Monday 22 July 2013

වේළුගාම කිරි වෙහෙර රජ මහා විහාරය - කන්දකැටිය

මෙම විහාරස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ, කන්දකැටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී.  මෙම විහාරස්ථානය යොදුන් සෑයක් වශයෙන් හදුන්වනු ලබන අතර මහියංගනය චෛත්‍යයේ සිට මෙම ස්ථානයටත්, බදුල්ල මුතියංගනයේ සිට මෙම ස්ථානයට ඇත්තේද එකම දුර බව පැවසේ. එසේම මෙම විහාරස්ථානය; කිරිවෙහෙර වේළුගාම කිරිවෙහෙර , සහ කන්ද කැටිය කිරි වෙහෙර යන නම් වලින්ද හදුන්වනු ලැබේ.


පැරණි ද්වාරයක නටඹුන්
නටඹුන්ව තිබි 1870 දී පමණ ගරු පොල්වත්තේ ශ්‍රී සුනන්ද හිමියන්ගේ මග පෙන්වීම යටතේ අලුත් වැඩියා කොට තිබේ. ටැම්පිට විහාරයක නටඹුන් දක්නට ලැබෙන අතර දෙතිස් ඵලරුහ බෝධින් වහන්සේ නමක් යැයි හදුන්වන බෝධින් වහන්සේ නමක්ද මෙම විහාරස්ථානයේ ඇත. 

"කිවුලේ ගෙදර දේවාලය" නම්න් දේවාලයක්ද මෙහි දක්නට ලැබේ. එසේම නටඹුන්වු ශිලා ලිපි කිහිපයක්, පා දොණියක් සහ පැරණි ධාතු මන්දීරය තිබු පාදම මත ගොඩ නගන ලද පුරාණ ධාතු මන්දීරයද වේ.

"ශ්‍රී ධර්මාලෝක පිරිවෙන" නම්න් පිරිවෙනක් මෙම විහාරස්ථානය අනුබද්ධිතව ඇත. ඌව අමරපුර නිකායට අයත් විහාරස්ථානයකි.

2002.11.22 දින අංක 1264 දරණ ශ්‍රී ලංකා රජයේ ගැසට් පත්‍රය මගින් කන්දකැටිය, පල්ලෙවෙල ග්‍රාම සේවා වසමේ ඇති කිරිවෙහෙර රජ මහා විහාරස්ථාන භූමියේ ඇති,  කිරි වෙහෙර පැරණි දාගැබ ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ,  පුරා විද්‍යා ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.09.09 දිනයි.

පරණි කිරිවෙහෙර චෛත්‍යය

ගල් පිහිල්ලක්

බෝධින් වහන්සේ නමක්

පැරණි බුදු මැදුර

බුදු පිළිම වහන්සේ

මෙහි ඇති ප්‍රතිමාවක්

සැතපෙන පිළිම වහන්සේ

බිතු සිතුවම්

බිතු සිතුවම් සහ මුර්ති

 තවත් බෝධින් වහන්සේ නමක්

තවත් බෝධින් වහන්සේ නමක්

පැරණි කිරිවෙහෙර චෛත්‍යය

පැරණි මල් ආසනයක්

පැරණි ධාතු මන්දීරය

කිවුලේ ගෙදර දේවාලය

පැරණි කිරිවෙහෙර චෛත්‍යය

තොරණ


පැරණි කිරිවෙහෙර චෛත්‍යය

No comments:

Post a Comment