Wednesday 3 October 2012

Poorana Alakola Goba Viharaya - Meegahakiula

පුරාණ අලකොළ ගොබ විහාරය - මීගහකිවුල

පුරාණ ගරා වැටි
ඇති චෛත්‍යයය

පුරාණ ගරා වැටි 
ඇති චෛත්‍යයේකොටසක්

ටැමි පිට විහාරයේ
 ගල් කණු

අළුතින් ඉදිකර ඇති
විහාර ගෙය

පැරණි භාණ්ඩ

බිසෝ දොරටු පාල
රූපයක්

බිසෝ දොරටු පාල
රූපයක්
ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශිය ‍ලේකම් කොට්ඨාශයේ, බලගොල්ල නම් ග්‍රාමයේ මෙම පුරාණ විහාරස්ථානය පිහිටා ඇත.ගරා වැටුණු චෛත්‍යයේ ගඩොල් මත වැවි ඇති විශාල බෝධියකී. ගරා වැටි ඇති චෛත්‍යයේ ගඩොල් ඒ මේ අත විසිරි ඇත.
එමෙන්ම විහාරස්ථානය සතු පැරණි බෝ රුකකී.ටැමිපිට ගොඩ නගා තිබු විහාරගෙයි. ටැම් පමණක් අද දෘශ්‍යමාන වන අතර, ටැම් පිට වාහාරගේ නාෂ්ඨාවශේෂ ආසන්නයේ අළුතින් විහාරයක් ඉදිකර ඇත.මීගහකිවුල නගරයේ සිට අරාව හංදිය පසුකර මද දුරක් ගිය විට 21 හංදිය දෙසට ගොස් ඇල ආන්නයේ ඇති වැලි පාර දිගේ දකුණු දෙසට කිලෝමීටරයක් පමණ යායුතුයි. මෙම විහාරස්ථානයේ නාමය සම්බන්ධ ඓතිහාසික තොරතුරක්; ඒ ඓතිහාසික චෛත්‍යය සාදා නිම කර කොත් පැලැන්දවීමේ උත්සවයේදී, කොත පැදැන්දු පසු කොත ඈතට ඇලයට පෙනෙන්නට වු නිසා මෙම චෛත්‍යයට ඇල-කල-වෙහෙර නමින් භාවිතා කරන්නට විය අද එය ඇල-කල-වෙහෙර අලකොළ බඩ වී ඇත. මෙම අල කොළ බඩ විහාරස්ථානය වලගම්බා රජුගේ බිසවක් විසින් සාදා සග සතු කර ඇති බව කියවෙන අතර, අළුතින් ඉදි කර ඇති විහාරගෙයි බිසෝරූප දෙකක් සහිත දොරටුපාල චිත්‍ර දෙක මේ බව සනාථ කිරිමක් ද ?

ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.26

No comments:

Post a Comment