Sunday 16 September 2012

Dowa Raja Maha Viharaya - Ella

දෝව රජ මහා විහාරය - ඇල්ල

දෝව රජ මහා විහාරස්ථානය පිහිටා ඇත්තේ ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාශයේය. බණ්ඩාරවෙල නගරයේ සිට, බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගයේ , බදුල්ල දෙසට කිලෝමීටර් 6 ක් ගිය විට මෙම විහාරස්ථානයට ලගා විය හැක.
දෝව රජ මහා විහාරස්ථානය ආසන්න‍යට පැමිණෙන අයෙකුට ප්‍රථමයෙන්ම දක්නට ලැබෙන්නේ මාර්ගය අසල ඇති බෝධියත්, දෝව අම්බලමත්ය.

ඉන් අනතුරුව සීනු හැඩය සහිත චෛත්‍ය දිස්වේ. චෛත්‍යයට මදක් ඔබ්බෙන්, දකුණු අත පැත්තේ ඇති තොරණ පසු කර ලෙන් විහාරය හා ගලෙහි කොටා ඇති පිළිමය සහ රාවණා උමගය දැක බලා ගැනීම පිණිස යායුතුවේ.
පඩිපෙල පහලට ගිය විට දකුණු අත පැත්තේ ඇත්තේ විශාල බෝධියකී. මෙම විශාල බෝධියට ඉදිරියෙන් එක් පැත්තකට වන්නට කුඩා ප්‍රමාණයේ පොකුණක් දක්නට ලැබෙන අතර, පොකුණෙහි මැද ඇති කුඩා හුණු ගල් තලාවේ ඇති එක් කවුලුවකින්, නොකඩවාම ජලය පොකුණට ගලා ගෙන එයි. මෙම පොකුණ කොපමණ ඉඩොරයක් පැමිණියත් නොසිදෙන බව ප්‍රදේශවාසාන් පවසති.


බෝධියට ඉදිරියෙන් ඇත්තේ ලෙන් විහාරයයි. ලෙන් විහාරය නාර්මාණය කර ඇත්තේ කුටි තුනක් වන ආකාරයටයි.

ප්‍රථමයෙන්ම ඇති ගල් ලෙනට ඇතුළු වන ද්වාරය දෙපස වටුක රාක්ෂයාගේ සහ කුවේර රාක්ෂයාගේ සිතුවම් ඇද ඇත. ප්‍රධාන ද්වාරයේ උළුවස්ස ගලින් නිර්මාණය කර ඇති අතර එහි 1880 වර්ෂය කොටා ඇත.


ඉන් අනතුරුව එලැබෙන ප්‍රථම ගල් ගුහා කුටීරයේ මහනුවර සම්ප්‍රදායට අයත් චිත්‍ර ඇති අතර අනෙක් කුටීර දෙකෙහි ඊට බෝහෝ කාලයකට ප්‍රථමයෙන් අදින ලද චිත්‍ර දක්නට ලැබේ.
පළමු ගල් ගුහා කුටීර‍ය පසු කර දෙවැන්නට එළබීමට ප්‍රථමයෙන් උළුවස්සට උඩ මකර තොරණ නිර්මාණය කර ඇත.

තුන් වන ගුහා කුටීරයේ ඉතා පුරාණ චිතු, මූර්ති සහ කැටයමින් පරිපෝෂිතයි. දෝව රජ මහා විහාරස්ථාන‍ය තුල යුග කිහිපයකට අයත් චිත්‍ර, සිතුවම් සහ පිළිම දක්නට ලැබේ. 

චිත්‍ර අතර ඇත්-ගොන් සටන (an elephant-bull fight) දැක්වෙන සිතුවමක්ද දක්නට ලැබේ.

එම ලෙන් කුටීරය පසු කර උමං ගුහාවට පැමිණිය හැක. මෙම උමං ගුහාව රාවණා ගුහාව ලෙසට හදුන්වනු ලැබේ. කටාරම් කොටා ඇත. එම උමගය දැනට කොන්ක්‍රිට් යොදා වසා ඇත. එම උමගයට ඉදිරියෙන් දර්ශණිය කුඩා චෛත්‍යයකී.

ලෙන් විහාර සංකීර්ණයට හා උමං ගුහාවට උඩින් වම් පැත්තේ බෑවුමෙහි හුණු ගල් මිශ්‍රිත ගලෙහි බුදුරුවක් නෙලා ඇත. එය අඩි 36 ක් 38 පමණ උස යැයි ප්‍රකාශිතයි. එහෙත් මෙම පිළිමය නෙලා අවසන් කර නොමැත. මෙම පිළිමය අනුරාධපුරයේ කැකිරාවේ ඇති අවුකන ප්‍රතිමාවට සමාන කමක්ද දක්වයි. මෙම පිලිමය නෙලිමේදී පිළිමය නෙළිම සදහා සුදුසු ස්ථානය තොරා නොගැනීම නිසා මෙම පිළිමය අවසන් කිරිමට නොහැකිවී ඇත. එසේ පිළිමයක් නෙළිමට නුසුදුසු ස්ථානයක් වු නිසා මෙම පිළිමයේ නෙළිමට හැකිවී ඇත්තේ ශිර්ෂය, අත් සහ පපු ප්‍රදේශ පමණි. අනෙක් සියලුම කොටස් පසු කාලයකදී බදාම යොදා පුරවා ඇත.

දෝව රජ මහා විහාර සංකීර්ණයේ මහනුවර යුගයට අයත් ධර්ම ශාලාවක්ද දක්නට ලැබෙන අතර දෝව රජ මහා විහාරස්ථානය වළගම්බා රජුගේ නිර්මාණයක් යැයි විශ්වාස කරන අතර මෙම සිද්ධස්ථානය නිර්මාණය කිරිමට පෙර වලගම්බා රජු සැගව සිටි ස්ථානයක් බවටත් විශ්විස කෙරේ.


1880 වර්ෂය කොටා ඇත 

මකර තොරණ





ඇත්-ගොන් සටන

රාවණා උමං ගුහාව

කුඩා චෛත්‍යය

කුඩා චෛත්‍යය











No comments:

Post a Comment