Monday 6 May 2013

මිහිදු විහාරය - මිහින්තලේ

මිහිදු විහාරය
 මිහින්තලේ මහා සෑයට මදක් පහලින්, අම්බස්ථල දාගැබට ඉදිරියෙන් ඇති පර්වතයේ ගල් ලෙනක පිහිටා ඇති විහාරය, මිහිදු විහාරය ලෙසට නම් කර ඇත.

මෙම ලෙනෙහි මිහිදු මහා රහතන් වහන්සේ ඇතුළු ප්‍රථම වරට බුද්ධ ධර්මය රැගෙන පැමිණි, සම්බල, බද්දසාල හා සුමන හිමියන්ගේ සහ භණ්ඩුක උපාසකයාගේ ප්‍රතිමා මෙහි ඇත. එසේම දේවානම්පියතිස්ස රජුගේ ප්‍රතිමාවක්ද මෙහි ඇත. ( මෙම ප්‍රතිමා සියල්ලම ඉතා පැරණි යුගයකට නෑකම් නොකියන අතර, නුතන යුගයකට නෑකම් කියන බව පොනේ).

මිහිදු විහාරය



ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

No comments:

Post a Comment