Sunday 16 June 2013

ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය - බණ්ඩාරවෙල

ඉපැරණි බුදු පිළිමය
 බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඔබඩඇල්ල නම් ගමෙහි පිහිටා ඇති විහාරස්ථානයකී, ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය.

මෙම විහාරස්ථානය 1875 - 1880 යන වර්ෂයන් තුල, බ්‍රිතාන්‍ය ආණ්ඩු සමයේදී, එවකට ඔබඩඇල්ල ග්‍රාමයේ පදිංචිව සිටි බෞද්ධ උපාසක උපාසිකාවන් විසින් තම ආගමික කටයුතු සිදු කරවා ගැනීම පිණිස භික්ෂුන් වහන්සේ නමක් වඩම්මාගෙන ආවාස කුටියක් කටුමැටි වර්චිචි වලින් සදා සඝ සතු කොට පුජා කිරිමෙන් පසු ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය ආරම්භ විය.

පැරණි බිතු සිතුවමක්
 බණ්ඩාරවෙල ප්‍රදේශයේ අමරපුර නිකායට අයත් පැරණිතම පොහොය සීමාවක් පිහිටා ඇත්තේ ද මෙම විහාරස්ථානයේය.

පැරණි චිත්‍ර සම මුර්ති සහිත බුදු මැදුරක් ඇති අතර අභිනවයෙන් ඉදිවෙමින් පවතින බුදු මැදුරක් ද වේ.


පැරණි බිතු සිතුවමක්
 මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස බණ්ඩාරවෙල නගරයේ  සිට, කොළඹ පාරේ කිලෝමීටර් 1 1/2 ක් පමණ ඇල්ලතොට නම් ස්ථානයට පැමිණ, ඔබඩඇල්ල මාර්ගයේ කිලෝමීටර් 1 1/2 පමණ යායුතු අතර, විහාරස්ථානය ආසන්නයටම මාර්ග පහසුකම් ඇත.

වර්තමානයේ ගරු අබේගොඩ ප්‍රඥරතන හිමියන් විහාරධිපති ස්වාමින් වහන්සේය. මෙම ස්වාමින් වහන්සේ දැනට ඔබඩඇල්ල මහා විද්‍යාලයේ විදුහල්පති වරයාදවේ.

පැරණි බිතු සිතුවමක්

පැරණි බිතු සිතුවමක්

මකර තොරණ

ඉපැරණි බුදු පිළිමයක්

බෝධිය

පැරණි බුදු මැදුර

චෛත්‍යය

අලුතින් ඉදි වෙන බුදු මැදුර

පැරණි කැටයමක්

පැරණි පොහෝය සීමාව

ගරු අබේගොඩ ප්‍රඥරතන හිමියන්
විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය
ඔබඩඇල්ල,
බණ්ඩාරවෙල.

දුරකතන අංකය:
057 2230337


ඡායාරූප ගන්නා ලද්දේ 2013.06.16 දිනයි.

No comments:

Post a Comment