Sunday 28 October 2012

Sri Sumanassamaya - Bandarawela

ශ්‍රී සුමනාශ්‍රමය - බණ්ඩාරවෙල

බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, එගොඩගම ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇති විහාරස්ථානයකී.


චෛත්‍යයය
මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස බණ්ඩාරවෙල නගරයේ සිට හීල්ඔය/මකුල්ඇල්ල (කිතල්ඇල්ල) මාර්ගයේ පැමිණ අම්පිටිය හංදියේ සිට මැදපේරුව මාර්ගය හරහා එගොඩගම; ශ්‍රී සුමනාශ්‍රමයට පැමිණිය යුතුයි. දර්ශනිය වෙල් යායක් ආසන්නයේ පිහිටි අභිනව විහාරස්ථානයකී.


මෙම විහාරස්ථානය පුජ්‍ය මැද්දේවිල පියතිස්ස ස්වාමින් වහන්සේ

බෝධින් වහන්සේ
වෙතට එගොඩගම ග්‍රාම වාසින් විසින් තම ආගමික කටයුතු ඉටුකර ගැනීම පිණිස ප්‍රථමයෙන්ම ආවාස ගෙයක් ඉදිකර පුජා කරන ලදී. ඒ 1940 වර්ෂයේදී පමණ ගාල්ල ප්‍රදේශයේ ජාවත් වු පින්වත් ස්වාමින් වහන්සේ නමක්, එගොඩගම දැනට "මනතුංග නිවස" යැයි භාවිතා කරන නිවසෙහි වස් සමාදන්වීම සදහා කරන ලද ආරාධනාවක් පිළි ගෙන එම ස්වාමින් වහන්සේ එම නිවසේ වස් සමාදන්වුහ. එම වස් අවසානයේදී එම පින්වත්වු ස්වාමින් වහන්සේ ගෙන් එගොඩගම ග්‍රාමයේ වැසියන් විසින් කරන ලද ඉල්ලීමකට (ආරාධනයකට) අනුව ගාල්ල ප්‍රදේශයෙන් පැමිණ වස් සමාදන් වු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය ගරු මැද්දේවිල පියතිස්ස ස්වාමින් වහන්සේ බණ්ඩාරවෙලට වැඩම කර ගම්වාසින් විසින් සාදා දෙන ලද ආවාසයේ තවකාලිකව වැඩ විසිය.


බුදු මැදුර
(එසේ ආවාසයක් ඉදි කර තවකාලීකව වැඩ වාසය කරන ලද්දේ අද ශ්‍රී සුමනාශ්‍රමය ඇති ස්ථානයේ නොවේ. වෙනත් ස්ථානයකයි.) එගොඩගම ග්‍රාමයේ පදිංචි එම්.ඩි. සෝමලතා මහත්මිය සහ එම්.ඩි. ජුලියට් මහත්මිය (එවකට වයස අවුරුදු 16 සහ 14), එගොඩ ගම ග්‍රාමයට පන්සලක අවශ්‍යතාවය මැනැවින් තේරුම් ගෙන සිටි නිසා, ඔවුන් දෙදෙනාට අයත්ව තිබු කුඹුරු ඉඩම එගොඩගම ශ්‍රී සුමනාශ්‍රමය ඉදි කිරිම සදහා 1940 දශකයේදි පරිත්‍යග කර ඇත. ඉන් පසු එම කුඹුරු ඉඩමේ අද  එගොඩගම ශ්‍රී සුමනාශ්‍රමය ඉදි කර ඇති ස්ථානයේ ගරු මැද්දේවිල පියතිස්ස ස්වාම්න් වහන්සේට ආවාස ගෙයක්, එගොඩගම ග්‍රාම වැසියන් විසින් ඉදි කර දෙන ලදී.


