Friday 19 April 2013

දක්ඛිණ දාගැබ - අනුරාධපුරය

දුටුගැමුණු රජතුමාගේ දේහය ආදාහනය කල ස්ථානයේ ඉදි කරන ලද දාගැබ දක්ඛින දාගැබයි. මෙම දාගැබෙහි කරන ලද කැනිම් වලින් සොයා ගන්නා ලද භෂ්මාවශේෂ, කාලනිර්ණය මගින් දුටුගැමුණු රජතුමාගේ බව හදුනා ගෙන ඇත.

දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැම්පත් කර ඉදිකරන ලද්දේ කුඩා දාගැබකී. වලගම්බා රජුගේ ඇමැතියකු වු උත්තිය විසින් එම කුඩා දාගැබ විශාල කර දාගැබක් බදවා ඇත.

1946 දී පමණ මෙම ස්ථානයේදී සොයා ගන්නා ලද බ්‍රාශ්මිය අක්ෂරයෙන් ලියන ලද සෙල්ලිපියක "දකිණි වෙහෙර" යැයි සදහන්ව ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

2 comments: