Saturday 20 October 2012

Malpotha Sri Nigrodharama Poorana Viharaya - Welimada

මල්පොත ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරය
 - වැලිමඩ
බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, මල්පොත ග්‍රාමයේ මෙම විහාරස්ථානය පිහිටා ඇත. වැලිමඩ - බණ්ඩාරවෙල මාර්ගයේ මිරහාවත්තට පැමිණ එතැනින් මල්පොත දක්වා ඇති මාර්ගයේ ගොස්, දකුණට ඇති මාර්ගයේ යුතුවේ.

විහාරස්ථාන  භූමියට ඇතුළු
වන තැන ඇති තොරණ

බුදු පිළිම වහන්සේ
මල් පොත ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානය ආරම්භ කර ඇත්තේ 20 වන ශත වර්ෂයේ මුල් භාගයේ, දඹවින්න පුරාණ විහාරස්ථානයේ සසුන් ගතවු අති පුජ්‍ය කන්දේගෙදර දේවානන්ද හිමියන් විසිනි.එවක් පටන් විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේලා කිහිප නමක් විසින් මෙම විහාරස්ථානයේ සහ දායක දායිකාවන්ගේ දියුණුව සහ සංවර්ධනයට දායක විය.


දන්ත ධාතුන් වහන්සේ
 වැඩමවීම - කැටයමක්
එසේම කන්දේගෙදර ධම්මානන්ද ස්වාමින් වහන්සේ මෙම විහාරස්ථානයේ සහ දායක දායිකාවන්ගේ දියුණුව සදහා මහගු සේවයක් කර ඇති හිමි නමකී.  වර්තමානයේ පුජ්‍ය ශාස්ත්‍රපති කන්දේගෙදර උපනන්ද ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ කටයුතු භාරව සිටියි.


බෝධිය
විහාරස්ථානයට ඇතුළු වන තැන ඇති තොරණ උඩම කොටසේ දාගැබක් බුද්ධ ප්‍රතිමාවක් සහිත බුදු කුටියක් නිර්මාණය කර ඇත.


චෛත්‍යය, බුදුගේ, බෝධිය, ධාතු මන්දීරය, ධර්ම ශාලාව, දොලොස් මහේ පහන ආදියෙන් සමන්විතවු පහන් සිත් නිවනා පුඥ භූමියකී. ඒ විතරක් නොවේ සුවිසි (28) බෝධියම මෙම විහාරස්ථානයේ රෝපණය කර ඇත.



ඓතිහාසික නුග රුක
මෙම විහාරස්ථානයේ ඇති ධර්ම ශාලාව පැරණිය. ධර්ම ශාලාවේ ඇති වේදිකාව මත අළුතින් ලී කැටයම් යොදා ගනිමින් (2012 - ඔක්තෝබර්) ස්ථිර ලෙස අලංකාර පිරිත් මණ්ඩපයක් ඉදිවෙමින් පවති.


මෙම විහාරස්ථානයේ ඇති බුදුගේ ඇතුළු මාලය හා පිට මාලය වශයෙන් සාදා ඇත. පිටමාලයේ සතර කොනේ සිද්ධාර්ථ කුමරු ඉපදී නෙළුම් මල් උඩ ඇවිදීම.



සිරි පතුල
අභිනිෂ්ක්‍රමණය, ධම්මචක්කපවත්තන සුත්‍ර දේශනය, සහ මහා පරිනිර්වාණය යන ඒවා පිළිම මගින් නිරූපණය කර ඇත.

අලංකාර පිරිත් මණ්ඩපය
සියළුම බිත්ති වල සිතුවම් දක්නට ලැබේ. මැද මාලයේ අලංකාර බුදු පිළිමයකී. මෙහි ඇති මකර තොරණේ වම් පැත්තේ ඇතෙකු පිට නැගි දේවරූපයක් හා දකුණු පැත්තේ මොණරකු පිට නැගි දේවරූපයක්ද දක්නට ලැබේ. එසේම මකර තොරණ මැද ඉදගෙන සිටින සිටින දේවියකු තම දකුණු අත ඔසවා ගෙන සිටියි.


 පිරිත් මණ්ඩපයේ වහලය
 දරා සිටින කණුවක්
තෙමහල් මන්දීරය උඩ සිරි පතුලකී. ජයශ්‍රීමහා බෝධින් වහන්සේ වැඩමවීම සහ හේමමාලා දන්ත කුමරුන් දන්ත ධාතුන් වහන්සේ වැඩමවීම විශාල ප්‍රමාණයේ කැටයමින්, කැටයම් කර ඇත.


