Thursday 6 September 2012

Sri Nigrodharama Maha Viharaya-Mahaulpotha-Bandarawela

ශ්‍රී නිග්‍රෝධාරාම මහා විහාරය
- මහල්පත - කිණිගම - බණ්ඩාරවෙල

චෛත්‍යයය

ඝණ්ඨාරය

චෛත්‍යය

බෝධිය

පිළිම ගෙය

දොලොස් මහේ පහණ

චෛත්‍යය
නුග ගස

බෝධිය

චෛත්‍යය

සීමා මාලකය

තොරණ

ශ්‍රී නිග්‍රෝධාරාම මහා විහාරස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, මහල්පත නම් ගමේය. මෙම විහාරස්ථානයට පැමිණිම පිණිස බණ්ඩාරවෙල නගරයට පැමිණ, කිණිගම සිට මහල්පතට පැමිණිය යුතුවේ. මෙම විහාරස්ථානයේ බෝධිය, චෛත්‍යය, පිළිම ගෙය, සහ සීමා මාලකය යන ස්ථාන පිහිටා ඇත්තේ මනරම් වු කදු ගැටයක් මතයි.

මහල්පත ශ්‍රී නිග්‍රෝධාරාම මහා විහාරස්ථානයේ ඉතිහාසය පිළිබදව සදහන් කර තොත්, 19 වන ශත වර්ෂයේ මුල් කාලයේ මහල්පත අවට ජිවත්වු ජනයා තමාගේ ආගමික කටයුතු සදහා හීල්ඔය පුරාණ විහාරස්ථානය වෙත යා යුතුව තිබිණ. (හීල්ඔය පුරාණ විහාරස්ථානය පිළබදව වෙනම ලිපියක් ඇත එය කියවන්න). පංසලක අවශ්‍යතාවය පිළිබදව එවකට උඩරට අමරපුර නිකායේ ප්‍රධාන සංඝනායක ධුරය දැරු විදුරුපොල රතනජෝති ස්වාමින් වහන්සේ දැනුවත් කිරිමෙන් පසු, ඒ සදහා අවශ්‍ය පරිසරය මහල්පොත නුග ගස අසල සංවිධානය විය. එසේම මහල්පොත නුග ගස අසල ඒ ආගමික කටයුතු එසේ සිද්ධ වෙද්දි 1902  ජනවාරි 12 දින අද පවතින පංසල සදහා අත්තිවාරම් දැමිණි. එදා මෙදා තුර මෙම පංසල මගින් සිදුවන ආගමික මෙහෙවර අති විශාලයි.

1940 - 1944 කාලය අතරතුරදී මෙම විහරස්ථානයේ ප්‍රාචීනෝදය නම් පිරිවෙනක් පැවැති බව පොත පතෙහි සදහන්ය.

ශ්‍රී නිග්‍රෝධාරාම මහා විහාරස්ථානයේ දුරකතන අංකය: 057 2222657

මෙතැනට පැමිණෙන ඔබට මනස්කාන්ත දසුනක් නැරඹිය හැකි අතර පොරෝ ගල නැරඹුම් ස්ථානය (www.inforinsrilanka.blogspot.com
) ඇත්තේ ද මේ ආසන්නයේමය.

No comments:

Post a Comment