Saturday 30 March 2013

කරදගොල්ල ශ්‍රී බෝධිරුක්කාරාමය - ඇල්ල


වසර 400 පමණ පැරණි බෝධිය
ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී, කරදගොල්ල ශ්‍රී බෝධිරුක්කාරාමය. ඇල්ල-වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ග්‍රාමයට පැමිණ කරදගොල්ල මං සන්දියේ ඇති අඹදණ්ඩේගම මාර්ගයේ මීටර් 500ක් පැමිණිමෙන් මෙම විහාරස්ථානයට පැමිණිය හැක. 

වසර 400 පමණ පැරණි බෝධිය
 අභිනවයෙන් ඉදිකරගෙන යනු ලබන ගොඩනැගිලි සහිත විහාරස්ථානයක් වුවත්, ඉපැරණි ගල් කණු විහාරස්ථාන‍ භූමියෙහි සෑම තැනම විසිරි පවතී. දැනට වසර 400 පමණ පැරණි බෝධිය මුල් කැගෙන විහාරස්ථානය පවත්වා ගෙන යනු ලැබේ. අභිනව ගොඩනැගිලි ඉදි කිරිමට ප්‍රථම විහාරස්ථානයේ කුඩා පොකුණක්ද වු බව පැවසේ. විහාරස්ථානයේ වර්ථමාන දියුණුව ගරු මාලාගාකන්ද ශීලරතන හිමියන්ගේ මගපෙන්වීම යටතේ සැදුවේ.
කුඩා චෛත්‍යයක්

විහාර ගේ

බුදු පිළිම වහන්සේ

බිතු සිතුවම්

බිතු සිතුවම්

ලී කැටයමක්


ගල් කණු

ගල් කණු

ගල් කණු

පැරණි ධර්ම ශාලාව

අළුතින් ඉදි වන ධර්ම ශාලාව

ගරු මාලාගාකන්ද ශීලරතන හිමියන්

විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,
ඌව කරදගොල්ල,
ඇල්ල.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

2 comments:

  1. පන්සලේ ඉතිහාසය ගැන මොකුත් විස්තරයක් නැද්ද ??

    ReplyDelete
    Replies
    1. මෙම විහාරස්ථානය ගැන ඉතිහාස ගත තොරතුරු සොයා ගැනීම අපහසුයි.

      Delete