාගල හන්දියෙන්, හදපානාගල ජලාශය මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ යා යුතුයි.

විහාරස්ථානයේ ලිපිනය:
කනබිසවාරාම රජ මහා විහාරස්ථානය,
හදපානාගල,
වැල්ලවාය.
දුරකතන අංකය: 055 3590322

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

Friday 15 March 2013

රත්මල්කන්ද ආරණ්‍යය - ඇල්ල

ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී. මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස බණ්ඩාරවෙල-කිතල්ඇල්ල-ඇල්ල මාර්ගයේ පැමිණිය යුතු අතර, ඇල්ල නගරයේ සිට කිලෝමීටර් 2 1/2 පමණ පැමිණිය යුතුයි.


ඉදිවෙමින් පවතින චෛත්‍යය


ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

ලිපිනය:
රත්මල්කන්ද ආරණ්‍යය
කිතල්ඇල්ල,
ඇල්ල.
දුරතකනය : 057 4915915 සහ 077 3681065
වෙබ්: www.meditation.lk

රජකොටුව ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානය - ඇල්ල

ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී. මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස බණ්ඩාරවෙල-කිතල්ඇල්ල-ඇල්ල මාර්ගයේ පැමිණිය යුතුයි. ඇල්ල නගරයේ සිට මෙම මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ පැමිණිය යුතුයි. අභිනවාරාමයකී. මෙම විහාරස්ථානය ඉදිකර ඇති භූමියේ පැරණි "හීල්ඔය ඔලන්ද බලකොටුව" නම් බලකොටුවක් පැවැති බව පත පොතේහි සදහන්ය.


බෝධිය සහ බෝධි ප්‍රාකාරය

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.