Tuesday 30 July 2013

ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය - උඩුනුවර

මහනුවර සිට කොළඹ නුවර මාර්ගයේ පිලිමතලාව සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර් 5 1/2 ක් පමණ ගිය විට හමුවන හියාරාපිටිය නම් ගම්මානයේ, ඇති පන්හල්ගල නම් පර්වතයේ ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය පිහිටා ඇත. මෙම විහාරස්ථානය අයත් වන්නේ උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයටයි.

මෙම විහාරස්ථානය ගම්පොල යුගයට අයත් වන අතර ක්‍රි:ව: 1344 දී පමණ බුවනෙකබාහු රජුගේ ඇමතියෙකු වු සේනාධිලංකාර විසින් කරවන ලද්දකී.

ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරස්ථානය බුද්ධ හා හින්දු සිද්ධාස්ථානයකී. මෙසේ පැවසීමට හේතුව වන්නේ, නැගෙනහිර දෙසට වන්නට බුදු පිළිම සහිත බුදු මැදුර පවතින අතර බටහිර දෙසට වන්නට හින්දු දේවස්ථානයක් ඇති අතර එම බුදු පිළිම ගෙය සහ හින්දු දේවස්ථානය එකම ගොඩනැගිල්ලේ ඇති අතර බිත්තියකින් එය වෙන්වේ.

පිළිම ගෙය, බෝධිය ගල් තලාව උඩ පිහිටා ඇති අතර ගල්තලාව පාමුල සංඝාවාස ආදි ගොඩනැගිලි පිහිටා ඇත. පිළිම ගෙය, චෛත්‍යය සහ බෝධිය පිහිටා ඇති ගල් තලාවේ සෙල්ලිපි දෙකක්ද දක්නට ලැබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.09 දිනයි.

වාහල්කඩ

බෝධිය

තවත් බෝධියක්


චෛත්‍යය

පිළිම ගෙය

පිළිම ගෙය

පාදොණියක්

බුදු පිළිම වහන්සේ

හිටි බුදු පිළිම වහන්සේ

බිතු සිතුවම්

බිතු සිතුවම්

බිතු සිතුවම්


සෙල් ලිපිය

සෙල් ලිපියේ අක්ෂර


පිළිම ගෙය

පිළිම ගෙය

තවත් බෝධියක්

Monday 22 July 2013

වේළුගාම කිරි වෙහෙර රජ මහා විහාරය - කන්දකැටිය

මෙම විහාරස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ, කන්දකැටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී.  මෙම විහාරස්ථානය යොදුන් සෑයක් වශයෙන් හදුන්වනු ලබන අතර මහියංගනය චෛත්‍යයේ සිට මෙම ස්ථානයටත්, බදුල්ල මුතියංගනයේ සිට මෙම ස්ථානයට ඇත්තේද එකම දුර බව පැවසේ. එසේම මෙම විහාරස්ථානය; කිරිවෙහෙර වේළුගාම කිරිවෙහෙර , සහ කන්ද කැටිය කිරි වෙහෙර යන නම් වලින්ද හදුන්වනු ලැබේ.


පැරණි ද්වාරයක නටඹුන්
නටඹුන්ව තිබි 1870 දී පමණ ගරු පොල්වත්තේ ශ්‍රී සුනන්ද හිමියන්ගේ මග පෙන්වීම යටතේ අලුත් වැඩියා කොට තිබේ. ටැම්පිට විහාරයක නටඹුන් දක්නට ලැබෙන අතර දෙතිස් ඵලරුහ බෝධින් වහන්සේ නමක් යැයි හදුන්වන බෝධින් වහන්සේ නමක්ද මෙම විහාරස්ථානයේ ඇත. 

"කිවුලේ ගෙදර දේවාලය" නම්න් දේවාලයක්ද මෙහි දක්නට ලැබේ. එසේම නටඹුන්වු ශිලා ලිපි කිහිපයක්, පා දොණියක් සහ පැරණි ධාතු මන්දීරය තිබු පාදම මත ගොඩ නගන ලද පුරාණ ධාතු මන්දීරයද වේ.

"ශ්‍රී ධර්මාලෝක පිරිවෙන" නම්න් පිරිවෙනක් මෙම විහාරස්ථානය අනුබද්ධිතව ඇත. ඌව අමරපුර නිකායට අයත් විහාරස්ථානයකි.

2002.11.22 දින අංක 1264 දරණ ශ්‍රී ලංකා රජයේ ගැසට් පත්‍රය මගින් කන්දකැටිය, පල්ලෙවෙල ග්‍රාම සේවා වසමේ ඇති කිරිවෙහෙර රජ මහා විහාරස්ථාන භූමියේ ඇති,  කිරි වෙහෙර පැරණි දාගැබ ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ,  පුරා විද්‍යා ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.09.09 දිනයි.

පරණි කිරිවෙහෙර චෛත්‍යය

ගල් පිහිල්ලක්

බෝධින් වහන්සේ නමක්

පැරණි බුදු මැදුර

බුදු පිළිම වහන්සේ

මෙහි ඇති ප්‍රතිමාවක්

සැතපෙන පිළිම වහන්සේ

බිතු සිතුවම්

බිතු සිතුවම් සහ මුර්ති

 තවත් බෝධින් වහන්සේ නමක්

තවත් බෝධින් වහන්සේ නමක්

පැරණි කිරිවෙහෙර චෛත්‍යය

පැරණි මල් ආසනයක්

පැරණි ධාතු මන්දීරය

කිවුලේ ගෙදර දේවාලය

පැරණි කිරිවෙහෙර චෛත්‍යය

තොරණ


පැරණි කිරිවෙහෙර චෛත්‍යය

Saturday 20 July 2013

උඩුවර පුරාණ විහාරය - උඩුවර

උඩුවර පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් උඩුවර ග්‍රාමයේය. මෙම විහාරස්ථානය වලගම්බා රජු හා සම්බන්ධිත විහාරස්ථානයක් ලෙස ජනප්‍රවාදයේ සදහන්ය. වර්ෂ 500 කට වඩා පැරණි බෝධියක් විහාරස්ථානය සතුවන අතර, වලගම්බා රජු විසින් ඉදි කරන්නට යෙදුණු උස්වු ස්ථානයේ ඉදි කරන ලද වෙහෙර -- උඩ වෙහෙර -- පසු කාලයේදී උඩුවර බවට පත්විය. සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයට අයත් විහාරස්ථානයකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.07.10 දිනයි.

චෛත්‍යය

බෝධිය

බුදු මැදුර

චෛත්‍යය

චෛත්‍යය සහ තොරණ

Thursday 18 July 2013

බෝසත් සෙවන බෞද්ධ මධ්‍යස්ථානය - මීගහකිවුල

බදුල්ල දිස්ත්‍රික්කයේ, මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී, බෝසත් සෙවන බෞද්ධ මධ්‍යස්ථානය. මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස මීගහකිවුල පොල හන්දියෙයේ ඇති පොල පාර දිගේ මීටර් 500 ක් පමණ ගොස් වමට ඇති මාර්ගයේ කිලෝ මීටර්යක් පමණ යා යුතුයි.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.07.09 දිනයි.

බෝධිය

ලැගුම් ගෙය

බෝධිය


බුදු ගෙය

බෝධිය