Sunday 31 March 2013

කිංකිණි රජමහා විහාරය - වැල්ලවාය

කිංකිණි රජමහා විහාරය පිහිටා ඇත්තේ, ඌව පලාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, වැල්ලවාය-තණමල්විල (A-2) මාර්ගයේ කිලෝමීටර් 312 කණුව ඉදිරිපිටයි.

නටඹුන් වු දාගැබ

ඉපැරණි විහාරස්ථානයකී. පැරණි නටඹුන් අභිනව පිරිවෙන් විහාරස්ථානයට පිටුපසින් පිහිටා ඇත. නටඹුන්වු සෑය, ටැම්පිට විහාරස්ථානයක ගල් කණු දක්නට ලැබෙන අතර, පාදෝණියක් - පා සෝදා ගැනීම සදහා ගලින් නිර්මාණය කර ඇති බදුනක් වැනි ගල් උපකරණයක් නටඹුන් වු සෑය අසල දක්නට ලැබේ. නටඹුන් වු සෑය සෑමළු තුනකින් වටවී ඇත.

ටැම්පිට විහාරස්ථානයක ගල් කණු 

විහාරස්ථාන භූමියේ පිහිටා ඇති පත්තිනිගල දේවාලය විහාරස්ථානයට ඉදිරියෙන් A-2 මාර්ගයට ආසන්නව පිහිටා ඇත. කිංකිණි රජ මහා විහාරයේ සහ විහාරස්ථානය ආර්‍ශිතව ඇති පිරිවෙන විහාරාධිපති ගරු කේ. කෝලිත හිමියන්ගේ මග පෙන්වීම යටතේ දියුණ්වෙමින් පවතියි.

නටඹුන් වු දාගැබේ මල් ආසනය

පැරණි පිළිමයක්

නටඹුන් වු දාගැබේ මල් ආසනය

පැරණි පිළිම ගේ

පැරණි පිළිමයක්

පැරණි ගල් උපකරණයක්


පැරණි බෝධිය

විහාරස්ථානයේ ලිපිනය:
කිංකිණි රජමහා විහිරස්ථානය,
වත්ත,
වැල්ලවාය.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

1 comment:

  1. කිංකිණි නම යෙදෙන්න විශේෂ හේතුවක් එහෙම තියෙනවද ??

    ReplyDelete