Friday 17 May 2013

වටදාගේ - පොලොන්නරුව

පොලොන්නරුව වටදාගේ පැරණි ඡායාරූපයක්
 අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි
පොලොන්නරුවේ පිහිටා ඇති වටදාගේ, දළදා මළුව තුල පිහිටා ඇති ඉතා වැදගත්වුත් අලංකාරවුත් ගොඩනැගිල්ලකී. වටදාගේ අඩි 4 1/2 - 5ක් පමණ උස්වු වෘතාකාර වේදිකාවක් මත ඉදි කර ඇති, මැද දාගැබක් සහිත ගොඩනැගිල්ලකී.


පොලොන්නරුව වටදාගේ සැලැස්ම
පොලොන්නරුව අග නගරය කරගෙන ශ්‍රී ලංකාවේ ජරකම් කල මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ශ්‍රී දළදා වහන්සේ තැම්පත් කිරිම පිණිස ඉදි කරන ලද ගොඩනැගිල්ල වටදාගේ ලෙසට හදුනා ගත හැකි මුත්, වටදාගේ මැද ඇති කුඩා දාගැබේ සිදු කල පුරා විද්‍යාත්මක කැනීමක් තුලින් සොයාගන්නට යෙදුනු නිශ්ශංකමල්ල රජුගේ කාසියක් නිසා, පුරාවිද්‍යඥයන්ට උභතෝකොටික ගැටළුවක් සදහා මුහුණ දෙන්නට සිදුවිය.

වටදාගේ උතුරු ප්‍රවේශය
නිශ්ශංකමල්ල රජු විසින් දළදා වහන්සේ සදහා හැටදාගේ නිර්මාණය කිරිමෙන් පසු දළදා වහන්සේ හැටදාගේට වැඩමවීමෙන් පසුව, පරාක්‍රමබාහු රජුගේ දළදා මාලිගාව (වටදාගේ); නිශ්ශංකමල්ල රජු විසින් වටදාගෙයක් ලෙසට ප්‍රතිසංස්කරණය කර ඇති බව පෙනේ.

මධ්‍යයේ කුඩා දාගැබක්ද, උතුර, නැගෙනහිර, දකුණ සහ බටහිර යන දිශාවල් වලට  මුහුණලා ඇති අයුරින් බුදු පිළිම හතරකින්යුක්තවු වහලයක් සහිතව මෙම ගොඩනැගිල්ල නිර්මාණය කර ඇති අතර උතුරු දෙසට මුහුණලා ඇති පිළිමය විශිෂ්ඨ ගණයේ ප්‍රතිමාවක් ලෙසින් හැදින්වේ.

එසේම වටදාගේ උඩ මළුවට ප්‍රවිශ්ඨවීම සදහා උතුර, නැගෙනහිර, දකුණ සහ බටහිර යන දිශාවල් සතරින්ම ප්‍රවේශ ඇත.

එසේම මැද මළුව විශාල ඉඩ ප්‍රමාණයක් සහිතව ඉදිකර ඇති වේදිකාවකී. මෙම වේදිකාව සදහා උතුරු දෙසින් එකම ප්‍රවේශය වේ.

උතුරු දෙසට මුහුණලා ඇති පිළිමය
පොලොන්නරුව වටදාගේහි විශිෂ්ඨ ගනයේ කලා කෘතින් රාශියක්, කැටයම් රාශියක් අදත් ඒ අයුරින්මදැක බලා ගත හැක

උතුරු දෙසට මුහුණලා ඇති පිළිමය



උතුරු දෙසට මුහුණලා ඇති පිළිමය

උතුරු දෙසට මුහුණලා ඇති පිළිමය


ඉතා දුර්ලභ පෙති හතරේ බිනර මල් කැටයම










ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

No comments:

Post a Comment