Friday 29 March 2013

කනබිසවාරාම රජ මහා විහාරය - වැල්ලවාය

කනබිසවාරාම රජ මහා විහාරස්ථානය, ඌව පලාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍යට අයත් ඉපැරණි විහාරස්ථානයකී. මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයේ, මුල් කාලයයේ ගොඩ නංවා ඇති විහාරස්ථානයකී. විහාරස්ථානයේ ඉපැරණිභාවය පෙන්නුම් කරන අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් කැටයම් කලාව ලංකාවේ ප්‍රචලිතවීමට ප්‍රථම නිර්මාණය කරන ලද සදකඩ පහනකී. විහාරස්ථාන භූමිය පුරාම පුරාවිද්‍යා ස්මාරක සහ නටඹුන් රාශියකී. විහාරස්ථානයට ඉදිරියෙන් ඇත්තේ හදපානාගල වැවයි. පසුගිය වකවානුවකදී වැවේ වැව් බැම්ම කැඩි බිදි යාම නිසා එකවරම ගලා ගිය ජලය නිසා විහාරස්ථානයේ ඇති නටඹුන් සදහා විශාල හානියක් සිදුවී තිබේ. විහාරස්ථානය ඉදිරියෙන් ඇති ගල් තලාවක කටාරම් කොටන ලද ගල් ගුහා කිහිපයකී. පඩිපෙලක් සහ ගල මුදුනේ කුඩා පොකුණු ද කිහිපයකී.

විහරස්ථානයේ වර්ථමාන දියුණුව විහාරාධිපති ගරු පුජ්‍ය මත්තමගොඩ ධීරානන්ද හිමියන්ගේ මගපෙන්වීම යටතේ සිදුවේ. විහාරස්ථානයේ ඉන්දියාවේ ආනන්ද බෝධියේ අංකුරයක් සිටුවා ඇත.


අනුරාධපුර මුල් යුගයට අයත්
සදකඩ පහණ


ගරා වැටි ඇති චෛත්‍යය

බිතු සිතුවම්

ගල් ගුහාවක්

තවත් ගල් ගුහාවක්

ගල මුදුණේ ඇති පඩි පෙල

තවත් ගල් ගුහාවක්

ගල මුදුණ

ගල මුදුණේ ඇති කුඩා පොකුණක්

ගල මුදුණේ ඇති තවත් කුඩා පොකුණක්
දකුණු අත පැත්තේ පෙනෙන්නේ
හදපානා ගල ජලාශයයි

කොරවක් ගලක්

ගල මුදුණේ ඇති තවත් කුඩා පොකුණක්

ගරා වැටි ඇති චෛත්‍යයේ
යුප කණුව

ගරා වැටි ඇති චෛත්‍යය

ගල් කණු

ගල් කණු

විහාරස්ථානයේ නටඹුන්වු පවුර

ආනන්ද බෝධි අංකුරය


ගරු පුජ්‍ය මත්තමගොඩ ධීරානන්ද හිමියන්

මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස වැල්ලවාය-තණමල්විල මාර්ගයේ (A-2)මාර්ගයේ පැමිණ හදපානාගල හන්දියෙන්, හදපානාගල ජලාශය මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ යා යුතුයි.

විහාරස්ථානයේ ලිපිනය:
කනබිසවාරාම රජ මහා විහාරස්ථානය,
හදපානාගල,
වැල්ලවාය.
දුරකතන අංකය: 055 3590322

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

5 comments:

  1. කනබිසවාරාම කියන නම ඇවිත් තියෙන්නේ මොකක් නිසාද ??

    ReplyDelete
  2. අන්දවු බිසවක් විසින් සග සතු කොට පුජා කර ඇති බැවිනි.

    ReplyDelete
  3. දුටුගැමුණු රජතුමාගේ නංගී වු අන්ද බිසවක් ගැනත්, කාකවන්න තිස්ස රජතුමාගේ අන්ද බිසවක් ගැනත් කියැවෙන නිසා ඉදිරියේදී නිවාරදි බිසව කවුද යන්න දන්වන්නම්.

    ReplyDelete