Saturday 13 July 2013

ශ්‍රී බෝධිරාජාරාමය - තල්දෙන

බදුල්ල දිස්ත්‍රික්කයේ , මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී.

චෛත්‍යය
 1926 වර්ෂයේදී පමණ ගරු කළුකදුරේ සරණපාල නම් භික්ෂුන් වහන්සේ විසින් මෙම විහාරස්ථානය ආරම්භ කර ඇත. වර්ථමානයේ දී විහාරස්ථානය ආශ්‍රිතව "සමනේර භික්ෂු අධ්‍යාපන ආයතනය" ක්ද පවතින අතර එහි කුඩා සාමනේරයන් වහන්සේලා නේවාසිකව ඉගෙනුම 

බුදු පිළිම වහන්සේ
ලබති. මෙම විහාරස්ථානය, මීගහකිවුල-බදුල්ල මාර්ගය ආසන්නයේම පිහිටා ඇත. මෙම විහාරස්ථානය උඩරට අමරපුර නිකායට අයත් විහාරස්ථානයකී.

වර්තමානයේ,මෙම විහාරස්ථානයේ ගරු තල්දෙන ධම්මවංස හිමියන් අධිපති ධුරය දරන අතර, ඒ හිමියන් මෙම විහාරස්ථානයේ ඇති සාමනේර භික්ෂු ආයතනය භාරව ක්‍රියා කරන අතර, කුඩා දරුවන් වෙනුවෙන් විශාල ධර්ම ග්‍රන්ථ ගනනාවක්ම රචනා කර ඇති හිමි නමකී.

අභිනව බුදු මැදුරේ බිතු සිතුවම්
 දුර බැහැර සිට වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සදහා විශ්‍රාම ශාලා පහසුකම් ද මෙම විහාරස්ථානය මගින් ලබා ගත හැක.

විහාරස්ථානයේ ලිපිනය
ශ්‍රී බෝධිරාජාරාමය,
තල්දෙන.

දුරකතන අංකය: 055 3553400

අභිනව බුදු මැදුරේ බිතු සිතුවම්
 ඡායාරූප ගන්නා ලද්දේ 2013.07 10 දිනයි.
අභිනව බුදු මැදුරේ බිතු සිතුවම්

අභිනව බුදු මැදුරේ බිතු සිතුවම්



බෝධිය

බෝධිය

පැරණි බුදු මැදුර

පැරණි බුදු මැදුරේ ඇති පිළිම වහන්සේ

පැරණි බුදු මැදුරේ ඇති චිත්‍ර

පැරණි බුදු මැදුරේ ඇති පිළිම වහන්සේ

පැරණි බුදු මැදුරේ ඇති චිත්‍ර

පැරණි බුදු මැදුරේ ඇති චිත්‍ර

ගරු තල්දෙන ධම්මවංස හිමියන්

සාමනේර භික්ෂු වහන්සේලා

No comments:

Post a Comment