Wednesday 22 August 2012

Ancient Ravana Ella Temple - Ella

රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානය - ඇල්ල

රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ක්‍රික්කයේ, ඇල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේය. ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල සිට රාවණා ඇල්ල හංදියට පැමිණ එහි දකුණට ඇති මාර්ගයෙන් කිලෝ මීටර එක හමාරක් පමණ ගිය විට රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානයට ලගාවිය හැක. (ඒ අසලම කන්දේ ඇති පඩිපෙලින් ගිය විට රාවණා ඇල්ල ගුහාවට ප්‍රවේශ විය හැක.) රාවණා ඇල්ල විහාරස්ථානයේ විහාරය ගල් ලෙනක් තුල පිහිටා තිබේ. මෙම ගල් ලෙන් විහාරය වලගම්බා රජ දවස, වලගම්බා රජු විසින් ඉදි කරන ලදැයි ජනප්‍රවාදය කියයි. ලෙන් විහාරය ආවරනය පිණිස පැවති පැතලි උළු සෙවිලි කරන ලද වහලය දිරායාම නිසා දැනට කොන්ක්‍රිට් යොදා වහලයක් ලෙන ආවරණය පිණිස ඉදිකර තිබේ.

විහාර ගේ

බෝධිය

බෝධිය සහ විහාර ගේ

සදකඩ පහණක්

ඡායාරූප ගන්නා ලද්දේ 2012.08.20 දින.
















ලැගුම් ගේ
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.11 දිනයි.

රාවණාඇල්ල පුරාණ විහාරස්ථානයේ, ගල් ලෙන් විහාරය තුල ඡායාරූප ගෙන මෙම බ්ලොග් අඩවියේ පල කිරිම සදහා මා හට අවසර ලබා දෙන ලද ගරු ශ්‍රී සුමංගලාභිධාන ඌව දිසාවේ ප්‍රධාන සංඝනායක ගරු පුජ්‍ය රිල්පොල ඤණදේව ස්ථවිර (විහාරාධිපති - රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානය) සහ රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරු සුමණ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය.

Updated on 2013.03.18

Monday 20 August 2012

Youdaganawa Dagaba and Image House

ඓතිහාසික යුදගනාව දාගැබ සහ පිළිම ගෙය

ඓතිහාසික යුදගනාව දාගැබ සහ පිළිම ගෙය පිහිටා ඇත්තේ, ඌව පලාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තලය. බුත්තල නගරයේ සිට වැල්ලවාය දෙසට කිලෝමීටර් 2ක් පමණ පැමිණි පසු හමුවන යුදගනාව හංදියෙන් දකුණට හැරි තව කිලෝමීටරයක් පමණ ගිය විට යුදගනාව චුලාංගනී චෛත්‍ය සංකීර්ණයත්, තව ඉදිරියට ගිය විට වමි අත පැත්තට ඇති මාර්ගයේ අඩි 200 ක් පමණ ගිය විට ඒ, ඓතිහාසික යුදගනාව පිළිම ගෙයත්, ඒ ඓතිහාසික යුදගනා චෛත්‍යයත් දිස්වේ.

මෙම ඓතිහාසික යුදගනා භූමිය දුටුගුමුණු කුමාරයා සහ සද්ධාතිස්ස කුමාරයා යන දෙසෙහොයුරන් සටන් කල ස්ථානය යැයි ජන ප්‍රවාදය කියයි. මෙය "යුදගනාපිටිය" ලෙස ඒ ඓත්හාසික යුගයේ හැදින්විනි. එයට පෙර වකවාණුවක මෙම ස්ථානය " චුල අංගන පිටිය" නමින්ද හදුන්වා ඇත. 

යුදගනාව චෛත්‍යයය, යුදගනාව චුලාංගනී  චෛත්‍යය, අළුිතින් ඉදිවී ඇති සංඝාවාස බිම යන ඒවා ඉදිකිරිම් රජ වරුන් තිදෙනෙකුගේ ඉදිකිරිම් ලෙසට පෙනේ. (සද්ධාතිස්ස රජු, මහා පරාක්‍රමබාහු රජු, සහ මහා නාග රජු) එසේම පිළිම ගෙය මහා නුවර යුගයට අයත්ය.

යුදගනාව චෛත්‍යය ඌව පලාතේ ඇති විශාලතම දාගැබයි.

