Monday 17 June 2013

ශ්‍රී සම්බෝධි විවේකාශ්‍රමය - දියතලාව

විහාරස්ථානයට පිවි‍සෙන තැන ඇති තොරණ
ශ්‍රී සම්බෝධි විවේකාශ්‍රමය පිහිටා ඇත්තේ හපුතලේ  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍යට අයත් දියතලාව, ගල් කන්ද නම් ග්‍රාමයේය.  දියතලාව නගරයේ සිට හපුතලේ මාර්ගයේ කිලෝමීටර් 1/2 ක් පමණ ගිය විට හමු වන ගල් කන්ද හන්දියේ සිට මීටර් 100-150 ක් ගිය විට මෙම විහාරස්ථානයට ලගා විය හැක.
විහාරස්ථානයට පිවි‍සිමට ඇති පඩි පෙල

මෙම විහාරස්ථානය, ගල් කන්ද ගම්වාසින් විසින් 2000 වර්ෂයේදී ගරු පැල්වත්තේ බුද්ධවංශ හිමියන් වෙත, කුඩා ආවාස ගෙයක් සාදා තම ග්‍රාම වාසින්ගේ ආගමික කටයුතු ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සදහා පුජා කර ඇත.  දියතලාව ගල් කන්ද ග්‍රාමය සර්ව ආගමීක ගම්මානයකි.

විහාරස්ථාන භූමිය
ගරු පැල්වත්තේ බුද්ධවංශ හිමියන්ට හදිසියේම පොතුවිල්, පානම, කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩකටයුතු භාරව යාමට සිදුවිය. එම අඩුව මකාලීම පිනිස ගරු පානම ආනන්ද හිමියන් මෙම විහාරස්ථානය භාරව පැමිණියේය.

ගල් දෙබොක්කාව
මෙම විහාරස්ථානයට යන්නෙකුට පැරණි රජ දවස ඉදි කරන ලද විහාරස්ථානයක් සිහි ගැන්වෙයි. ගල් සහිත පර්වතයක එක් පැත්තක් පුරාවටම කුටි, ධර්ම ශාලාව, බුදු මැදුර, බුදු පිළිම ආදිය නිර්මාණය කර ඇත.

විහාරස්ථානයට ප්‍රවිශ්ඨ වීම සදහා පඩි පෙලක් නැගිය යුතු අතර ඉන් අනතුරුව ගල් දෙබොක්කාවක් තුලින් යා යුතුයි.

විහාරස්ථාන භුමියෙහි දහඅට රියන් උස බුද්ධ ප්‍රතිමාවකී.

ගල් දෙබොක්කාව
විහාරස්ථාන භුමියේ අට විසි බෝධින් (බෝධින් 28) වහන්සේලා රෝපණය කර ඇත.

දැනට මෙම විහාරස්ථානයේ නේවාසික භික්ෂුන් වහන්සේ සතර නමකී.


.විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී සම්බෝධි විවේකාශ්‍රමය
ගල්කන්ද
දියතලාව.

දුරකතන අංකය:
057 2229432

ඡායාරූප ගන්නා ලද්දේ 2013.06.16 දිනයි

ගල්ලෙන් කුටියක පිටත

ගල්ලෙන් කුටියක ඇතුලත

බෝධිය

දහඅට රියන් උස බුද්ධ ප්‍රතිමාව

දහඅට රියන් උස බුද්ධ ප්‍රතිමාව

දහඅට රියන් උස බුද්ධ ප්‍රතිමාව

කුටියක්

ඉදිවෙමින් පවතින ධර්ම ශාලාව

විහාරස්ථාන භූමිය

කුටියක්
ශ්‍රී සම්බෝධි විවේකාශ්‍රමයේ ගුවන් ඡායාරූපයක්
අනුග්‍රහය - Google Earth


No comments:

Post a Comment