Sunday 29 July 2012

Buddhist Flag

බෞද්ධ ධජය


අනගාරික ධර්මපාල තුමා

හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා

ගරු හික්කඩුවේ සුමංගල නාහිමියන්

බෞද්ධයන් විසින් අද භාවිතයට ගැනෙන බෞද්ධ කොඩිය, ශ්‍රීලංකාවේ දී, පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්, පුජ්‍ය මිගෙත්තෙට්ටුවේ ගුණානන්ද හිමියන්,  සහ දොන් කරෝලිස් හේවාවිතාරණ (අනගාරික ධර්මපාල තුමාගේ පියා), අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන, විලියම්ද අබ්රිව්, චාල්ස් ඒ. ද සිල්වා. පීටර් ද ආබ්රිව්, එච්. විලියම් පර්නැන්ඩිනස්, එන්. එස්. ප්‍රනාන්දු සහ කරෝලිස් පුජිත ගුණවර්ධන යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන්, සහ සංවිධානත්වයෙන් බිහිවුවකී.


දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා

පීටර් අබිරිවි මහතා

පුජ්‍ය මිගෙත්තේට්ටුවේ ගුණානන්ද හිමි


බ්‍රිතන්‍යයන්ගේ පාලනය යටතේ 1885 අප්‍රෙල් 28 වන දින, වෙසක් පොහොය දිනයේ පුජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් කොළඹ, කොටහෙන දීපදුතාරාම‍යේදි බෞද්ධ කොඩියක් ලෝකයේ ප්‍රථම වරට එසවිනි.

එසේ නිර්මාණය කරන ලද බෞද්ධ කොඩිය හෙන්රි ස්ටිල් ඕල්කොට් තුමාගේ මග පෙන්විම මත නැවත සංශෝධනයකට භාජනය කරන ලදුව, 1886 වෙසක් උත්සවයේදී එම සංශෝධිත බෞද්ධ ධජය ඔසවන ලදී. ඉන් අනතුරුව අනගාරික ධර්මපාල තුමාගේ සහ ඕල්කටි තුමාගේ අනුග්‍රහය යටතේ බෞද්ධ ධජය ආසියානු බෞද්ධ රටවලටද ප්‍රචාරය කරන ලදී.

1950 දී පැවැත්වුනු ලෝක බෞද්ධ සම්මේලනයේදි මහාචාර්ය ජී.පි. ගුණපාල මැතිතුමා විසින් කරන ලද යෝජනාවකට අනුව දැනට භාවිතා වන බෞද්ධ ධජය, බෞද්ධ ධජය වශයෙන් සම්මත කර ගන්නා ලෙසට ඉල්ලීමක් කරන ලදී. එම ඉල්ලිම සම්මත විය.

බෞද්ධ කොඩියේ වර්ණ 5 කී. නිල්, කහ, රතු, සුදු සහ තැඹිලි වර්ණයයි. බුදු රැස් මලාවේ මෙම  වර්ණ 5 ඇතැයි සැලකෙන බැව්න් මෙම වර්ණ බෞද්ධ කොඩ්ය සදහා ද යොදා ගනු ලැබිනි.


නිල් වර්ණයෙන්, කරැණාව, දයාව සහ සාමය නියෝජනය කරයි.
රතු වර්ණයෙන් , ප්‍රතිපදාව හෙවත්, ප්‍රඥව ශීලය නියෝජනය කරයි.
සුදු වර්ණයෙන්, විමුක්තිය ද
තැඹිලි වර්ණයෙන් ප්‍රඥව සහ ධර්මය ද නියෝජනය කෙරේ.
එසේම බෞද්ධ කොඩියේ හරහට ඇති කුඩා එම වර්ණම කොටු පහෙන් නියෝජනය කරන්නේ ප්‍රභාෂ්වරත්වයයි.


එසේම මෙම ජාතියාන්තර බෞද්ධ කොඩියේ ඇති වර්ණයන් වෙනුවට වෙනත් වර්ණ සංකලනයෙන් යුත් බෞද්ධ කොඩ් ජපානය, ටිබෙිටය සහ බුරැමයේ දක්නට ලැබේ.

Friday 20 July 2012

Heeloya Ancient Temple

හීල්ඔය පුරාණ විහාරස්ථානය - ඇල්ල
 (හීල්ඔය ශ්‍රී සුමංගල පුරාණ විහාරස්ථානය)

බුදු පිළිම වහන්සේ

හීල්ඔය  පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, හීල්ඔය ග්‍රාම නිළධාරි වසමේය.බණ්ඩාරවෙල නගරයේ සිට හීල්ඔය මාර්ගයේ, හීල්ඔය කඩ මණ්ඩිය අසලට පැමිණිමට පෙර ඇති සතරමං හන්දියෙන් දකුණු අත පැත්තට ඇති මාර්ගයේ මද දුරක් යා යුතුයි.


