Saturday 13 October 2012

Yahalamadiitta Poorana Viharaya - Ella

යහලමඩිත්ත පුරාණ විහාරය - ඇල්ල

යහලමඩිත්ත පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. ඇල්ල නගරයට කුඹල්වෙල දෙස සිට පැමිණිමේදී හමුවන බිංගය ආසන්නයට පැමිණි විට වම් අත පැත්තට ඇති මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය විට, දකුණු අත පැත්තට යහලමඩිත්ත පුරාණ විහාරය නාමපුවරුව ඇති මාර්ගයේ කිලෝමීටර් භාගයකී.


මෙම විහාරස්ථානය ශ්‍රී ජයවර්ධනපුර යුගයට අයත් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (ක්‍රි: ව: 1747 - 1780) කාලයේදී ඇති වුවක් ලෙසට විශ්වාස කෙරේ.  එසේම මහනුවර අස්ගිරි විහාරස්ථානයේ ඒ සමයේ වැඩ වාසය කරන ලද ස්වාමින් වහන්සේ නමක් යම් කිසි සිත් තැවුලක් නිසා ඌවේ හල්පේ නම් ගමේ ආරාමයක වැඩ විසුවේය. රජුගේ මේ හිතවත් භික්ෂුන් වහන්සේ ගැන තොරතුරු සෙවීමේදී එම භික්ෂුන් වහන්සේ ඌවේ හල්පේ, යහලමඩිත්ත නම් ගමේ වැඩ වාසය කැන බව දැන ගැනීමෙන් පසු රජු මෙහි පැමිණි අවස්ථාවක, ගම්බිම් පුදා පිරිත් පොත් වහන්සේ ඇතුළු වටිනා පිරිකර රාශියක් එම හිමි නමට රජු විසින් ත්‍යාග වශයෙන් එවීය.


ශ්‍රී මහා බෝ පරපුරේ බෝධින් වහන්සේ නමක් මෙම විහාරස්ථානයේ ඇතැයි පැවසේ.

මෙම ලිපිය ලියන ලද්දේ පොත් පත් ඇසුරෙනි. (2012 ඕක්තෝබර් මස 13 දින ඇල්ල යහලමඩිත්ත පුරාණ විහාරස්ථානයට මා මේ ලිපිය ලිවිම සදහා තොරතුරු ලබා ගැනීමට ගියත්, එහි වැඩ වාසය කරන ස්වාමින් වහන්සේ ඡායාරුප ගැනීම හෝ විස්තර සැපයිම ප්‍රතික්ෂේප කරනු ලැබු නිසා, ඡායාරුප හෝ වෙනත් තොරතුරු සැපයීම අපහසු උනා.)


විහාරස්ථානයේ ලිපිනය සහ දුරකතන අංකය
යහලමඩිත්ත පුරාණ විහාරස්ථානය,
යහලමඩිත්ත,
ඇල්ල.
දුරකතනය: 057 2228791


No comments:

Post a Comment