බුදු පිළිම වහන්සේ
ගරු මැද්දේවිල පියතිස්ස ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් පසු ගරු මකුල්ඇල්ලේ නන්දසිරි ස්වාමින් වහන්සේගේ මහත් කැපවීම මත විහාරස්ථානය අද දියුණුවට පත් කර ඇත. මුලදී ආවාසගෙය පමණක් තිබුනද අද බුදුගේ, බෝධිය, දාගැබ, බණ ශාලාව, සංඝාවාසය ආදී අංගයන්ගෙන් සමන්විත විහාරස්ථානයකී.


පොහෝ දින වැඩ සටහන්, ඉරු දින දහම් පාසැල සහ සෑම සෙනසුරාදා දිනයකම පැවැත්වෙන බෝධි පුජා පිංකම සිදුවන්නේ ගරු මකුල්ඇල්ලේ නන්දසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනී. පොහෝය දිනයේදී සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙනුවෙන් කුඩාවට හෝ ධර්ම පුස්තකාලයක්ද පවත්වා ගෙන එනු ලැබේ.


ගරු මැද්දේවිල පියතිස්ස
 ස්වාමින් වහන්සේ
2007 වර්ෂයේදි චෛත්‍යයේ වැඩ කටයුතු ආරම්භ කර 2010 වර්ෂයේදී කොත නිරාවරණ කල අතර, ධර්මශාලාව එගොඩගම ග්‍රාම වාසින්ගේ සහභාගිත්වය සහ විදේශ රටක පදිංචි මහත්මයෙකුගේ ආධාර ඇතිව අළුත්වැඩියා කර ඇත.

එසේම අද ශ්‍රී සුමනාශ්‍රමයේ වැදුම් පිදුම් කරනු ලබන බෝධිය: හත්තෑව දශකය වන තුරුම මෙම ප්‍රදේශයට ගමනා ගමන පහසුකම් නොතිබුණු අවධියක; මෙම ප්‍රදේශයේ ගල්ඇක්ක නමින් ප්‍රසිද්ධ වු බදුල්ල දුම්රිය මාර්ගයේ ඇති දුම්රිය පාලම ආසන්නයේ තිබු අලංකාරවුත් ගාම්භිරවුත් බෝධියකින් ලබා ගත් ශාඛාවක් මෙම ස්ථානයේ රෝපණය කෙරිනි. එහෙත්, විහාරස්ථාන‍ භූමිය සදහා තිබුණු එකම මාර්ගය මෙම බෝධිය පැලැය ආසන්නයේ වු බැවින්. එම බෝධි පැලැය ගලවා විහාරස්ථානයේ වෙනත් ස්ථානයක රෝපණය කරන ලදී. එහෙත් කාලයාගේ ඇවෑමෙන් විහාරස්ථාන භෑමියට මාර්ග පහසුකම් සැලසුන අවස්ථාවක එම බෝධියට අනතුරු සිදුවිය. එහෙත්, අරුමයකි, අර මුලින්ම රෝපණය කරන ලද බෝධියේ ඉතිරිවු කොටසකින් අංකුරයක් හටගෙන තිබිනි. එම බෝධි අංකැරය වටා බෝධි ප්‍රකාරයක් ඉදි කර බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සදහා අවස්ථාව සලසා ඇත.

සාමනේර හිමියන් දෙදෙනෙක්
ගරු මකුල්ඇල්ලේ නන්දසිරි ස්වාමින් වහන්සේ බණ්ඩාරවෙල දකුණු කැබිල්ලේවෙල ශ්‍රී සුධර්මෝදය පිරිවෙනින් මුලික අධ්‍යපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධියක් ලබා වර්ථමානයේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පාඨශාලා ආචාර්ය වරයෙකු වශයෙන් සේවය කරන්නේය.

ගරු මකුල්ඇල්ලේ නන්දසිරි
 ස්වාමින් වහන්සේ
විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී සුමනාශ්‍රමය,
එගොඩගම,
බණ්ඩාරවෙල.

දුරකතනය: 057 2223617

No comments:

Post a Comment