Saturday 1 December 2012

Gal Viharaya - Polonnaruwa

ගල් විහාරය - පොළොන්නරුව

පොළොන්නරුවේ ඇති ගල් විහාරය පුරාතනයේදී "උත්තරාරාමය" ලෙසින් හදුන්වනු ලැබීය. ගල් විහාරය, 1 වන පරාක්‍රමබාහු (ක්‍රි:ව: 1153-1186) රජතුමා විසින් බදි කරන ලදී. විශාල ගල් පර්වතයක මුහුණත උපයෝගී කර ගෙන හිදි පිළිම දෙකක්, හිටි පිළිමයක් සහ සැතපෙන පිළිමයක් යන පිළිම සහිත භුමිය ගල් විහාරය වශයෙන් හදුන් වනු ලැබේ. මෙම පිළිම සහිත ගල් පර්වතයේ දිග මීටර් 27 ක් වන අතර උසම ස්ථානයේ උස මීටර් 10කී. ගල් පර්වතය මැද උස් වන අතර දෙපැත්තම මැදට වඩා මදක් උසින් අඩුයි.

විද්‍යාධර ගුහාව

සමාධි හිදි පිළිමය
විද්‍යාධර ගුහාව
මෙහි ඇත්තේ භාවනායෝගීව සිටින සමාධි හිදි පිළිමයකී. බුද්ධ රූපයේ හිසට පිටුපසින් රශ්මි මාලාව (ප්‍රභා මණ්ඩලය) නිරූපණය කර ඇත. එසේම පිළිම ඇති ආසනයේ සිංහ රූප  සහ ව්‍රජ මෝස්තර වලින් සමන්විතවේ. ප්‍රධාන පිළිමයේ ශිර්ෂය දෙපස කුඩා ප්‍රමාණයේ බුද්ධ රූප හතරක් කුටි සතරක නිරූපණය කර ඇත. මෙම කුටි හතරේ ඇති බුද්ධ රූප වලින් නිරුපණය වන්නේ, ------- යන බුදු වරුන්ය. එසේම විශ්වයේ සතර කොන මෙයින් නිරූපණයවේ යැයිද විශ්වාස කරනු ලැබේ.

නිස්සන්න පටිමා ගෘහය

සමාධි බුද්ධ ප්‍රතිමාව
නිස්සන්න පටිමා ගෘහය
ගල ඇතුලට ගුහාවක ආකාරයට සාරා මෙම ගුහාව ඉදි කර ඇති අතර මෙහි ද සමාධි බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබෙන අතර , එම ප්‍රතිමාව කුඩයක් යට ඇති සේ නිර්මාණය කර ඇති අතර විජිනි පත් දැරු දෙදෙනෙක් බුදු පිළිමය දෙපසවේ. බුදු පිළිමයේ ශිර්ෂය දෙපස බ්‍රහ්ම දෙවියන්ගේ හා විෂ්‍ණු දෙවියන්ගේ රූප නෙලා ඇත. එසේම මෙම නිස්සන්න පටිමා ගෘහයේ බිත්ති පුරාණයේදී චිත්‍ර තිබි ඇති අතර අදත් මැකි ගිය චිත්‍ර කිහිපයක් දැක බලා ගත හැක.
විජිනි පත් දැරුවෙක්
නිස්සන්න පටිමා ගෘහය

විජිනි පත් දැරුවෙක්
නිස්සන්න පටිමා ගෘහය

පුරාණ චිත්‍රයක්
නිස්සන්න පටිමා ගෘහය

නිස්සන්න පටිමා ගෘහය
සෙල් ලිපිය

සෙල් ලිපිය
නිස්සන්න ප්‍රතිමා ගෘහය සහ හිටි බුද්ධ ප්‍රතිමා ගෘහය අතර විශාල ප්‍රමාණයේ සෙල් ලිපියක් දක්නට ලැබේ.

හිටි බුද්ධ ප්‍රතිමා ගෘහය
හිටි පිළිමය
හිටි බුද්ධ ප්‍රතිමා ගෘහය

අඩි 22 ක් හා අගල් 9 ක් උසැති හිටි පිළිමයක් මෙහි ඇත. මෙම පිළිමයෙහි අත් හරස් අතට තබා ගෙන සිටින අයුරින් නෙලා ඇත. මෙම බුදු පිළිමය ආනන්ද හිමියන්ගේ පිළිමයක් යැයි මතයක් තිබුනද මෙය, බුදු රජාණන් වහන්සේගේ පිළිමයක් යැයි ගෙන හැර දක්විය හැකි සාධක කිහියකී. 1. එකම පිළිමයක් පමණක් මෙම හිටි බුද්ධ ප්‍රතිමා ගෘහය තුල තිබීම. 2. බුදුන් වහන්සේගේ තිබු ඌර්ණ රෝම ධාතුව මෙම පිළිමයේ දක්නට ලැබීම. 3. බුදුන් වහන්සේගේ පිළිමයකට හැර වෙනත් පිළිම සදහා පද්මාසනයක් නිර්මාණය නොකිරීම සහ දිගු කන් පිළිමයේ නිර්මාණය කර තිබීම.

සැතපෙන පිළිම ගෘහය

සැතපෙන පිළිමය
සැතපෙන පිළිමය දිග අඩි 44 ක් සහ අගල් 4 කී. මෙම පිළිමය බුදු රජාණන් වහන්සේ සැතපී සිටින අයුරින් නෙලා ඇති පිළිමයකී. එනම් සිංහ සෙය්‍යවෙන් සැතපි සිටිම මෙයින් නිරූපණය වේ.

සැතපෙන පිළිමය

සැතපෙන පිළිමයේ
පාද

සැතපෙන පිළිමයේ
පාද

සැතපෙන පිළිමය

සැතපෙන පිළිමයේ
වම් අත

සැතපෙන පිළිමය
ඡායාරූප ගන්නා ලද්දේ 2011 ජුනි 29 වෙනි දින.

No comments:

Post a Comment