Saturday 13 October 2012

Indagiri Viharaya - Haputale

ශ්‍රී ඉන්ද්‍රගිරි විහාරය - හපුතලේ

ශ්‍රී ඉන්ද්‍රගිරි විහාරස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, දියතලාව, ඉහල කහත්තේවෙලය. මෙම විහාරස්ථානයට ලගා විම පිණිස කහගොල් කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය ආසන්නයේ ඇති කෝමාරිකාගොඩ හරහා ඇති මාර්ගයේ යායුතුවේ.

මෙම විහාරස්ථානය මල්වතු පාර්ශවයට අයත් අභිනව විහාරස්ථානයකී. කොළඹ මාර්ගයේ බණ්ඩාරවෙල නගරය ආසන්න වන විට වම් අත පැත්තේ කුඹුරු යායක් මැද දිස්වන්නේ මෙම ශ්‍රී ඉන්ද්‍රගිරි විහාරස්ථානයයි. 

මෙම විහාරස්ථානය මීට ශතවර්ෂ භාගයකට පමණ පෙර ආරම්භ කරන ලද්දේ ගරු ගවරවෙල ප්‍රේමානන්ද ස්වාම්න් වහන්සේ විසින් වන අතර, එසේ ආරම්භ කරන ලද්දේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල වැඩ වාසය කරන්නාවු බෞද්ධ ස්වාම්න් වහන්සේලා විවේක සුවයෙන් ගත කිරිම සදහා අවශ්‍ය වටපිටාවක් සකස් කර දීමටයි. එසේ වුවත් නාගරීකරණය, ගම්බිම් වල දියුණුව නිසා එම පරමාර්ථය මදකට මග හැරි ගියත්, අද මෙම විහාරස්ථානය මගින් අවට ගම්වල බෞද්ධ ජනතාවට අති මහත් බෞද්ධ මෙහෙවරක් ඉටුවේ.

මෙම විහාරස්ථානය මගින් පොහෝ දින ශීල, භාවනා, දාන වැඩ සටහන් ක්‍රියාක්මක වන අතර, පොහෝ දින වැඩ සටහන් පෙරවරු 6.00 සිට රාත්‍රි වන තුරු පැවැත්වෙන අතර, සෙනසුරාදා දින සවස බෝධි පුජා පැවැත්වෙන අතර, ඉරිදා දින දහම් පාසැල පැවැත්වේ.

ශ්‍රී ඉන්ද්‍රගිරි විහාරස්ථානය පිළිබද වෙනත් තොරතුරු සදහා,
www.indagiriviharaya.org
www.facebook.com/indagiri.viharayabandarawela

‍වර්තමානයේ මෙම විහාරස්ථානයේ, විහාරාධිපති දූරය දරනිනේ ගරු ගොවුසේ ප්‍රඥනන්ද ස්වාමින් වහන්සේ විසිනි. එසේම මෙම ස්වාම්න් වහන්සේ කැලිපෝනියාවේ Sacramento නම් නගරයේAmerican Buddhist Seminary නම් විහාරස්ථානයේ නේවාසික භික්ෂුවක් ලෙසද කටයුතු කරනු ලබනවා.

විහාරස්ථානයේ ලිපිනය,
ගරු ගොව්සේ ප්‍රඥනන්ද ස්වාමින්වහන්සේ,
ශ්‍රී ඉන්ද්‍රගිරි විහාරස්ථානය,
ඉහළ කහත්තේවෙල,
බණ්ඩාරවෙල.
දුරකතනය : 057 2223035
E-mail: indagiriviharaya@gmail.com



No comments:

Post a Comment