Sunday 29 July 2012

Buddhist Flag

බෞද්ධ ධජය


අනගාරික ධර්මපාල තුමා

හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා

ගරු හික්කඩුවේ සුමංගල නාහිමියන්

බෞද්ධයන් විසින් අද භාවිතයට ගැනෙන බෞද්ධ කොඩිය, ශ්‍රීලංකාවේ දී, පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්, පුජ්‍ය මිගෙත්තෙට්ටුවේ ගුණානන්ද හිමියන්,  සහ දොන් කරෝලිස් හේවාවිතාරණ (අනගාරික ධර්මපාල තුමාගේ පියා), අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන, විලියම්ද අබ්රිව්, චාල්ස් ඒ. ද සිල්වා. පීටර් ද ආබ්රිව්, එච්. විලියම් පර්නැන්ඩිනස්, එන්. එස්. ප්‍රනාන්දු සහ කරෝලිස් පුජිත ගුණවර්ධන යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන්, සහ සංවිධානත්වයෙන් බිහිවුවකී.


දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා

පීටර් අබිරිවි මහතා

පුජ්‍ය මිගෙත්තේට්ටුවේ ගුණානන්ද හිමි


බ්‍රිතන්‍යයන්ගේ පාලනය යටතේ 1885 අප්‍රෙල් 28 වන දින, වෙසක් පොහොය දිනයේ පුජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් කොළඹ, කොටහෙන දීපදුතාරාම‍යේදි බෞද්ධ කොඩියක් ලෝකයේ ප්‍රථම වරට එසවිනි.

එසේ නිර්මාණය කරන ලද බෞද්ධ කොඩිය හෙන්රි ස්ටිල් ඕල්කොට් තුමාගේ මග පෙන්විම මත නැවත සංශෝධනයකට භාජනය කරන ලදුව, 1886 වෙසක් උත්සවයේදී එම සංශෝධිත බෞද්ධ ධජය ඔසවන ලදී. ඉන් අනතුරුව අනගාරික ධර්මපාල තුමාගේ සහ ඕල්කටි තුමාගේ අනුග්‍රහය යටතේ බෞද්ධ ධජය ආසියානු බෞද්ධ රටවලටද ප්‍රචාරය කරන ලදී.

1950 දී පැවැත්වුනු ලෝක බෞද්ධ සම්මේලනයේදි මහාචාර්ය ජී.පි. ගුණපාල මැතිතුමා විසින් කරන ලද යෝජනාවකට අනුව දැනට භාවිතා වන බෞද්ධ ධජය, බෞද්ධ ධජය වශයෙන් සම්මත කර ගන්නා ලෙසට ඉල්ලීමක් කරන ලදී. එම ඉල්ලිම සම්මත විය.

බෞද්ධ කොඩියේ වර්ණ 5 කී. නිල්, කහ, රතු, සුදු සහ තැඹිලි වර්ණයයි. බුදු රැස් මලාවේ මෙම  වර්ණ 5 ඇතැයි සැලකෙන බැව්න් මෙම වර්ණ බෞද්ධ කොඩ්ය සදහා ද යොදා ගනු ලැබිනි.


නිල් වර්ණයෙන්, කරැණාව, දයාව සහ සාමය නියෝජනය කරයි.
රතු වර්ණයෙන් , ප්‍රතිපදාව හෙවත්, ප්‍රඥව ශීලය නියෝජනය කරයි.
සුදු වර්ණයෙන්, විමුක්තිය ද
තැඹිලි වර්ණයෙන් ප්‍රඥව සහ ධර්මය ද නියෝජනය කෙරේ.
එසේම බෞද්ධ කොඩියේ හරහට ඇති කුඩා එම වර්ණම කොටු පහෙන් නියෝජනය කරන්නේ ප්‍රභාෂ්වරත්වයයි.


එසේම මෙම ජාතියාන්තර බෞද්ධ කොඩියේ ඇති වර්ණයන් වෙනුවට වෙනත් වර්ණ සංකලනයෙන් යුත් බෞද්ධ කොඩ් ජපානය, ටිබෙිටය සහ බුරැමයේ දක්නට ලැබේ.

No comments:

Post a Comment