චෛත්‍යය
හීල්ඔය විහාරස්ථානයේ ඉතිහාසය, බ්‍රිතාන්‍ය පාලන යුගයේ මුල් අවධිය දක්වාම පැරණිය. බ්‍රිතාන්‍ය පාලන යුගයේ මුල් අවධියේ මේ ප්‍රදේශයේ ප්‍රාදේශිය නායකයකු වශයෙන් කටයුතු කල මුහන්දිරම් නිළමේ තමාගේ ඉඩමක බෝධින් වහන්සේ නමක් රෝපණය කර; "උඩරට කැරැල්ලෙන් පසු ඇතිවු තුන් බිය සමනය කර දෙන ලෙසට අධිෂ්ඨාන කරනු ලැබුවා" ඒ ශ්‍රී බුද්ධ වර්ෂ 2358-2368  (ක්‍රි:ව: 1815-1828 කාලය) අතර කාලයේදී.
පුරාණ සංඝාවාසය
එසේම ඌවේ විහාරවංශය (වි.වා.මු.කිලකසිරි බණ්ඩාර විසින් රචිත) පොතේ 186 පිටුවේ "කන්ද උඩරට සිංහල රාජධානි‍ය ඉංග්‍රිසින්ට අයත් වීමට අවුරුදු පනහකට පමණ පෙර භික්ෂුන් වහන්සේලාගේ හිගය ගැන එවකට සිටි


පුරාණ සංඝාවාසය
විහාරස්ථානයට යාබද ඉඩමේ තැන්නේකුඹුර වලව්වේ විසු විජේසුන්දර රටේ රාළ හා හීල්ඹය පල්ලපේරුවේ ඉඩමේගෙදර විසු දිසානායක අප්පුහාම් යන අය කතිකා කරගත් පරිදි විහාරස්ථානයක් සදවා ......" සගසතු කර ඇති බව සදහන්ය.


බෝධි ප්‍රාකාරය
හීල්ඔය පුරාණ විහාරස්ථානය ඌවේ ඇති පැරණිම මල්වතු මහා විහාර පාර්ශවයට අයත් විහාරස්ථානයයි. එයට හේතුව වන්නේ ඌවේ ඇති මල්වතු  මහා විහාර පාර්ශවයට අයත් පැරණිතම පොහෝය ගෙය පිහිටා ඇත්තේ මෙම විහාරස්ථානයේ වීමයි.

විහාරස්ථානයේ චෛත්‍යය. බෝධිය, පිළිම ගෙය යන ඒවා සතරැස් පවුරකින් වටකොට සාදා තිබේ. පවුරේ පහන් තැබිමට හැකි ආකාරයට ත්‍රිකෝණාකාර කවුළු නිර්මාණය කර ඇත. පුරාණ බෝධිය, බෝධි ප්‍රාකාරයකින් වට කර ඇත. බෝධි ප්‍රාකාරයේ ශ්‍රී බුද්ධ වර්ෂ 2458 (ක්‍රි:ව: 1915) වශයෙන් සදහන් කර ඇත.
බෝධි ප්‍රාකාරය

පිළිමගේ දෙස දේවාල දෙකකී. පිළිමගේ හිදි පිළිමය හැර ඉතිරි සියළුම රූප මුර්තියෙන් කැටයම් කර ඇත. එසේම බිතු සිතුවම් ද ඇද ඇත. විහාර ගෙට ඇතුළු වන ද්වාරයට උඩින් ඇත්තේ මකර තොරණ නිර්මාණය කර ඇත. මුර්තියෙන් සහ චිත්‍ර වලින් මෙම විහාරස්ථානයේ වැඩසිටි ස්වාමින් වහන්සේලාගේ රූප දක්වා ඇත.
බෝධි ප්‍රාකාරය
පැරණිතම පොහෝ ගෙය දිරාපත් වු බැවින් අළුතින් පොහොය ගෙයක් ඒ මත ඉදි කර ඇත. එහෙත් පැරණි සීමාව ලකුණු කරන ලද පැරණි ගල් කණු එලෙසම අද දක්වාත් තිබේ.

මෙම විහාරස්ථානයට, ඌව පලාතට එමෙන්ම මුළු මහත් ශ්‍රී ලංකාවටම මහග්‍ර සේවයක් කල, බුද්ධ ධර්මය වෙනුවෙන් තම ජිවිත කාලයම කැප කල ගරු ධර්මකිර්ති ශ්‍රී සරණපාල සුමංගල කර්මාචාර්ය අති ගෞරවාර්හ ඌව  වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මිරහාවත්තේ ජිනරතනාභිධාන නාහිමියන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ වාසය කර 2011 සැප්තැම්බර් මස 15 දින අපවත් වුහ.