ඝණ්ඨාර කුළුණ මුදුනේ ඇත්තේ චෛත්‍යයක කුඩා ආකෘතියකී. ඝණ්ඨාර කුළුණක මෙවන් දාගැබක ආකෘතිය දුබල දසුනකී.


ඝණ්ඨාර කුණුනේ
 ඇති ‍චෛත්‍ය ආකෘතිය
විහාරයේ ඇති ඉපැරණි නුග රුකකි. මෙම නුගරුක ආසන්නයේ සිට පුරාණයේදී නඩු ඇසු බව ‍ඓතිහාසික පුරා වෘතයේ සදහන් වන අතර හාස්කම් පිරුනූ නුග රුකක් බව කියැවේ.


පසලෝස්වක පොහෝය දිනයන් දා සිල් ගත් උපාසක උපාසිකාවන්ගේ සහ වන්දනාමාන කිරිමට එන ගම්වාසි පින්වතුන්ගේන් මේ පින් බිම පිරි ඉතිරි යන්නේය. එසේම පොහෝ දිනයන්හි සිල් ගන්නා උපාසක උපාසිකාවන්ගේ ප්‍රයෝජනය පිණිස ධර්ම පුස්තකාලයකී.


ධර්ම ශාලාව
විහාරස්ථානයේ ඉරු දින දහම් පාසැලක් පැවැත්වේ. එසේම පෙර පාසැලක්ද පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම වෘතිය පුහුණු මධ්‍යස්ථානයක්ද විහාර භූමියේ පවත්වා ගෙන යනු ලැබේ.
ධර්ම ශාලාව සහ තොරණ

මකර තොරණ

සිද්ධාර්ථ කුමාරයා
නෙළුම් මල් මත ඇවිදිම

අභින්ෂ්ක්‍රමණය

ධම්මචක්ක සුත්‍රය දේශනා කිරිම

සම්බුද්ධ පරිනිර්වාණය

විහාර මළුවේ ඇති තොරණ

චෛත්‍යයය

ශ්‍රී මහා බෝධිය වැඩමවීම - කැටයම්ක්

ගරු ශාත්‍රපති කන්දේගෙදර
 උපනන්ද ස්වාමින් වහන්සේ
මෙම විහාරස්ථානයේ වර්තමාන නායක හිමියන් පුජ්‍යපාද ශාස්ත්‍රපති කන්දේගෙදර උපනන්ද ස්වාමින් වහන්සේය. මුන් වහන්සේ බී. ඒ, එම්. ඒ. උපාධි ලබා දැනට (2012) මිරහාවත්ත ශ්‍රී දේවානන්ද නවෝද්‍ය මධ්‍ය මහා විද්‍යලයේ උප විදුහල්පති වශයෙන්ද සේවය කරන අතර බෞද්ධාගම දියුණු කිරිම වස්, පුවත්පත් සදහා ලිපි සම්පාදනය කරනු ලබන යතිවරයෙකී.

ගොඩ මඩ ගොවිතැන් කරනුයේ සරුවටය
ගැමි හදවතේ බොදු සිසිලස      ඇත්තේය
පින් බිම පිහිටියේ හරියට ගම          මැදය
දෙව්රම් වෙහෙර සිරි මේ බිම       දිස්වේය

විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරය.
මල්පොත,
මිරහාවත්ත.
දුරකතනය : 057 2224425
ගරු පුජ්‍ය ශාස්ත්‍රපති උපනන්ද හිමියන් ගේ දුරකතනය: 077 7854113

ඡායාරූප ගන්නා ලද්දේ 2012 ඔක්තෝබර් 20 දින දීය.

මෙම ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරය බෞද්ධ කෞතුකාගාරයක්, සහ කලා භවනක්  වැන්න  ඇත්ත නැත්ත ගොස් බලන්න.

මෙම විහාරස්ථානය පිළිබද ලිපියක් 2012 නොවැම්බර් මස 21 වෙනි බදාදා ලංකාදීප පුවත් පතේ 10 වන පිටුවේ "වැලිමඩ - මල්පොත නීග්‍රෝධාරාම විහාරස්ථානය" නමින් පලව තිබිනි.

No comments:

Post a Comment