Thursday 3 January 2013

ශෛල්ලබා රජ මහා විහාරය - වැල්ලවාය

අළුතින් ඉදි වන බුදු පිළිමය
 ශෛල්ලබා රජ මහා විහාරස්ථානය පිහිටා ඇත්තේ. මොණරාගල දිස්ත්‍රික්කයේ. වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය.  වැල්ලවාය-තණමල්විල මාර්ගයේ කිලෝමීටර් 315-316 කණු අතර පිහිටි  හන්දියෙන් හැරි කිලෝමීටර් 1 1/2 ක් යා යුතුයි.

මෙම විහාරස්ථාවය පුරාණයේදී "ගල් බුදු තැන්න" යැයිද භාවිතා වු බවට පත පොතෙහි සදහන්වේ.

විහාර සංකීර්ණයට යාම
සදහා ඇති පඩි පේලිය
 නටඹුන් වු විහාරාම සංකිර්ණය ආසන්නයේ "බතල ආර" නම් කුඩා දිය පහරක් ගලා බසියි.

මෙම විහාර සංකීර්ණයේ ඇති චෛත්‍යය කුඩා පුමාණයේ නටඹුන්වු චෛත්‍යයක් වන අතර, චෛත්‍යය අවට භූමියට වඩා උස්වු වේදිකාවක් මත නිර්මාණය කර ඇත. එසේම මෙම චෛත්‍යයට පිවිසීම සදහා දිශා දෙකකින් පිවිසුම් පඩි පෙල දෙකක් වේ. පඩි පෙල මුල මුරගල් දෙකකී. මුරගල් බෝ කොළයක හැඩය ගන්නා අතර, කිසියම්ම රූප එහි නෙලා නැත. සමතලය.

විහාර සංකිර්ණයේ පිවිසුම
 චෛත්‍යයේ යුප කණුව හොදින් පෙනේ. එසේම චෛත්‍යයේ චත්‍රය යැයි විශ්වාස කල හැකි, කැඩි බිදි ගිය වෘතාකාර ගලක් චෛත්‍යය ඇති උස්වු වේදිකාව මත තබා තිබේ. චෛත්‍යය සහිත උස්වු වේදිකාවේ බැම්ම ඇත් පවුරක් සහිත වු බවට විශ්වාස කල හැකි කොටස් තිබේ.

විහාර සංකිර්ණයේ ඇති ගල් කණු

බෝධිය

විහාර සංකිර්ණයේ ඇති ගල් කණු

චෛත්‍යය

චෛත්‍යය

අළුතින් ඉදි වන බුදු පිළිමය

චෛත්‍යයේ චත්‍රය

ඇත් පවුර

කැඩි බිදි ගිය පිළිමයක්

කැඩි බිදි ගිය පිළිමයක්

ගල් කණුවක්

ජල භාජනයක්

චෛත්‍යයේ යුප කණුව පෙනෙන අයුරු

මුර ගලක්


ගරු මොණරාගල සුමනතිස්ස ස්වාමින් වහන්සේ

විහාරස්ථානයේ ලිපිනය:
ශෛල්ලබා රජ මහා විහාරය,
වැල්ලවාය.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින.














No comments:

Post a Comment