පොලොන්නරුවේ ඇති
 කොට වෙහෙරක්

සංරක්ෂණ වලට පෙර
පිළිම ගෙය සහ චෛත්‍යයය

ඓතිහාසික යුදගනා දාගැබ කොට වෙහෙරක් බව කියැවේ. කොට වෙහෙරක් යනු පේසා වලලු වලට ඉහලින් චෛත්‍යය සමතලා කොට ඒ මැද කුඩා දාගැබක් ඉදිකිරිමයි. එහෙත් නුතන පුරා විද්‍යා සම්ක්ෂණ වලට අනුව සතරැස් කොටුව සහිත විශාල චෛත්‍යයක්ව පැවැති බව පුරා විද්‍ය සාක්ෂි ඇතැයි පුරා විද්‍යඥයන් පවසතී. යුදගනා චෛත්‍යයේ වට ප්‍රමාණය අඩි 1038 යි අගල් 6 කී.

ඓතිහාසික යුදගනාව පිළිම ගෙය

මහනුවර යුගයට අයත් යැයි සැලකේ. බිත්ති සහ බුදු රුව සදා ඇත්තේ මැටියෙනි. ඇතුලත සහ පිටත බිත්ති වල චිත්‍ර ඇද ඇත. පිටත බිත්ති වල චිතු හදුනා ගැනීමට අපහසුය මෙයට හේතුව වන්නේ අව්වට සහ වැස්සට මෙන්ම කාලයාගේ ඈවෑමෙන් මෙම චිත්‍ර දුර් වර්ණ වී තිබිමයි. දොරකඩ දෙපස බලුසිංහ රූප දෙකකී, එසේම දෙරටුව දෙපස කඩු රුගත් මුරකරුවෝ දෙදෙනෙකි. පිළිම ගෙය ඇතුලත බිත්ති වල සහ සිවිලිම පුරාම අලංකාර චිත්‍ර ඇද ඇත.


පිළිමගේ පිටත ඇති චිත්‍ර

පිළිමගේ පිටත ඇති චිත්‍ර 

බලුසිංහ රුපයක්

කඩු රැගත් මුරකරුවෙක්ගේ
 රූපයක්

පිළිම වහන්සේ

යුදගනා චෛත්‍යය සහ
 පිළිම ගේ
ඓතිහාසික පිළිම ගේ


චෛත්‍යයේ සංරක්ෂණ
 කටයුතු 2012 ජුනි මස

චෛත්‍යය අසල ඇති
 ගල් උපකරණයක්


චෛත්‍යයේ සංරක්ෂණ
කටයුතු 2012 ජුනි මස

Thursday 16 August 2012

Somawathiya Raja Maha Viharaya - Polonnaruwa

සෝමාවතිය රජ මහා විහාරය - පොලොන්නරුව

යුප කණුවක්
 කාවන් තිස්ස රජු, දුටුගැමුණු රජුගේ පියාය. කාවන්තිස්ස රජුගේ නැගනිය සෝමාවතී දේවියයි. සෝවතී දේවිය කැළණියේ තිස්ස හෙවත් ශීව රජුගේ බෑණාවු අභය කුමරැ සමග විවාහහවී ගිරි නුවර වාසය කලාය.
සමාධි පිළිමය

පැරණි බුදු පිළිම
ශිර්ශයක්
දුටුගැමුණු කුමාරයා සොමාවති දේවිය වාසය කල ගිරි නුවරට වාසය කිරිම පිණිස පැමිණියෙන්, එයට අමනාපවු සෝමාවති දේවිය සහ අභය කුමරැ සේරු නුවර වාසය කල ශීව රජු හමුවීමට ගියේය. ඔවුන් දෙදෙනාගේ පැමිණිමෙන් ශීව රජු මහවැලි ගග අසබඩ සෝමපුරය ඔවුන්ට රජ්‍යයක් කර වාසය කිරිම පිණිස දින.
ගල් පහන්
කාල්යත්ම සෝමා දේවිය, අභය කුමරු හට තමාට වන්දනාමාන කිරිමට ස්ථානයක් නොමැති බව දැන්වුයෙන්, අභය කුමරැ තම නුවරට ඉතා නුදුරු  අලංකාර සල් වනය සුදුසු බව හැගි ගියේය. මෙම සල් වනයෙහි මහා ආර්ට්ඨ තෙරුන්ගෙන් පැවැත ආ මහින්ද නම් තෙර සමග තවත් තෙරහු 60 නමක් වාසය කරයි.

