Thursday 16 May 2013

අටදාගේ - පොලොන්නරුව

අටදාගේ
පොලොන්නරුවේ පිහිටා ඇති අටදාගේ 1 වන විජයබාහු රජු විසින් ගොඩනගන ලද දළදා මාලිගයයි.

දෙමහල් ගොඩනැගිල්ලක්ව තිබෙන්නට ඇති බව පෙනෙන අතර ඉහල මාලයට නැගීම පිණිස තිබු පියගැට පෙල අදත් දක්නට ලැබේ. ඉහත මාලයේ දළදා වහන්සේ තැම්පත් කර තිබෙන්නට ඇත. පහත මාලය පිළිම ගෙයක් ලෙසට භාවිතයට ගෙන ඇත.

පා දොණියක්
 මෙම ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුම දකුණු දෙසට මුහුණලා ඇති අතර තවත් දොරටුවක් නැගෙනහිර දෙසින් ඇත.

අටදාගේ ආසන්නයේ ඇති ද්‍රවිඩ භාෂාවෙන් ලියා ඇති වේලයික්කාර සෙල් ලිපියේ සදහන් ආකාරයට 1 වන විජයබාහු රජුගේ නියමයෙන් නුවරගල් දේව නම් සෙනවියා විසින් අටදාගේ ඉදි කර ඇත.

ඉහල මාලයකට යාමට තිබු පිය ගැට පෙල

පහත මාලයේ ඇති පිලිමයක්

ගල් කැටයමක්

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

No comments:

Post a Comment