කදුරුගොඩ පුරාණ විහාරය - දියතලාව
චෛත්‍යයය |
බුදු පිළිම වහන්සේ |
බිතුසිතුවමක් |
පැරණිතම ධර්ම ශාලාව |
කදුරුගොඩ පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, දියතලාවේ විහාරකැලේ 63 F ග්‍රාම නිළධාරි කොටසේය. දියතලාව නගරයේ ඇති ඔරලෝසු කණුව ආසන්නයේ ඇති පොල පාරේ මද දුරක් ගමන් කර හපුතලේ ගම දක්වා දිව යන මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය විට මෙම විහාරස්ථානයට ලගා විය හැක. මෙම විහාරස්ථානයේ පැරණිතම ධර්ම ශාලාවක් ඇති අතර එහි විශාල ප්‍රමාණයේ ගලැ කුළුණු හතරකින් මැද වහලය දරා සිටියි. කදුරුගොඩ විහාරස්ථානයේ, චෛත්‍යය, බෝධිය, විහාර ගෙය ආදියෙන් යුක්ත වන අතර බෝධිය පිහිටා ඇත්තේ මහා මාර්ගයෙන් වම් පැත්තේ උස් ස්ථානයකයි.
කදුරුගොඩ පුරාණ විහාරස්ථානය, විහාර කැලේ විහාරය වශයෙන්ද හදුන්වනු ලබන අතර, කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය වු මාරි මියුසියස් හිගින්ස් මැතිනිය විසින් මෙම කදුරුගොඩ විහාරස්ථානය අළුත්වැඩියා කර ඇති බවට මෙම විහාරස්ථානයේ ඇති පිගන් ගඩොලක සදහන් ලිපියක් මගින් සදහන් කර ඇති අතර මෙම විහාරස්ථානය ආසන්නයේ ඇති "මියුසියස් කොටේජ්" නම් නිවසේ මාරි මියුසියස් හිගින්ස් මැතිනිය ටික කලක් ජිවත්ව තිබේ.

විහාරස්ථානයේ ලිපිනය:
කදුරුගොඩ පුරාණ විහාරස්ථානය,
විහාරකැලේ,
දියතලාව.
No comments:
Post a Comment