චෛත්‍යයේ පැරණි

 කොටස් පෙ‍නෙන ලෙස
1. සෝමා දේවිය හා අභය
 කුමරු කරවු චෛත්‍යයය
2.ක්‍රී.ව. 164 දී කනිෂ්ඨ
තිස්ස රජු කරවු චෛත්‍යයය
3. නුතන සංරක්ෂණය
අභය කුමරු මහින්ද නම් වු ඒ නායක තෙර නමගෙන් අවසර ගෙන චෛත්‍යයයක් ඉදි කිරිම ආර්මිභ කරන ලදි. චෛත්‍යයෙහි තැම්පත් කිරිස පිණිස මහින්ද තෙරණුවෝ පුදනු ලැබු බුදුන්ගේ දකුණු දළදාව අභය කුමරුට දින.

චෛත්‍යය මෙන්ම මේ 61 ක් නමට වාසය කිරිම පිණිස විහාර සංකිර්ණයක් ද අභය කුමරු විසින් සාදා පුජා කරන ලදි. 


එසේම සෝමාවතී චෛත්‍යය අභියස නොයෙක් වර නෙයෙක් ආකාරයේ අෂ්චර්යයන් (බුදු රැස් විහිදිම, චෛත්‍යය තුලින් පෙරහැර පැමිණිම, චෛත්‍යය තුලට පෙරහැර යෑම වැනි) සිදුවේ. සෝමාවතී රජ මහා විහාරස්ථානයේ ගන්නා ලද දේවතා එළි සහිත ඡායාරූප නරඹිම සදහා www.dewathaeli2.blogspot.com වෙත පිවිසෙන්න.

සිරි පතුල් ගලක්
අනුරාධපුර යුගයෙන් පසු චොල ආක්‍රමණ නිසා කැලැ වැදි විනාශවී තිබු සෝමාවති චෛත්‍යය 1947 දී පමණ සොයා ගෙන ඇත්තේ බුදු රැස් මාලා සහ ශබ්ද පුජා ශබ්ද නිසාය. එසේ සොයා ගැනිමෙන් පසු පුරා විද්‍ය දෙපාර්තමේන්තුව විසින් කැණිම් කර, ගවේෂණය කර. සංරක්ෂණය කර අද පවතින ආකාරයට පුතිසංස්කරණය කර සැදැහැවතුන්ගේ වන්දනාමාන කර ගැනීම සදහා විරාජමානව වැඩ සිටිති. 

සෝමාවතිය චෛත්‍යයයේ එක් පැත්තක කොටසක් පුරාණ චෛත්‍යය දැක බලා ගත හැකි වන ආකාරයට සකස් කර ඇත.
1. සෝමාවති දේවිය සහ ගිරි අභය කුමරු විසින් කරවන ලද මුල්ම චෛත්‍යය
2ත ක්‍රි.වත 164 දී පමණ කණ්ෂ්ඨ තිස්ස රජු විසින් සෝමාවති දේවිය හා ගිරි අභය කුමරු විසින් කරවන ලද චෛත්‍යය වැසෙන ආකාරයට සාදන ලද චෛත්‍යයය.
3. වර්තමාන සංරක්ෂන වලින් පසු ඉහත චෛත්‍යය දෙකම වැසෙන ආකාරයට සංරක්ෂණය කර ඇති ආකාරය.

චෛත්‍යය මළුවේ ආරක්ෂක විහාරයක නටඹුන්ද වේ. විහාර භූමිය අව‍ට සෙල් ලිපි රාශියක් ඇති අතර, මැටි ගඩොල් / උළු කැට රාශියක් තැන තැන විසිරි පවති. එසේම විහාරස්ථානය වටා පවුරක් බැද  ආරක්ෂක අගලක් තිබු බවටද සාක්ෂි පවතී.


පැරණි සදකඩ පහණක්


චෛත්‍යයේ පැරණි

 කොටස් පෙ‍නෙන ලෙස
1. සෝමා දේවිය හා අභය
 කුමරු කරවු චෛත්‍යයය
2.ක්‍රී.ව. 164 දී කනිෂ්ඨ
තිස්ස රජු කරවු චෛත්‍යයය
3. නුතන සංරක්ෂණය

චෛත්‍යය වටා පවුර
 සහ සෙල් ල්පියක්

ඝණ්ඨාර කුළුණ

සිරි පතුල් ගලක්

බෝධිය

සෙල් ලිපියක්

සෝමාවති චෛත්‍යයය

සිරි පතුල් ගලක්

කරඩුව

සෝමාවති චෛත්‍යයය 

සෙල් ලිපියක් 

සෙල් ලිපියක්

සෙල් ලිපියක්

චෛත්‍යයේ චත්‍රය

ගල් කණුවක් තිබු
ස්ථානයක්

ආරක්ෂක විහාරය

චෛත්‍යයේ පැරණි

 කොටස් පෙ‍නෙන ලෙස