Wednesday 22 August 2012

Ancient Ravana Ella Temple - Ella

රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානය - ඇල්ල

රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ක්‍රික්කයේ, ඇල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේය. ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල සිට රාවණා ඇල්ල හංදියට පැමිණ එහි දකුණට ඇති මාර්ගයෙන් කිලෝ මීටර එක හමාරක් පමණ ගිය විට රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානයට ලගාවිය හැක. (ඒ අසලම කන්දේ ඇති පඩිපෙලින් ගිය විට රාවණා ඇල්ල ගුහාවට ප්‍රවේශ විය හැක.) රාවණා ඇල්ල විහාරස්ථානයේ විහාරය ගල් ලෙනක් තුල පිහිටා තිබේ. මෙම ගල් ලෙන් විහාරය වලගම්බා රජ දවස, වලගම්බා රජු විසින් ඉදි කරන ලදැයි ජනප්‍රවාදය කියයි. ලෙන් විහාරය ආවරනය පිණිස පැවති පැතලි උළු සෙවිලි කරන ලද වහලය දිරායාම නිසා දැනට කොන්ක්‍රිට් යොදා වහලයක් ලෙන ආවරණය පිණිස ඉදිකර තිබේ.

විහාර ගේ

බෝධිය

බෝධිය සහ විහාර ගේ

සදකඩ පහණක්

ඡායාරූප ගන්නා ලද්දේ 2012.08.20 දින.
















ලැගුම් ගේ
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.11 දිනයි.

රාවණාඇල්ල පුරාණ විහාරස්ථානයේ, ගල් ලෙන් විහාරය තුල ඡායාරූප ගෙන මෙම බ්ලොග් අඩවියේ පල කිරිම සදහා මා හට අවසර ලබා දෙන ලද ගරු ශ්‍රී සුමංගලාභිධාන ඌව දිසාවේ ප්‍රධාන සංඝනායක ගරු පුජ්‍ය රිල්පොල ඤණදේව ස්ථවිර (විහාරාධිපති - රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානය) සහ රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරු සුමණ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය.

Updated on 2013.03.18

No comments:

Post a Comment