Monday 15 October 2012

Malpotha Ancient Boo Tree - Mirahawatte

මල්පොත පුරාණ බෝධිය - මිරහාවත්ත
 (රන්පොත බෝධිය)

බණ්ඩාරවෙල-වැලිමඩ මාර්ගයේ, බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ගමන් කරද්දී මිරහාවත්ත නම් ස්ථානයෙන් වමට ඇති මල්පොත මාර්ගයේ කිලෝමීටර් 4 ක් පමණ ගමන් කිරිමෙන් පසු මෙම ස්ථානයට ලගාවිය හැක. දැනට දැන ගන්නට ඇති තොරතුරු
බෝධියේ 1988 දී ගන්නා
 ලද ඡායාරූපයක්
 අනුව මෙම බෝධිය දේවානම්පියතිස්ස රාජ්‍යයය සම‍ය දක්වාම පැරණි යැයි කියැවෙන අතර, පුරාණයේදී මෙම ස්ථානය ආසන්නයේ වුයේ යැයි සැලකෙන පුරාණ මාර්ගය දිගේ මෙම බෝධින් වහන්සේ වඩම්මවාගෙන පැමිණිමේදී, බෝධින් වහන්සේ රැගෙන ආවවුන්ගේ වීඩාව සන්සිදුවා ගැනීම පිණිස බෝධිය පසෙකින් තබා ඇත.


මල්පොත පුරාණ
 බෝධිය
  
 පසුව නැවත බෝධිය රැගෙන යාමට උත්සාහ දරද්දී එය නොහැකිවිය. එම නිසා එම පිරිස එම බෝධිය මෙහිම රෝපණය කර නැවත ගොස් රජුට ඒ බව දැන්වීය.
ඉන් අනතුරුව රජු විසින් ඒ සදහා ගම්වර පුජා කල බවද පොත පතෙහි සදහන්ය. 
එසේම බෝධින් වහන්සේ වටා ප්‍රාකාර තුනක් තිබුනේ යැයිද පැවසෙන අතර දැනට ඉතා හොදින් ප්‍රාකාර දෙකක් දැකගත හැක.

මල්පොත පුරාණ
 බෝධිය
  

ඡායාරූප ගන්නා ලද්දේ 2012.10.05 දින
ප්‍රාකාර දෙක

පහන් ගලක්

No comments:

Post a Comment