Wednesday 1 May 2013

මහා සෑය - මිහින්තලේ

මහා දාඨික මහා නාග රජු විසින් ඉදි කරන ලද චෛත්‍යයකී, මිහින්තලේ ඇති මහා සෑය. බුදු රජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව නිදන් කොට ඇති බව විශ්වාස කෙරේ.

මිහින්තලේ - මහා සෑය
මෙම චෛත්‍යය 1941 වර්ෂයේදී පුරා විද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

1950 වර්ෂයේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදුව, 1965 දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව විසින් මෙම චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු සිදු කරන ලදී. සංරක්ෂණ වලින් පසු චෛත්‍යයේ උස අඩි 153 කී.

මිහින්තලේ - මහා සෑය සහ
අම්බස්ථල චෛත්‍යය
2001 වර්ෂයේදී අකුණු සැර වැදිම නිසා චෛත්‍යයට හානි සිදු වු අතර අද (2013) වන විට ඒ සියල්ල පිලිසකර කර ඇත.
මිහින්තලේ - මහා සෑය

මල් ආසනයක්

 තවත් මල් ආසනයක්

මිහින්තලේ - මහා සෑයේ පේසා වලලු

මිහින්තලේ - මහා සෑය
අම්බස්ථල චෛත්‍ය මළුවේ සිට
(පැරණි ඡායාරූපයක්)
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.

මිහින්තලේ - මහා සෑය
(පැරණි ඡායාරූපයක්)
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.

2001 වර්ෂයේ අකුණු සැර වැදීමෙන් පසු
අලුත් වැඩියා කටයුතු සිදු වීම
ඡායාරූපය 2001.06.01 දින

H.පාකර් මහතාගේ Ancient Ceylon
පොතේ 276 පිටුවෙන් උපුටා ගත්
මිහින්තලේ මහා සෑයේ පරණි චිත්‍රයක්

H.පාකර් මහතාගේ Ancient Ceylon
පොතේ 276 පිටුවෙන් උපුටා ගත්
මිහින්තලේ මහා සෑයේ පරණි චිත්‍රයක්

ඡියිරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

No comments:

Post a Comment