Tuesday 12 March 2013

ශ්‍රී සුමනාරාමය - කිතල්ඇල්ල - ඇල්ල

 ශ්‍රී සුමනාරාම විහාරස්ථානය ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කිතල්ඇල්ල ග්‍රාම නිළධාරි වසමේ නිස්කලංක පරිසරයක පිහිටා ඇති විහාරස්ථානයකී.



ඇල්ල නගරයේ සිට කුඹල්වෙල දෙසට පැමිණිමේදී වම් අත පැත්තට එනම් බණ්ඩාරවෙල දෙසට දිව යන කාපට් මාර්ගයේ කිලෝමීටරයක් පැමිණි තැන හමු වන පංසල හංදියෙන් කිලෝමීටර් 1/2 ක් පමණ පැමිණිමේදී මෙම ශ්‍රී සුමනාරාම විහාරස්ථානය හමුවේ.

විහාරස්ථාන භූමියට පැමිණ සිටගත් විට එක් පැත්තකින් දර්ශණිය කුඩා ශ්‍රී පාද කන්දත්,අනෙක් පසින් රාවණාඇල්ල දිය ඇල්ලත්, ඇල්ලේ ගලත් දර්ශණය වන දර්ශණිය ස්ථානයක මෙම විහාරස්ථානය පිහිටා ඇත.

 දැනට මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරු පුජ්‍ය ඕමාරේ නන්දාලෝක ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම යටතේ විහාරස්ථානයේ දියුණුව වර්ධනය වෙම්න් පවතී. දැනට (2013 - මාර්තු) විහාරස්ථානයේ සියළුම අංග නවීකරණය වෙමින් පවතී.

සෑම වර්ෂයකම මෙම විහාරස්ථානයේ මිහිදු පෙරහැර වාර්ෂිකව උත්සවාකාරයෙන් වීදි සංචාරය කරයි.























ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.11 දිනයි.
(ඡායාරූප ගන්නා අවස්ථාවේදී විහාරස්ථානයේ අංග නවීකරණය වෙම්න් පැවැතියේය)


No comments:

Post a Comment