විහාර ගෙය
අද (2012 වර්ෂයේ) වර්තමානයේ විහාරස්ථානයේ කටයුතු භාරව ගරු ඇත්තලගෙදර ආනන්ද ස්වාම්න් වහන්සේ කැයුතු කරන අතර, මිරහාවත්තේ ජිනරතනාභිධාන නාහිමියන් වහන්සේගේ ශිෂ්‍ය ගරු මොරහෙල ඥණසිරි ස්වාම්න් වහන්සේ සහ ගරු මහල්පොත ඥණදීප ස්වාම්න් වහන්සේ යන දෙනම විහාරස්ථානයේ සහ දායක දායිකාවන්ගේ ආගමික කටයුතු වෙනුවෙන් අපකැපවී සිටින්නේ, තම අධ්‍යපන කටයුතු කරගෙන යන අතරතුරයි.


පැරණි ඝණ්ඨාර කුළුණ

අළුත් ඝණ්ඨාර කුළුණ

ධර්ම ශාලාව

පොහෝය ගෙය

ගරු මිද්දෙණියේ සරණපාල
 ස්වාමින් වහන්සේ

ගරු හීල්ඔය සුමංගල
 ස්වාමින් වහන්සේ

ගරු කිරිගල්පොත්තේ
දේවමිත්ත ස්වාමින් වහන්සේ

මිරහාවත්තේ ජිනරතනාභිධාන
නාහිමියන් වහන්සේ 

ගරු මොරහෙල ඥණසිරි
 ස්වාමින් වහන්සේ
විහාරස්ථානයේ ලිපිනය:
හීල්ඔය පුරාණ විහාරස්ථානය,
හීල්ඔය,
බණ්ඩාරවෙල.

දුරකතන අංක: 057 2232517 සහ 057 3575329

ඡායාරූප ගන්නා ලද්දේ 2012.07.20 සහ 2012.10.27 දින වල

Saturday 14 July 2012

Siri Pathul Gal

සිරි පතුල් ගල්


බුද්ධ ප්‍රතිමා නෙලීමට පෙර සිරි පතුල් ගල් නෙලා ඒවාට වන්දනා කිරිමේ පුරුද්දක් පුරාතනයේ බෙද්ධයන් අතර පැවැතිනි. මෙම ලිපියෙහි පරමාර්ථය වන්නේ නොයෙක් හැඩයෙන් යුතු සිරි පතුල් ගල් ඇති ස්ථාන පිළිබදව ඡායාරූප සහිතව තොරතුරු ගෙන ඒමයි.

ඔක්කම්පිටියේ, ගල්ටැම්මන්ඩියේ
 ඇති සිරි පතුල් ගලක්
 


අනුරාධපුරයේ ඉසුරුමුනියේ
 ඇති සිරි පතුල් ගලක්
 


කල්තොට, මැදබැද්ද නම් ගමෙහි
 කන්දක ඇති සිරි පතුලක්
 

කල්තොට, මැදබැද්ද නම් ගමෙහි
 කන්දක ඇති සිරි පතුල් ගල
පිහිටා ඇති ස්ථානය


ඔක්කම්පිටියේ, ගල්ටැම්මන්ඩියේ
 ඇති වෙනත් සිරි පතුල් ගලක්
 


පොලොන්නරුව,
සෝමාවතිය රජ මහා විහාරයේ
 ඇති සිරි පතුල් ගලක්




Wednesday 11 July 2012

Ella - Rakkiththakanda Ancient Rock Temple

රක්ඛිත්තා කන්ද පුරාණ ලෙන් විහාරය
 - කන්දේ විහාරය
(රක්ඛිත්තාකන්ද අරණ්‍ය සේනාසනය)

රක්ඛිත්තා කන්ද විහාරය, මහනුවර යුගයේ සම්ප්‍රදායට අයත් ලෙන් විහාරස්ථානයකී. බිතුසිතුවම්, උමං, ලෙන්, කුටි, කටාරම් කෙටු ගුහා, බ්‍රාග්මිය අක්ෂරයෙන් යුත් සෙල් ලිපි සහිත දුෂ්කර ස්ථානයකී.

මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය කල්කම් කෝට්ඨාශ‍යට අයත් කරදගොල් නම් ග්‍රාමයේය. ඇල්ල-වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ගමෙන් හැරි කාලෝමීටර් 2 1/2 ක් පමණ (ඌමා ඔය ව්‍යපෘති මාර්ගයක) යා යුතුවේ.පුරාණයේදී මෙම ස්ථානයට මාර්ග පහසුකම් කනාතිබුණු බැවින්. ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිට පාගමනින් යායුතු විය.

ගරු කරදගොල්ලේ සුගතරංසි හිමියන්,
රක්ඛිත්තා කන්ද පුරාණ ලෙන් විහාරය - කන්දේ විහාරය,
බණ්ඩාරවෙල පාර, කරදගොල්ල,
ඇල්ල.

දුරකතනය. 055 4918118  /  072 8473285 







විදේශිය ආභය ලත් චිත්‍රයක්
අතට අත දීම

විදේශිය ආභය ලත් චිත්‍රයක්
විදේශිය අශ්වාරෝහකයෙක්









විදේශිය අක්ෂරයෙන් ලියන ලද
ලිපියක්