Wednesday 24 October 2012

Dambavinna Poorana Viharaya - Welimada

දඹවින්න පුරාණ විහාරය - වැලිමඩ

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, දඹවින්න ග්‍රාම නිළධාරි වසමේ මෙම විහාරස්ථානය පිහිටා ඇති අතර වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගය ආසන්නයේම පිහිටා ඇත.

පැරණි බුදු මැදුරේ
ඇති පිළිම වහන්සේ
විහාරස්ථානයට පියිසෙන ප්‍රධාන පිවිසුම් ගේට්ටුව දෙපස ඇත් කැටයම් සහිත පවුරකී. විහාරස්ථානයේ වම් අත පැත්තේ ඇත්තේ ඉතා පුරාණ ලැගුම් ගෙයයි.

මෙම දඹවින්න පුරාණ විහාරස්ථානයේ දාගැබ සහිත විහාර ගෙය 1665 දී ඌව වෙල්ලස්ස දිශාපති ලොකු බණ්ඩාර දඹවින්න මහ නිළමේ තුමා විසින් කරවා ඇති බව සදහන්ය. (2012 වර්ෂය වන විට මෙම විහාරස්ථානයට වසර 327 පමණ ඉතිහාසයක් ඇත.)

ලොකු බණ්ඩා
 දඹවින්න
 මහා නිළමේ
පැරණි බුදු මැදුර සහ නව බුදු මැදුර වශයෙන් බුදු මැදුරු දෙකකී. මෙහි පැරණි බුදු මැදුරේ ඇත්තේ ලොකඩ බුදු පිළිමයක් බව ගරු තිරාණගම රතනසාර හිමියන්ගේ දර්ශන සියය පොතේ (121 පිටුවේ) සදහන්ය. පැරණි බුදු මැදුරට ඇතුළු වන ද්වාරයට උඩින් මකර තොරණකී. බුදු පිළිමයට ආසන්නයේ ඉදිරියෙන් දේව ප්‍රතිමා දෙකකී.


නව බුදු මැදුරේ විශාල ප්‍රමාණයේ හිදි බුදු පිළිමයකී.


චෛත්‍යය, බෝධිය, සීමා මාලකය ද මෙම විහාරස්ථානයේ ඇති අතර පවුරකින් වටවී තිබු බවට කියැවේ. එසේම මෙම විහාරස්ථානයේ ඇති ගොඩනැගිල්ලක "ශ්‍රී සරණංකර පුස්තකාලය" නම් පුස්තකාලයක්ද පවත්වා ගෙන යනු ලැබේ. එසේම "ශක වර්ෂ එක්වාද(හස්) එක්සිය විසි හතරට පැමිණි මෙම වර්ෂයහි පොසොම් මස අවසතවක් නම් තිථිය ලත් බුද දින මෙදවශ ගොම් බැදේදෙ දිශා මහත්මීන් තනවාපු මිනි ගෙඩිය" යැයි මෙම විහාරස්ථානයේ ඇති ඝණ්ඨාරයේ සදහන්ය. දැනට ඇති පැරණිම ( ක්‍රී:ව: 1205 ජුනි) ඝණ්ඨාරය මෙයද විය හැක.


බිතු සිතුවම්

මකර තොරණ

නව බුදු මැදුර

චෛත්‍යය

නව බුදු මැදුරේ
ඇති ප්‍රතිමාව

ඉන්ඩ මම දොර
අරින්නම්

චෛත්‍යය

බෝධිය

ගල් කණුවක්

ගල් පහනක්

ඝණ්ඨාරය

තොරණ සහ පැරණි බුදු මැදුර

පුස්තකාලය

පැරණි සංඝාවාසය

ඡායාරූප ගන්නා ලද්දේ 2012.10.12 දින

විහාරස්ථානයේ ලිපිනය:
දඹවින්න පුරාණ විහාරස්ථානය,
දඹවින්න,
දිවිතොටවෙල,
වැලිමඩ.














No comments:

Post a Comment