මිරිසවැටිය දාගැබ දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දකී. මිරිසවැටිය දාගැබ ඉදි කිරිමට හේතු පාදක වුයේ, දුටුගැමුණු රජතුමා තිසා වැවේ දිය නෑමට ගිය අවස්ථාවකදී තම "ජය කුන්තය" වර්තමානයේ මිරිසවැටිය දාගැබ ඇති ස්ථානයේ ආරක්ෂාව සහිතව තබා දිය නෑමට ගියේය.
දිය නා අවසානයේ යාමට සරසෙත්ම "ජය කුන්තය" නැවත රැගෙන යාමට උත්සාහ කලත් එය නොහැකිවුයේය. ඒ නිසා එය වට කොට දාගැබක් ඉදි කලේය. ඒ මිරිසවැටිය දාගැබයි.
එනමුත් දාගැබ "මිරිසවැටිය" වුයේ රජු (දුටුගැමුණු රජු) යමක් ආහාරයට ගැනීමට පෙර එය භික්ෂුන්ටත් පුජා කර පසුව තමා ආහාරයට ගැනිමේ පුරුද්දක් තිබුමුත්, රජු අසනීපව සිටි අවස්ථාවක මිරිස් හොද්දක් භික්ෂුන්ට පුජා නොකොට අනුභව කිරිමේ වරදට සමාව ගැනීම පිණිස මෙම දාගැබ මිරිසවැටිය යැයි නම් කර ඇත.
| පවුර |
පැරණි චෛත්‍යය වටකොට බදින ලද චෛත්‍යය 1987 දී කඩා වැටුණු අතර නැවත ඒ වටා ඉදිකරන ලද වර්තමාන චෛත්‍යය දැකබලාගත හැක. එහි උස අඩි 192 කී.
| මිරිසවැටිය දාගැබ |
| ගල් කැටයමක් |
| සිරිපතුල් ගලක් |
| ගල් කැටයමක් |
| ඇත් කැටයමක් |
| වාහල්කඩේ ඇති සිංහයාගෙන් නිරුපණය වන්නේ උතුරු දිශාවයි |
| පැරණි කොටස් පෙනෙන ලෙස සංරක්ෂණය කර ඇති අයුරු |
| පැරණි කොටස් පෙනෙන ලෙස සංරක්ෂණය කර ඇති අයුරු සහ චෛත්‍යයේ වාහල්කඩ |
| මිරිසවැටිය චෛත්‍යය සහ චෛත්‍යයේ වාහල්කඩ |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.
No comments:
Post a Comment