Monday 28 January 2013

කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය - වැල්ලවාය

 මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍යට අයත් විහාරස්ථානයකී, කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරස්ථානය. මෙම විහාරස්ථානය වැල්ලවාය නගරයට ආසන්නව උස් ගල් තලාවක් ආශ්‍රිතව පිහිටා ඇත. වලගම්බා රාජ්‍ය සමය දක්වාම පැරණි යැයි පැවසේ.

මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස, වැල්ලවාය-බුත්තල මාර්ගයේ යා යුතුයි. වැල්ලවාය  නගරයේ සිට, බුත්තල  මාර්ගයේ කිලෝ මීටර් 2  1/2 පමණ ගිය තැන හමුවන

 වීරසේකර ග්‍රාමයේ (වරුණගම) මෙම විහාරස්ථානය පිහිටා ඇත. මාර්ගයේ (වැල්ලවාය සිට යාමේදී) දකුණු අත දීශාවට ඇති කොටවෙහෙර ගල පුරාණ ගල්ලෙන් විහාර මාවතේ මීටර් 200 ක් පමණ යාමේදී මෙම විහාරස්ථානයට ප්‍රවිශ්ඨ විය හැක.

විහාරස්ථානයේ චෛත්‍යය පිහිටා ඇත්තේ විහාරස්ථානය ආසන්නයේ ඇති ගල් තලාව මස්තකයේය. ඉතා අපහසුවෙන් ගල් තලාව මතට තරණය කල යුතුයි. ගල් තලාවේ ගල් ලෙන්, කුඩා ජල කෙමන (කුඩා ජල පොකුණු) රාශියක් දැක ගත හැක.

 බුදු මැදුර, බෝධිය විහාරස්ථානයේ වැදගත් අංගයන්, සහ ඉපැරණි වලගම්බා සමයට අයත් කිරිගරුඩ පිළිමයක්ද විහාරස්ථානය සතුයි.

විහාරස්ථානය ආසන්නයේම වැවක්ද දක්නට ලැබෙන අතර වැවයි, දාගැබයි සංකල්පය මෙයින් මොනවට ගම්‍යමානවේ.

 විහරස්ථානයේ ලිපිනය:
කොටවෙහෙරගල පුරාණ ගල් ලෙන් විහාරස්ථානය,
වීරසේකර ගම
වැල්ලවාය.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.28 දිනයි.

ඉතා අපහසුවෙන් ගල් තලාව මතට තරණය කල යුතුයි

බෝධි වෘක්ෂය

වලගම්බා සමයට අයත්
 කිරිගරුඩ පිළිමය

කුඩා ජල කෙමනක්
 (කුඩා ජල පොකුණක්)


බුදු මැදුර

ගල් තලාව මුදුනට,
විහාරස්ථානය පෙනෙන අයුරු

No comments:

Post a Comment