Sunday 5 May 2013

ශ්‍රී මහා බෝධිය - අනුරාධපුරය

ශ්‍රී මහා බෝධියේ පැරණි ඡායාරූපයක්
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී මිහිදු මහා රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන එන ලදී. එයට සමගාමීව සිඝ්‍රයෙන් ජනතාව බුද්ධ ධර්මය වැලදගෙන මහනදම් පිරීම ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවේ මෙහෙනි සසුන ව්‍යාප්ත කිරිමේ අවශ්‍යාතාවය දේවානම්පියතිස්ස රජතුමා විසින්, මිහිදු  මහා රහතන් වහන්සේට දන්වන ලදුව, මිහිදු මහා රහතන් වහන්සේ ඉන්දියාවේ ධර්මාශෝක රජු වෙත පණිවිඩයක් යවා තම නැගණිය වු රහත් සංඝමිත්තා තෙරණිය මෙහි එවන ලෙසට දන්වා යැවිය.

ශ්‍රී මහා බෝධියේ පැරණි ඡායාරූපයක්
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
ඉන්දිය ධර්මාශෝක රජු රහත් සංඝමිත්තා තෙරණිය සහ බුදු රජණන් වහන්සේ බුදුවීම පිණිස පිට දුන් බෝධි‍යේ දක්ෂිණ ශාඛාවක්ද ශ්‍රී ලංකාව වෙත එවන ලදී.

එසේ එවන ලද බෝධින් වහන්සේ උත්සවාකාරයෙන් දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුරයේ මහා මේඝ වනයෙහි රෝපණය කරන ලදී. එම බෝධිය අදත් අනුරාධපුරයේ මහා මේඝ උයනෙහි විරාජ මානව වැඩ සිටියි. (එම බෝධිය, දැනට ලෝකයේ ඇති ආගමික කාර්යයන් සදහා භාවිතයට ගැනෙන පැරණිතම වෘක්ෂයද වේ.)

පරිවාර බෝධියක්
ශ්‍රී මහා බෝධිය මාලක 3 කින් සමන්විත මළුවක රෝපණය කර ඇත. වැලි මළුව, පහල මළුව සහ උඩ මළුව වශයෙන් එය හැදින්වේ. වැලි මළුවේ පරිවාර බෝධින් 41 ක් සහ උඩ මළුවේ පරිවාර බෝධින් 3 ක් ද රෝපණය කර ඇත.
බෝධින් වහන්සේගේ ආරක්ෂාව පිණිස වැලිමළුව වටා ඉදි කර ඇති හතරැස් ප්‍රාකාරය කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍යා සමයේදී පුජ්‍ය ඉලුපන්දෙණියේ අත්තදස්සී හිමියන්ගේ ඉල්ලීම පරිදි ඉදි කරන ලද්දකී.
ශ්‍රී මහා බෝධිය



පරිවාර බෝධියක්

වැලිමළුව වටා ඇති හතරැස් ප්‍රාකාරය


ශ්‍රී මහා බෝධිය


ශ්‍රී මහා බෝධිය

ඡායාරූප රාත්‍රි 2013.04.07
               දහවල් 2011.06.06 දින ගන්නා ලදී.

No comments:

Post a Comment