Friday 27 September 2013

කිරි වෙහෙර - කතරගම

බුදු රජාණන් වහන්සේ තුන්වන වර ශ්‍රී ලංකාවට වැඩිය අවස්ථාවේදී රහතන් වහන්සේලා 500 නමක් සමග සමාධි සුවයෙන් සිටි කිහිරි උයනේ ඉදි කර ඇති චෛත්‍යයයි. එසේම මෙම දාගැබ පුරාණයේදී මගුල් මහා සෑය යන නමින් හැදින්වුනු අතර කවදා කෙසේ "කිරි වෙහෙර" වුයේ දැයි තොරතුරු දැන ගත නොහැක.

ජනප්‍රවාද වලට අනුව මෙම ස්ථුපයේ සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කිරිමෙන් පසු කෙස් කපන ලද කඩුව මෙහි තැම්පත් කර ඇති බව පැවසේ. මෙම ස්ථුපය ගරා වැටි තිබි ප්‍රතිසංස්කරණය කර ඇත. වර්ග අඩි 130 ක ප්‍රමාණයෙන් යුත් අඩි 10 ක් උස වේදිකාවක් මත ස්ථුපය  ඉදි කර ඇත. එසේම ස්ථුපයේ උස අඩි 92 කී. වට ප්‍රමාණය අඩි 280කී. කිරි වෙහෙර දාගැබ මළු තුනක් සහිත දාගැබකී. දාගැබේ සලපතල මළුව අඩි 120 කින් යුත් සමචතුරශ්‍රයකී. වැලි මළුව අඩි 230 කින් යුත් සමචතුරශ්‍රයකී. ඊට පහලින් ඇත්තේ ගජන් මළුව වශයෙන් හදුන් වන බිම අඩි 384 ක් වන සමචතුරශ්‍රයකී.

කතරගම කිරි වෙහෙරය සොලොස්මස්ථාන වලින් එකකී.

ඓතිහාසික තොරතුරැ අනුව මෙම දාගැබ මහානාග රජු විසින් කරවන ලද දාගැබක් ලෙසට ප්‍රචලිතයි. (ක්‍රි:පු: 3 වන සිය වස) එහෙත් මෙම දාගැබ අවට කරන ලද කැනීම් වලින් ක්‍රී:ව: 1 වන ශත වර්ෂයට අයත් බ්‍රාහ්මීය අක්ෂර සහිත ලිපි කිහිපයක් හමුවී ඇත. එසේම පසු කාලීන යුග වලට අයත් වු සෙල්ලිපි කිහිපයක් මෙම කිරි වෙහෙර භූමියේ තිබී හමුවී ඇත.





Thursday 26 September 2013

කිරි විහාරය - කතරගම

කතරගම, රැහුණු කතරගම් මහා දේවාලය පිහිටි භූමියේ, රැහුණු කතරගම් දේවාලයට වම් පසින් මෙම කිරි විහාරය පිහිටා ඇත. කතරගම පිහිටා ඇති අෂ්ඨඵල බෝධින් වහන්සේ සදහා පුරාණයේදී සාදන ලද මල් ආසනය පසුව විහාරස්ථානයක් බවට පරිවර්තනය කර ඇති බව විශ්වාස කරන අතර, කවර කාලයකදී එසේ කරන ලද්දේ දැයි සොයා ගැනීම අපහසුය.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.09.02 දිනයි.

Wednesday 11 September 2013

ශ්‍රී ලෝණගිරි පුරාණ රජ මහා විහාරය - ලුණුගල

ඌව පලාතේ ලුණුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී. මෙම විහාරස්ථානය පැරණි යුගයකට නෑකම් කියනු ලබන අතර,  මෙම විහාරස්ථානයේ ලොණ නම් රහතුන් වහන්සේ නමක් සිටි බව පැවසේ. මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස ලුණුගල නගරයේ සිට බිබිල මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගොස් දකුණු පැත්තට ඇති මාර්ගයේ මද දුරක් යායුතුයි.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.16 දිනයි

බුදු පිළිම වහන්සේ

සැතපෙන පිළිම වහන්සේ

පැරණි ධර්මශාලාවේ කුළුණු

චෛත්‍යය

බුදු මැදුර

බිතුසිතුවම් - අපාය

බිතුසිතුවම් - අපාය

විහාරස්ථානයේ ඇති කැටයමක්

මකර තොරණ

පැරණි බුදු මැදුරක නටඹුන්

පඩු ඔරුව

බෝධිය

පහන් කණුවක්

පැරණි ධර්ම ශාලාව

පැරණි වැසිකිලි වලක්

Tuesday 3 September 2013

ශ්‍රී සුමංගලාරාමය - බඹරගල - නමුණුකුල

ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී. නමුණුකුල-පස්සර මාර්ගයේ බඹරගල හන්දියේ සිට කිලෝමීටර් 4 ක් පමණ ගිය විට මෙම විහාරස්ථානයට ගලාවිය හැක.

විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී සුමංගලාරාමය,
බඹරගල,
නමුණුකුල.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.16 දිනයි.


බුදු පිළිම වහන්සේ

මැකි යන බිතු සිතුවම්

මැකි යන බිතු සිතුවම්

බුදු මැදුර

බෝධින් වහන්සේ

විහාරස්ථානය

බෝධින් වහන්සේ