Wednesday 19 September 2012

Sri Sudharmarama Poorana Viharaya - Haldumulla

ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය - හල්දුම්මුල්ල

බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හල්දුම්මුල්ල විද්‍යලය අසලට පැමිණ ඉදිරියෙන් ඇති පිටිටනියට වම් පසින් ඇති ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අසලින් ඇති තොරණ සහිත මාර්ගයේ මීටර් 150 ක් පමණ ගිය විට ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයට ලගාවිය හැක.
ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයට  පැමිණෙන්නෙකුට තම දකුණු අත පැත්තේ පෙනෙන මනරම්වු දර්ශණයෙන් තම නෙතු ඉවතට ගත නොහැකිවේ. බවුන් වඩනක්නෙකු සදහා බවුන් වැඩිම පිණිසම උචිතවු පරිසරයකී.
මෙම විහාරස්ථානය භූමියේ පිහිටිමම උපයෝගී කරගෙන ගොඩනැගිලි ඉදිකර ඇත. ඉහලම කොටසේ චෛත්‍යයත්, ඉන් අනතුරුව පුරාණ බෝධියත් පිහිටා ඇත. ඉන් පසු පහලට වන්නට විහාරගෙයත්, සංඝාරාමයත්, ධර්මශාලාව සහිත පුරාණ ඉදිකිරිම් සහිත කොටසට ලගාවිය හැකි අතර, භූමියේ පිහිටිම මත ඉදිකිරිම් සිදු කර ඇත.
විහාරස්ථානයේ පුරාණ ධර්මශාලාව කාලයාගේ ඈවෑමෙන් පැත්තක් කැඩි ගොස් ඇති අතර එය පිලිසකර කිරිම ආරම්භ කර ඇත.
විහාරගෙයි පිටත විශාල කුළුණු යොදා ගනිමින් ඉදිරිපස පිල් දෙකක් නිර්මාණය කර ඇති අතර, විහාරගෙය තුල මහනුවර යුගයේ සිතුවම් හා පිලිම දක්නට ලැබේ. අනෙක් විහාරස්ථාන හා මෙම විහාරස්ථානයේ ඇති චිත්‍ර වල ඇති විශේෂත්වය වන්නේ මෙම විහාරස්ථානයේ ලගුන 12 සහිත සිත්‍රවම් ඇද තිබිමයි. විහාර ගෙය නිර්මාණය කර ඇත්තේ පිටමාලය හා මැද මාලය වශයෙනි. මෙම විහාරස්ථානයේ මුලික අවධිය පිලිබද පැහැදිලි ඉතිහාස ගත කරැණු ගෙන හැර දැක්විම අපහසු නමුත්, වර්ෂ 200 පමණ පැරණි බව පෙනේ.
පොහොය දිනයේ ශීල, භාවනා වැඩ සටහන් පැවැත්වේ. වර්ථමානයේ ගරු පුජ්‍ය කහගොල්ලේ ආනන්ද ස්වාමින් වහන්සේ මෙම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වේ.
ලිපිනය : ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය,
               හල්දුම්මුල්ල.
දුරකතනය: 057 2050016


මහා මාර්ගය අසල
 ඇති තොරණ

විහාර ගේ වහලය දරා
 සිටින කණු

පැරණි ධර්ම ශාලාව

විහාරගේ

ඝණ්ඨාරය

විහාර ගේ

පැරණි බෝධිය

චෛත්‍යයය

රත්කරව්වේ ශ්‍රී නන්ද
හිමියන්ගේ
 භෂ්මාවශේෂ තැම්පත් කර ඇති
කුඩා චෛත්‍යයය

No comments:

Post a Comment