Sunday 7 July 2013

ශ්‍රී නාගරුක්ඛාරාමය - ඇල්ල

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත්, ගොටුවෙල නම් ග්‍රාමයේ පිහිටා ඇති විහාරස්ථානයකී, ශ්‍රී නාගරුක්ඛාරාමය.

වසර 200 කට වඩා පැරණි නා ගසක් සහ බෝධියක් මුල් කර ගෙන මෙම විහාරස්ථානය 1945 දී පමණ ගරු බැද්දේගම විමලසාර ස්ථවීරයන් විසින් වරිච්චි ගසා සාදන ලද සංඝාවාසයකින් ආරම්භ කෙරිනි.  

එසේම 1935 ට කෙටි කාලයකට පෙර  මෙම ස්ථානයේ "ගමරාළ හාමුදුරුවෝ" නමින් ගම්මුන් විසින් හදුන්වනු ලද ස්වාමින් වහන්සේ නමක් අතු පැලක වැඩ වාසය කර ඇත.

අද (2013 වර්ෂය) ගරු රිල්පොල විමලකිත්ති හිමියන් විහාරස්ථානයේ කටයුතු භාරව සිටින අතර, එම හිමියන් සීතාවක ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ඉගෙනුම ලබා දැනට  පුහුණු ගුරුවරයෙකු වශයෙන් සේවය කරනු ලබයි. 

මෙම විහාරස්ථානය උඩරට අමරපුර මහා නිකායට අයත් විහාරස්ථානයකී.

විහාරස්ථානයේ ලිපිනය
ශ්‍රී නාගරුක්ඛාරාමය,
ගොටුවෙල
ඇල්ල.

දුරකතන අංකය: 055 5610174


පස්වග තවුසන්

සිද්ධාර්ථ තාපසයා දුෂ්කරක්‍රියා කිරිම

නා ගස සහ බෝධිය

 ගරු රිල්පොල විමලකිත්ති හිමියන්


No comments:

Post a Comment