Monday 6 May 2013

පුංචි ගල් විහාරය - පොලොන්නරුව

පුංචි ගල් විහාරය පිහිටා ඇත්තේ, පොලොන්නරුවේ පිහිටා ඇති බද්ධසීමා ප්‍රාසාදයට පහලිනි. බද්ධසීමා ප්‍රාසාදයට පහලින් ඇති කුඩා ගල්ලෙන් දෙක පුංචි ගල් විහාරය ලෙස හැදින්වේ.

වැඩ නිම නොකරණ ලද පිළිම කිහිපයක් මෙහි ඇත. පොලොන්නරුවේ  ගල් විහාරය ඉදිකරන ලද ගල් වඩුවා, ගල් විහාරයේ ගල් කැටයම් නෙලීමට සුදුසු දැයි පරික්ෂා කිරිම පිණිස මෙහි ඇති ගල් කැටයම් රජුගේ අණින් නෙලන ලද බවද පැවසේ.

ඒ කෙසේ වෙතත්, ගල් විහාරයේ ඇති නිස්සන්න පටිමා ගෘහයේ ඇති පිළිමට සමාන පිළිමයක් මෙම පුංචි ගල් විහාරයේ දක්නට ලැබේ.






ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

No comments:

Post a Comment